Ads 468x60px

.

දඟකාර පබාට බොහෝ දෙනා මෝඩියක් කියලා චෝදනා කරන්නේ ඇයි..?

උපේක්ෂා ස්වර්ණමාලී යනු පබා ටෙලි නාට්‍යයෙන් සිංහල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිත්වයට පත් වූ නිළියකි.

පසුගිය මහ මැතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප විශාල සංඛ්‍යවක් ලබා ගනිමින් ඇය ජයග්‍රහනය කළාය.

නමුත් බොහෝ දෙනා ඒ කාලයේ ඇයට චෝදනා කරණ ලද්දේ මෝඩියක් ලෙසිනි.

එහෙත්……..මෙහි පලවන නිහාල් පීරිස් විසින් සංස්කරණය කරණ ලද ‛ රිද්ම ’ අතිරේඛයේ පළ වූ උපේක්ෂාගේ ඡායාරූපයෙන් පැහැදිලි වන්නේ ඇය එහිදී අත තබාගෙන ඉන්නේ ඉතා විශාල පොත් තුනක් මත බවයි. 

ඒ අනුව ඇය මේ වන විට ඉතා විශාල පොත් කියවන බුද්ධිමත් කාන්තාවකි. එබැවින් ඇය රටටම මෙන්ම ගම්පහ ජනතාවට ආඩම්බරයක් බව මනාව පැහැදිලි වෙයි. ඒ කෙසේ වෙතත් උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල
සිටින්නේ ජපානයේය. 

ඒ මේ මස 18 සිට 20 දක්වා පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ සහභාගීත්ව යෙන් ජපානයේ පවත්වන ජාත්‍යයන්තර සම්මන්ත්‍රණයකට ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙමිනි. ජනගහන හා ආයුෂ නම් වූ මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට රටවල් 35ක පාර්ලිමේන්තු නියෝජනයක් සිදුවේ.  

අපට ලැබෙන අලුත්ම ආරංචිය වන්නේ මේ වනවිට උපේක්ෂා ස්වර්ණ මාලි පෙම්වතියක් වී ඇති බවකි. ඇයගේ මෙම නව පෙම් සබඳතාවයට අදට දින කිහිපයක් ගතවී ඇත.

උපේක්ෂා මීට පෙර විවාහ වී සිටියේ චමින්ද මහේෂ් නම් ව්‍යාපාරිකයෙකු සමඟයි. නමුත් එම විවාහය දික්කසාදයකින් කෙලවර වූයේ ගුටිබැට හුව මාරුවක් උසාවිය දක්වා දුරදිග යෑම නිසයි.

අනතුරුව සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයේ කළ රංගනයකදී එහි උපේක්ෂාගේ පෙම්වතා ලෙස රඟපෑ කි‍්‍රකට් ක‍්‍රීඩකයෙක්, රංගන ශිල්පියෙක් හා නර්තන ශිල්පියෙකු වන අකලංක ගනේගම සමඟ සැබෑ ජීවිතයේදී ද සබඳතාව යක් තිබෙන බවට රාවයක් පැවතුණි.

නමුත් උපේක්ෂා අකලංකගෙන් ඈත්වූයේ අකලංක වෙනත් තරුණියක හා විවාහ වීමට තීරණය කිරීම නිසයි.

"රංගනයට ආධුනික වුනත් අකලංක හොඳ පෙම්වතෙක් වුණා" යනුවෙන් එකල උපේක්ෂා පවසද්දී අකලංක පැවසුවේ "සමහර දර්ශන වලදී මම රඟපානවද කියලත් අමතක වුණා" යනුවෙනි. මහේෂ්ගෙනුත්, අකලංක ගෙනුත් ඈත්වීමෙන් පසු උපේක්ෂා පුවත්පතකට පවසා තිබුණේ,

"ආදරය හා රැකවරණය දෙන කෙනෙක් ළංකර ගත්තා නම් හොඳයි කියලා වෙලාවට හිතෙනවා. ඒත් තවත් සමහර වෙලාවට විවාහය ගැන හිතද්දි ලොකු කලකිරීමක් හිතට එනවා. දැනට මං ඉන්නේ ඔය සිතුවිලි අතර දෝලනය වෙමිනුයි. මේ හිත හැදිලා විවාහ විය යුතුයි කියා හිතු ණොත් සුදුසු කෙනෙකු ලැබුණොත් මමත් විවාහ වේවි" යනුවෙනි.

තවත් වරෙක ඇය පවසා තිබුනේ

"මම පසුගිය වකවානුව තුළ විවාහ වුනේ බෞද්ධ කෙනෙක් එක්ක. මගේ අම්මා මුලින් මෙම විවාහයට විරුද්ධ වුණා මම කතෝලික පසුබිමක හැදුණු නිසා. මගේ කසාද ජීවිතේ ගැටුම් වලට ආගමත් ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මම ආයෙමත් විවාහ වෙනවා නම් විවාහ වෙනේ කතෝලික හෝ කිතුණු දහම අදහන කෙනෙකු සමඟයි" යනුවෙනි

කෙසේ වෙතත් ඇය විසින් තම නිල ෆේස්බුක් ගිණුමේ තමන් පෙම් වතියක් බව සඳහන් කර තිබෙන නමුත් ඔහු කවරෙකුද යන්න තවමත් හෙළිකර නැහැ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි රංගන ශිල්පිනි යක, නර්තන ශිල්පිනියක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් කතාබහට ලක්වූ අතර දැන් ඇය ගායන ශිල්පිනියක වී තිබෙන බවද අප වෙත වාර්තා වෙනවා.

පසුගිය කාලය පුරාවට සංගීත වේදිකා වල අන් ඇයගේ ගීත ගායනා කල අතර පසුගියදා ඇය විසින් ඇයගේම ගීතයක් නිකුත් කරනු ලැබුවා.

මලිත් ගේ "මතක මන්දිර" ගීතයේ වීඩියෝවේ "චන්චලා" චරිතයට පෙනී සිටීමෙන් ජනප්‍රියත්වයට පත් උපේක්ෂා පසුව වඩාත් කතාබහට ලක් වුයේ මෙගාස්ටාර් තුලින් දැක්වූ ඉදිරිපත්කිරීම් හේතුවෙනි.

උපේක්ෂා මෙසේ ගායිකාවක් වන අතරතුරේ පසුගිය කාලයේ බොහෝ අනෙක් රංගන ශිල්පිනියන්ද ගීත ගායනයට යොමුවීමේ ප්‍රවනතාවක් දැකගැනීමට හැකිවූවා. 

උපේක්ෂා ගේ "ලඟින් ලං වී ගීතය" 


උදාරි වර්ණකුලසුරිය සිය සැමියා වෙනුවෙන් ගායනා කල ගීතය

අයෝමි ශානිකා දෙවන විවාහයෙන් පසු ගායනා කල ගීතය

නෙහාරා මේනක සමග හාද වීමෙන් අනතුරුව ගායනා කල යුග ගීය
 
Related Posts with Thumbnails