Ads 468x60px

.

මහජන දේපල උලා කෑ ආතති කොමා ගේ ඉඩම් හොරකම මෙන්න...


රු:30,000 කට 
ගත්තු ඉඩම 

රු: ලක්‍ෂ 
පනස් 
දෙකකට  
විකුණලා

මැතිවරණ පවත්වන විට දේශපාලක යන්ගේ අත පෙවීම් නිසා තමාට ආතතිය සැදී ඇතැයි පවසමින් ජනතා අනුකම්පාව ලබා ගැනීමට බබාපාට් දැමූ හිටපු මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක විසින් සිදු කරන ඉඩම් හොරකමක් පිලිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. 

දයානන්ද දිශානායක මැතිවරණ කොමසාරිස් ලෙස සේවය කරමින් සිටි කාලයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ මාර්ගයෙන් නුවර එළියේ මහ නගර සීමාව තුළ තිබෙන ලේඩි මැකලම් ඩ‍්‍රයිව් නමැති පෙදෙසේ පිහිටි ජාතික නිවාස දෙපාර්තමේන්තුවට හිමිව තිබූ පර්චස් 123.4ක වටිනා ඉඩමක් ලබා ගෙන ඇත​. 


මෙම වටිනා ඉඩමට ආතති කොමා ගෙවා ඇත්තේ රුපියල් 30,000ක මුදලකි. එනම් පර්චසයක් රුපියල් 243.11ක වැනි මුදලට නුවරඑළියේ මහ නගර සීමාව තුළ තිබෙන ඉඩමක් ඔහු ලබාගෙන තිබේ.

මේ වංචනික ගණුදෙනුව සිදු කොට තිබෙන්නේ1995 ජූනි 16 වැනිදා ය.


නාමික මුදලක් ගෙවා ඉඩම මිලදී ගැනීමෙන් අණතුරුව මාස පහක් වැනි කෙටි කාලයකදී ඉඩමෙන් පර්චස් 18.4ක ප‍්‍රමාණයේ කොටසක් තමා වෙත තබා ගනිමින් ඉතිරි පර්චස් 105 සෙලින්කෝ ව්‍යාපාරයට අයත් ද ෆිනෑන්ස් සමාගමට රුපියල් පනස් දෙලක්‍ෂ පනස් දෙදහසකට (52,52,000) විකුණා තිබේ. 

මින් ආතති කොමා ඉතා අධික ලාබයක් කිසිදු වෙහෙසකින් තොරව උපයාගෙන තිබේ. ආතතිය ගැන කතා කරමින් ජනතාව ගොනාට ඇන්දූ  දයානන්ද දිශානායක මහජන දේපල උලා කෑ අයුරු නම් ඉතා හිරිකිතය.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails