Ads 468x60px

.

වතුර බොන්න පන්සලට ගිය ශිෂ්‍යයාට හිමිනම කනට ගහලා...

අත්අඩංගුවට 
ගත්තැයි 
හිමිනමත් 
රෝහලේ

පසුගිය ඉරිදා (10 වැනිදා) හවස උපකාරක පංතියකට සහභාගි වූ ශිෂ්‍යයකුට හිමි නමක්‌ පහර දීමෙන් කන ප්‍රදේශය තුවාලවී කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති පුවතක් රඹුක්‌කන අශෝක බෝධිරාජාරාම විහාරස්‌ථානයෙන් අප වෙත වාර්තා වෙනවා.

උපකාරක පංතියට සහභාගිවූ මෙම ශිෂ්‍යයා වන්නේ පින්නවල මහා විද්‍යාලයේ දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන 17 වියෑති එම්. ආර්. ගයාන් මදුසංක ආරියරත්න නමැති උසස් පෙළ හදාරණ
ශිෂ්‍යයායි.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි. 

ගයාන් මදුසංක නමැති ශිෂ්‍යයා පන්සල අසල ඇති උපකාරක පංතියට ගොස්‌ ජලය පානය කිරීම සඳහා මෙම විහාරස්‌ථානයට ගොස්‌ තිබෙනවා. එම අවස්ථාවේ මෙම ශිෂ්‍යයාට විහාරයේ වැඩ වසන හිමිනමක්‌ විසින්
පහරදී ඇති බවට රඹුක්‌කන පොලිසියට පැමිණිලි කර තිබෙනවා

ශිෂ්‍යයා මේ වන විටත් කෑගල්ල ශික්‍ෂණ රෝහලේ 11 වැනි වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. 

එම හිමිනම රඹුක්‌කන පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව රෝගාතුරවී රඹුක්‌කන රෝහලේ පොලිස්‌ ආරක්‍ෂාව මත ප්‍රතිකාර ලබමින් සිටින බවයි තව දුරටත් වාර්තා වන්නේ.
 
Related Posts with Thumbnails