Ads 468x60px

.

පී.සී. හා බිරිය මරා පුංචි පුතා පොළොවේ ගැසූ කැටයම් චින්තක ගේ කැටයම් වල සුල මුල හෙලිවෙන්නේ මෙහෙමයි.


අනේ අපේ අම්මා! 
බේරාගන්න

කඹුරුපිටිය මාස්‌මුල්ල ප්‍රදේශයේදී පොලිස්‌ නිලධාරියකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන 'කැටයම් චින්තක' නමැත්තා කඹුරුපිටිය නයිගලකන්ද ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (03 වැනිදා) අලුයම 12.15 ට පමණ මියගොස්‌ තිබෙනවා.

'කැටයම් චින්තක' නමැති අපරාධකරු පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් මියගිය පුවත සැළවීමත් සමඟම කඹුරුපිටිය ප්‍රදේශයේ ජනතාව රතිඤ්ඤ් පත්තු කරමින් සිය ප්‍රීතිය ප්‍රකාශ කර තිබෙනවා.

කැටයම් චින්තක අත්අඩංගුවට ගැනීමට නයිගල කැලෑව වටලා සිටියදී ඔහු දකුණු පළාතේ ප්‍රබල දේශපාලනඥයකුගේ නම කියමින් කෑගසා පොලිස්‌ නිලධාරීන්ට තර්ජනය කර තිබෙනවා.

එහෙත් එම තර්ජන ගණනකට නොගෙන පොලිස්‌ විශේෂ බළකායේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ කැටයම් චින්තක අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරද්දී ඔහු පොලිස්‌ නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක්‌
එල්ල කර තිබෙනවා. සැකකරු මියගොස්‌ ඇත්තේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඒ අවස්‌ථාවේ සිදුකරන ලද වෙඩි තැබීමකිනි.

මෙම ද්විත්ව ඝාතනය සිදුවූයේ ඉකුත් 16 වැනිදා රාත්‍රියේදීය. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක්‌ මීට ඉහතදී පොලිස්‌ වෙඩි පහරින් සහ දියේ ගිලීමෙන් මියගොස්‌ තිබිණි. 'කැටයම් චින්තක' නමැති ප්‍රධාන සැකකරු සති දෙකකට වැඩි කාලයක්‌ තිස්‌සේ පොලිසිය මඟහරිමින් සැඟවී සිටියේය.

පොලිස්‌ කොස්‌තාපල් සුනිල් සහ ඔහුගේ බිරිඳ අප්සරා සමන්මලී ඝාතනය කර ඔවුන්ගේ දෙහැවිරිදි පුත්‍රයා පොළොවේ ගසා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කඹුරුපිටිය නයිගලකන්ද ප්‍රදේශයේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් නයිගලකන්ද ප්‍රදේශය වටලා මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර තිබේ. එහිදී සැකකාර කැටයම් චින්තක නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කර ඇත.

ඒ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සැකකාර කැටයම් චින්තක නමැත්තාට වෙඩි තැබූ අතර එහිදී සැකකරු මියගියේය. කැටයම් චින්තක එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙක්‌ සුළු තුවාල ලැබූහ.

කැටයම් චින්තක නමැත්තා වැටී සිටි ස්‌ථානයේ තිබී පතරොම් තුවක්‌කුවක්‌ සහ ජීව උණ්‌ඩ කීපයක්‌ ද පොලිසිය සොයාගෙන ඇත. සැකකරු නයිගලකන්ද මුදුනේ පිහිටි ගල්ලෙනක දින කීපයක්‌ තිස්‌සේ සැඟවී සිට ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්‌ වූ පොලිස්‌ කොස්‌තාපල් සුනිල්ගේ නිවස පිටුපසින් වැටී ඇති මාර්ගයේ කිලෝමීටර් තුනක්‌ දුර ගමන් කරද්දී මෙම නයිගලකන්ද හමුවන අතර සැකකරු එහිදී ඝාතනයට ලක්‌වීම විශේෂත්වයකි.

