Ads 468x60px

.

කේන්දරය බලවා ගන්නට ඇවිත් ඔහුගේ බිරිඳගේ නිරුවත වීඩියෝකර ගම්මුන්ට පෙන්වන්න හදලා.


නොපෙන්වීමට 
නම් රුපියල් 
ලක්ෂ. 5ක්
ඉල්ලලා

කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර ඒවා අන්තර්ජාලයට මුදා හැරීමට හා අසල් වැසියන්ට නොපෙන්වීමට නම් රුපියල් ලක්ෂ. 5ක කප්පම් මුදලක් ඉල්ලා ඇති  පුවතක් බේරුවල කාලවිල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

එම කාන්තාවගේ සැමියා බේරුවල හා කළුතර යන ප්‍රදේශවල ප්‍රසිද්ධ ජ්‍යෙතිෂවේදියකු වන අතර කේන්දරය බලවා ගැනීමට පැමිණ ඇති පුද්ගලයා එම කාන්තාව සමඟ හිතවත් වී ඇයත් සමග අනියම්
සම්බන්ධයක් පැවත්වා ඇයගේ නිරුවත් දර්ශන ශූක්ෂම ලෙස  වීඩියෝ ගත කර ඇති බව අපට දැනගන්නට ලැබුණා.

2013 සැප්තැම්බර් මස 13 වැනි දින මෙය සිදුවී ඇති බවත් පසුව ඇගේ නිරුවත් දර්ශන පෙන්වා ඒවා අන්තර්ජාලයට හා අසල් වැසියන්ට පෙන්වන බව පවසා මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වෙනවා.


කේන්දරය බලවා ගැනීමට පැමිණ ඇති පුද්ගලයා කාන්තාවගෙන් රුපියල් ලක්ෂ 5කට අධික කප්පම් මුදලක් ලබා ගැනීමට සූදානම්ව සිටි බව හෙළිදරව් වී ඇතැයි ද පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණා.

සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණු අතර එම සැකකරු නොවැමබර් මස 11දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඊට අනුබල දුන් බව කියන කාන්තාවක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසත් කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා නියම කලා.
 
Related Posts with Thumbnails