කැටයම් චින්තක ඝාතනයට ලක්‌වූ පුවත සැළවීමත් සමඟම මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා සහ මාතර කොට්‌ඨාස අපරාධ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ එහි ගොස්‌ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළහ.

කැටයම් චින්තකගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක්‌ එල්ල වී තිබූ අතර ඔහු සිද්ධිය වූ ස්‌ථානයේදීම මියගොස්‌ තිබිණි. මාතර කොට්‌ඨාස දූෂණ මර්දන ඒකකයේ කොස්‌තාපල් සුනිල් මහතා සමඟ පැවති ආරවුලක්‌ මත කැටයම් චින්තක ඇතුළු සැකකරුවන් සිව්දෙනකු එම පොලිස්‌ නිලධාරියා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කරන ලදී.

සිය මවුපියන් අහිමිවීම නිසා සුනිල් මහතාගේ ආදරණීය දරුවන් දෙදෙනා මේ වන විට අසරණ වී සිටිති. කැටයම් චින්තක නමැති අපරාධකරු කඹුරුපිටිය ප්‍රදේශයේ අපරාධ ගණනාවකට සම්බන්ධ අයෙකි. නීති විරෝධී ගස්‌ කැපීම, මත්ද්‍රව්‍ය ජාවාරම, කොල්ලකෑම, කප්පම් ගැනීම ඇතුළු අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මීට වසර තුනකට පමණ උඩදී විශ්‍රාමලත් පොලිස්‌ සැරයන්වරයකු ද වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ද කැටයම් චින්තකට එරෙහිව චෝදනා එල්ල වී ඇත. විශ්‍රාමලත් පොලිස්‌ සැරයන්වරයාගේ දියණිය සමඟ පැවති ප්‍රේම සම්බන්ධයකට විරුද්ධ වීම නිසා කැටයම් චින්තක විසින් ඔහු මෙසේ ඝාතනය කර තිබිණි.

සිය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදෙන බව කියමින් කැටයම් චින්තක කොස්‌තාපල් සුනිල් සමඟ නිතර ආරවුල් ඇතිකර ගත්තේය. සුනිල් ඝාතනය කිරීමට හේතු වී ඇත්තේ ද මෙම සිද්ධිය බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

එහි තවත් විස්තර පහතින්.

ගිනි අවිය තම ආර්ථිකයේ සුමිතුරන් ලෙස සිතා අවනීතිය රජ කරමින් ජනතාව භීතියට පත්කරන මැරයින් “අවිගත්තෝ අවියෙන් නැසෙති” යන ධර්මතාවයට යටත්වෙන බව කඹුරුපිටියේ පොලිස් කොස්තාපල් සුනිල් යුවළගේ ඝාතනයෙන් රටටම ඔප්පුවී ඇත. සුනිල්ගේ ඝාතනය නීතිය මරා දැමීමට ගත් උත්සාහයකි.

රටේ නීතිය මව්බිමේ ස්ථාපිත කරමින් මාතර මිනිසුන්ට නිදහසේ හුස්ම ගැනීමට තම තරුණ ජීවිතය කැපකළ කඹුරුපිටිය මාස්මුල්ල ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් 4930 එල්. ඒ. සුනිල් සහ ඔහුගේ බිරිඳ වන ග්‍රාම නිලධාරි තනතුරට වරම් ලැබූ අප්සරා සමන්මලී යුවළ ඝාතනයට ලක්වූයේ පසුගිය 16 වැනි දින රාත්‍රී 10.15ට බවට අපරාධ හෝරාවේ සටහන්වී ඇත.

සුනිල් රාළහාමි ගමේ නීතිය සුරකිනවිට ගමේ අවනීතිය රජ කරවීමට කටයුතු කළ කඹුරුපිටිය, මාස්මුල්ල ගමේ කැටයම් චින්තක (වඩුබාස්) හෙවත් චින්තක වසන්ත කුමාර හේවාපතිරණ නමැති (36) හැවිරිදි දෙදරු පියාට සුනිල් රාළහාමිගේ නීතිය ඇලජික්ම විය.

2011 සිට සුනිල් කෙරෙහි වෛර බැන්ද කැටයම් චින්තක, සිදුකරන ලද අපරාධ, කොල්ලකෑම් සම්බන්ධයෙන් පොලිස් පොතේ ඉහළින්ම සටහන්වී තිබුණ අයෙකි.

2000.04.16 රුපියල් 6500/=ක යතුරු පැදියක් සොරකම් කිරීමෙන් පොලිස් පොතේ අපරාධ ලැයිස්තුවට එකතුවූ ඔහු 2000.04.19 ගිනි අවි පෙන්වා රු. 1500/=ක් කොල්ලකෑම, 2012.06.16 මීඇල්ල ප්‍රදේශයේ නිවසකින් ගිනි අවි පෙන්වා රු. 3900/=ක් වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑම, 2000.12.15 දින විශ්‍රාමික පොලිස් සැරයන්වරයකු ඝාතනය කිරීම, 2012.03.28 ගිනිඅවි පෙන්වා රුපියල් 12,500/=ක් කොල්ලකෑම, 2012.06.26 වන දින ගිනි අවි පෙන්වා රුපියල් 3990/=ක් කොල්ලකෑම, 2013.11.16 වැනි දින පොලිස් කොස්තාපල් සුනිල් සහ බිරිඳ සමන්මලී මරාදැමීම පිළිබඳව අපරාධ ලැයිස්තුවේ මේ අපරාධකරුගේ නම ඉදිරියෙන් සටහන්වී ඇත.

අවනීතිය කෙරෙහි විශ්වාසය තැබූ කැටයම් චින්තකට සුනිල් රාළහාමිගේ නීතිය හරස්වීම නිසා කෝපයෙන් වියරුවෙන් සිට මේ පොලිස් පොඩ්ඩා සහ පවුල ඝාතනය කිරීම සඳහා පසුව 16 වැනි දින තවත් තිදෙනකුගේ සහය ඇතිව රාත්‍රී 10.00ට පමණ සුනිල් රාළහාමිගේ නිවසට පැන කොස්තාපල් සුනිල් සහ බිරිඳ සමන්මලී ඝාතනය කොට පලාගියේ සුනිල් ඉවරයි. දැන් මගේ අවනීතිය රජකරවන්න පුළුවන් යන අදහසිනි.

කෝප්‍රල් සුනිල් සහ බිරිඳ

මෙම සිද්ධිය දැනගත් උසස් පොලිස් නිලධාරීන් මරා දමා ඇත්තේ සුනිල්ට වඩා රටේ නීතිය බව තේරුම් ගෙන එම අවස්ථාවේම මුළු ප්‍රදේශයම ආවරණය වන පරිදි පොලිස් මුරකාවල් යොදවා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 400ක් පමණ කැඳවා මෙහෙයුම් දියත්කරන ලදී. 

මේ සිද්ධියට සම්බන්ධ අනිත් සැකකරුවන් තිදෙනා පොලිස් වෙඩි පහරින් මරුතුරුලට ගියත් කැටයම් චින්තක ගනි අවි සහිතව අක්කර 20ට වැඩි මාස්මුල්ල කැලයට වැදී ගල්ගුහාවක සිට තම ජීවිතය ආරක්ෂා කරගැනීමට සැඟවී සිටින ලදී.

විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් මත 3 දින රාත්‍රිය පුරා කැලයේ සෝදිසි කිරීම් කරන අවස්ථාවේ රාත්‍රී 12.10ට පමණ ගල් ගුහාවේ සැඟවී සිටි චින්තක පොලිස් විශේෂ කාර්ය බළකායට බෝම්බයක් දමා ගැසීමෙන් පසු විශේෂ කාර්ය බළකාය එල්ල කළ පොකුරු වෙඩිවලින් චින්තක මහකැලයේ ගසක් මුල ඇදවැටී අවසන් හුස්ම හෙළීය.

මේ සිද්ධියේ සැකකරු ළඟ තිබී ගල්කටස් ගිනි අවියක් එස්. ජී. 12 ජීව පතුරමක් පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකරු විසින් දමා ගැසූ බෝම්බයේ කම්පනයෙන් සහ බෝම්බ කෑලිවලට තුවාලවීමෙන් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් කඹුරුපිටිය ආඳාපාන රෝහලට ඇතුළත්කර ඇත.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර කැටයම් චින්තකගේ මව සහ බාප්පා විසින් සිද්ධිය වූ ස්ථානයේදී මළසිරුර හඳුනාගනු ලැබීය. කැටයම් චින්තක මැරුණු බව ඇසූ ගම්වාසීන් රතිඤ්ඤා පත්තුකර සතුට ප්‍රකාශ කර තිබුණි.

කැටයම් චින්තක සුනිල් රාළහාමි කෙරෙහි වෛර බැඳගත්තේ 2011 වර්ෂයේදී ය. එනම් ගිනි අවියක් සහිතව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු ජීප් රථයේ ගැටගසා සීට් එකක් යට සිටින බව නොදත් සුනිල් මෙම සියලුම අපරාධ සිදුකරන්නේ ගමේ සිටින චින්තක බව සුනිල් පැවසීමත්, එම තොරතුරු බන්ධනාගාරයේ සිටි සැකකරු විසින් චින්තකට පැවසීමත් සමඟ නීතිය රකින සුනිල් සහ අවනීතිය රජකරවන චින්තක සමඟ ගැටුම නිර්මාණය විය.

 ධනුෂ්ක
 දෙවන සැකකරු සුමිත්
ජනක ප්‍රසන්න

ගමේ සාමය අපේක්ෂා කරන මිනිසුන් මෙම මැරයන් සමඟ වෛරයෙන් පසු වුවත් මැරයා සමඟ හැප්පීමට නොහැකි නිසා සුනිල් සමඟ හප්පා මට්ටු කිරීම සඳහා සැමවිටම සුනිල්ට එරෙහිව චින්තකට කේලම් කීමත් චින්තකට එරෙහිව සුනිල්ට කේලම් කියමින් කපන්න බැරි අත ඉඹින න්‍යායෙන් කටයුතු කරමින් තමුන්ට ගත නොහැකි පලිය අනුන් ලවා ගැනීමට ගමේ සමහරුන් පියවර ගෙන තිබුණි.

 කැටයම් වින්තකගේ නිවස කෝපයට පත් පිරිස් විසින් ගිනි තබා ඇති අයුරු

කොළඹ කෞතුකාගාරයේ පුරාවස්තු හොරකම, පසුගිය සිංහල අලුත් අවුරුද්දේ මාස්මුල්ල ප්‍රදේශයේ සංසරණය වූ හොර සල්ලි, මාස්මුල්ල රජයේ රක්ෂිතයේ හොර දැව ජාවාරම, මංකොල්ලකෑම් යන දේවල් සිදුකරන්නේ කැටයම් චින්තක බවටත්, ඔහුගේ නිවසට ඉබ්බන් දමා පොලිසියට අල්ලා දෙන බවට කොස්තාපල් සුනිල් පවසන බවට කැටයම් චින්තකට පණිවුඩ ලබාදුන්නේ ගමේ සිටින ඊර්ෂ්‍යාකාරයින් ගෙනි. 

2011 බැඳි වෛරයට මේ කරුණුද එකතුවීමෙන් පසුව නයකු මෙන් කෝපා විෂ්ඨවූ කැටයම් චින්තක සුනිල්ගෙන් පලිගැනීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටි අවස්ථාවක් විය.

මෙසේ සිටින අවස්ථාවේ පසුගිය නොවැම්බර් 16 වැනි දින කොස්තාපල් සුනිල්ගේ බිරිඳ වන අප්සරා සමන්මලී ග්‍රාම සේවක සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට පැමිණීම ගමේ සමහර කාන්තාවන්ට ඇ‍ඟේ ඇණුනු කටුවක් විය. 

ගමේ කඩයක් ළඟ සිටි කැටයම් චින්තකට ඇසෙන ලෙස මෙම කාන්තාවන් “සුනිල්ගේ ගෑණිත් ග්‍රාම සේවක විභාගයට ගිහිල්ලා” “ඔය පාර සුනිල් තවත් උඩ යාවිය” කියා චින්තක නමැති ප්‍රධාන සැකකරු උසිගන්වා ඇත.

මේ අවස්ථාවේ ප්‍රධාන සැකකරු වන චින්තක කඩේ ළඟ බැණවැදී ඕකට මම (සුනිල්ට) හොඳ වැඩක් කරන බවට සපත කරමින් එම ස්ථානයෙන් පිටවී ගිය පසු මේ සිද්ධිය නැවත කොස්තාපල් සුනිල්ගේ කනට පැවසීමට මෙම කාන්තාවන් ක්‍රියාකොට ඇත.

මෙයින් දැඩි ලෙස කිපුණු කොස්තාපල් සුනිල් කඩය ළඟට පැමිණ චින්තකට ආරංචිවෙන පරිදි අපේ ගෑනු ගැන ඌ හොයන්නේ මොකටද? මම ඕකට හොඳ පාඩමක් උගන්වන බව පැවසීමත් සමඟ මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන කැටයම් චින්තක එදිනම මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මේ අනුව එදින රාත්‍රියේ හක්මන, මීඇල්ලේ, සුමිත් ප්‍රියදර්ශන, මීඇල්ල, කහටවැල්ලේ ධනුෂ්ක සඳරුවන්, ජනක ප්‍රසන්න යන පුද්ගලයින් තිදෙනා නිවසට කැඳවා හොඳහැටි මත්පැන්වලින් සප්පායම්වී මෙම ඝාතන සැලසුම සාකච්ඡාකොට ප්‍රධාන සැකකරුගේ නිවසේ ගෑස් ලිප යට තිබූ ගිනි අවිය ගෙන තම නිවසේ ඉරා දමා තිබූ කොස් ලී පටි ද රැගෙන ත්‍රීවීලර් රථයේ නැගී රාත්‍රී 9.30ට පමණ පිටත්වී ඇත්තේ මීටර් 500ක් පමණ දුරින් පදිංචිවී සිටි කොස්තාපල් සුනිල්ගේ නිවස ආසන්නයටයි.

මෙම ඝාතකයන් අවශ්‍ය ගොදුර ඩැහැ ගැනීම සඳහා අවට පරිසරය තව තවත් නිහඬවෙන තෙක් බලා සිට අවට නිවෙස්වල විදුලිය නිවා දැමීමෙන් පසු තම ඉලක්කය සපුරා ගැනීමට සූදානම්ව සිටි අවස්ථාවක් විය. 

තම ජීවිතයේ අවසන් ඉරණම තීරණය වී ඇති බව නොදැනුනු සුනිල්, සමන්මලී දරුවන් තිදෙනා ඉදිකරගෙන එන නිවසේ ආවරණය කරන ලද එකම කාමරයේ දොර වසාගෙන සුවබර නින්දක් සඳහා යහන්ගතවීමට සූදානම්ව රාත්‍රී 10.00ට පමණ දොරවල් වසා දැමුවා පමණි.


සුනිල් , සමන්මලී යුවළගේ ජීවිත උදුරා ගැනීමට සූදානම් ව සිටි කැටයම් චින්තකගේ නායකත්වයෙන් පෙළ ගැසී සිටි ප්‍රියදර්ශන, ධනුෂ්ක සඳරුවන්, ජනක ප්‍රසන්න, ගිනි අවි සහ පොලු රැගෙන සුනිල් නිදා සිටි කාමරයේ දොරකඩ ළඟට පැමිණියේ මස් සහ ලේ උරාබොන ව්‍යාඝ්‍රයන් රැලක් ලෙසින්ය.

මෙසේ පැමිණි පිරිසගෙන් සඳරුවන් එකවිටම දොරට පයින් ගසා දොරකඩා ඇතුළු වන විටම කොස්තාපල් සුනිල් කාමරයේ තිබූ පියානෝ කබඩ් එක ඇද උළුවස්ස අවහිර කිරීමට උත්සාහ ගත්තත් සඳරුවන් නමැති සාහසිකයා විසින් සුනිල්ගේ ඔළුවට පොලු පහර එල්ලකිරීමත් සමඟ සුනිල් එම පහර කාගෙන ඔවුන්ට පහර එල්ල කර ඇතත්, සාහසිකයින්ගේ ප්‍රහාර ඉදිරියේ සුනිල්ගේ වෑයම අසාර්ථක විය.

මේ අවස්ථාවේ බිරිඳ සමන්මලී තම අවුරුදු 02 දියණිය ද වඩාගෙන “අනේ චින්තක අයියේ, සුනිල් මරන්න එපා” කියා ආයාචනය කරන විටම, ප්‍රධාන සැකකරු චින්තක එකවිටම ඇයගේ හිස දෙබෑ කරගෙන යන පරිද්දෙන් දුන් පොලුපහරින් ඇය දරුවා සමඟ කපා හෙළූ ගසක් මෙන් බිම ඇද වැටුණි.

මෙම අවස්ථාවේ මේ සිද්ධියේ දෙවැනි සැකකරුවන පසුගිය 22 දින ඕවිටගමුව කැලයේ පොලිස් වෙඩිපහරින් මියගිය අමිත් ප්‍රියදර්ශන ඔහු ළඟ තිබූ ගිනි අවිය ඇද සුනිල්ට වෙඩිපහරක් තබා ඇත.

විනාඩි 05 ක පමණ කාලයක දී ඝාතන ඉලක්කය සපුරාගත් මේ මැරයින් 04දෙනා ත්‍රීවීලර් රථයේ නැගී එම ස්ථානයෙන් පිටව ගියේ මෙම ඝාතනය සදාකාලික රහසක්ව යටපත් කරන අදහසින් විය යුතුයි. 

මේ සිදුවීම සිදුවන අවස්ථාවේ සුනිල්ගේ සය හැවිරිදි පුතා ඇඳේ බිත්තිය අයිනේ මෙට්ටය යට සැඟවී බියෙන් ගැහි ගැහී සිට ඝාතකයක් පලා යාමෙන් පසු එළියට දිව ඇවිත් අඬමින් මහ හයියෙන් අම්මා! බේරාගන්න කියා කෑගැසී‍මත් සමඟ එම ස්ථානයට අවට පිරිස දුව ඇවිත් ඇත.

ඒ සමගම පැමිණි සුනිල්ගේ සොහොයුරකු සමන්මලීගෙන් සුනිල් ගැන විමසීමේදී මරණයේ අභියස සිටි ඇය ඇඳ අයිනේ වැටී සිටි සුනිල් දෙසට අත දික්කරමින් පෙන්නා තිබීම හද කම්පා කරවන්නකි. 

මෙම අවස්ථාවේ තුවාල ලැබූ යුවළ රෝහල් ගතකිරීමට ගෙනයාමේදී අතරමගදී මිය ගිය අතර මෙම සාහසික අපරාධය කළ සාහසිකයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක දැල එලීමට පියවර ගන්නා ලදී.

මෙම අහස පොළව නූහුලන අපරාධය කළ ප්‍රධාන සැකකරු චින්තක සොයා පොලිසිය එම අවස්ථාවේම එම නිවස වටලනවිට ඔහු ඒ වනවිටත් නිවසින් පලාගොස් තිබුණි. සිද්ධියෙන් දැඩිලෙස කම්පාවට පත්ව සිටි ගමේ පිරිස් ප්‍රධාන සැකකරුගේ නිවසටද ගිනි තබා විනාශකර තිබුණි.


මේ අපරාධයේ පසුපස සිටින ප්‍රධාන සැකකරු එම ඝාතනයෙන් පසුව මාස්මුල්ල ගමේම පදිංචි වී සිටින ඔහුගේ පුංචි අම්මාගේ දුව ළඟට ගොස් තමා සුනිල් මැරූ බවත් සුනිල්ගේ බිරියට මොනවා උනාද දන්නේ නැති බවත් මගේ දරුවන් දෙදෙනා බලාගන්න කියා එම ස්ථානයෙන් පැනගොස් නයිගල කන්ද කැලයට පැන තිබුණි.

කැටයම් වින්තක වෙඩි කා මැරීවැටී සිටින අයුරු

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් සිදුකරන ලද පරීක්ෂණයෙන් පසුව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු හතර දෙනෙක් පැමිණි ඇති බවත් එයට සම්බන්ධ පිරිස කවරේද? කියා හඳුනාගැනීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී.

මේ අනුව පසුගිය (22) වන දින රාත්‍රියේදී වලස්මුල්ල නගරයේදී මෙම සිද්ධියේ දෙවන සැකකරු වන හක්මණ මී ඇල්ල ප්‍රදේශයේ පදිංචි අමිත් ප්‍රියදර්ශන නමැති යුද හමුදාවේ කොමාන්ඩෝ බළකායේ පුහුණු උපදේශක වශයෙන් සිට හමුදාවෙන් පලා ඇවිත් සිටි පුද්ගලයා පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කඹුරුපිටිය පොලිසියට භාරදී තිබුණි.

ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී කඹුරුපිටිය ඕවිටගම කැලයේ සඟවා තිබූ ගිනි අවි කිහිපයක් පිළිබඳව පැවසීමෙන් පසු අලුයම 5.20ට පමණ එම ගිනි අවි සොයා ගැනීමට ගිය අවස්ථාවේ එම ගිනි අවියකින් පොලිසියට වෙඩිතැබීමට යාමේදී පොලිස් වෙඩිපහරින් මිය යන ලදී.

මෙසේ තවදුරටත් අනිත් සැකකරුවන් පසුපස හඹාගිය පොලිසිය පසුගිය 26වන දින රාත්‍රියේ තිස්සමහාරාම පන්නගමුව ඉන්ධන පිරවුම්පොළ අසලදී අනිත් සැකකරුවන් දෙදෙනා වන මීඇල්ල කහටවැල්ලේ සඳරුවන් නොහොත් සුරංග, ජනක ප්‍රසන්න යන අය අත්අඩංගුවට ගෙන කඹුරුපිටිය පොලිසියට භාරදෙන ලදී.


ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී හක්මණ දෙනගම කන්දපාරේ ගිනි අවි සඟවා ඇති බවට පොලිසියට දුන් තොරතුරු අනුව රාත්‍රියේදීම මෙම සැකකරුවන් එම ස්ථානයට ගෙනයන අවස්ථාවේ ඔවුන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල් රොෂාන් යන නිලධාරියා තල්ලුකර දමා අත්මාංචු පිටින්ම දෙනගම වැවට පැන පලායාමට තැත් කිරීමේදී දියේ ගිලී මියගොස් ඇත.

 

පොලිස් කොස්තාපල් සුනිල් සහ බිරිඳ සමන්මලී මරා දැමූ ඝාතකයින් සිව් දෙනාගෙන් සිව්දෙනාම “අවිගත්තෝ අවියෙන් නැසෙති” යන දහම අනුව මියගොස් ඇත. අපරාධයක් වසන් කිරීමට නොහැක. අපරාධයක් කර කිසිවෙකුට සැඟවී සිටීමට නොහැක. 

අපරාධකරුවන්ගෙන් ජනතාව මුදාගැනීමට අමිල සේවයක් කරන ලද පොලිස් කොස්තාපල් මරා දැමීම නීතියට කරන ලද සරදමකි. 84000ක් පමණ සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ සුනිල් නමැති අභීත නිලධාරීන් ඔසවාගෙන ගිය ධජය තවදුරටත් ඔසවාගෙන යාමට තවතවත් නිලධාරීන් ඉදිරිපත් වනු ඇත.

ඒ පිළිබඳව හිරු නිවුස් ඉදිරිපත් කර තිබූ වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails