Ads 468x60px

.

සුදු ගවුම ගලවා පාට ඇඳුම් ඇඳ පෙම් සුව විඳින්න හැදු සිසුවිය...


ත්‍රීරෝද 
රියදුරන්ටත් 
කොලේ වහලා

පාසල මගහැර පෙම්වතා සමග පෙම්සුව විදීම සඳහා යෑමට උත්සාහ දැරූ පාසල් සිසුවියක් සහ පෙම්වතෙක් පිලිබඳ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවත පිටුපස පිහිටි අතුරු මාර්ගයකට පැමිණි මෙම පාසල් සිසුවිය අඟහරුවාදා (03) උදෑසන පෙම්වතා පැමිණෙනතුරු බලා සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

අතුරු මාර්ගයේ නවතා තිබූ ත්‍රීරෝද රථවල රියදුරන් මාර්ගයේ රැදී නොසිට පාසල් යන ලෙස පවසමින් ඇයට උපදෙස් දී ඇතත් ඇය එම උපදෙස් ගණනකට නොගෙන එම ස්ථානයේම රැදී සිට ඇත. 


අනුරාධපුර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක ඉගෙනුම ලබන මෙම සිසුවිය විදුහලේ ටයිපටියද පැළදගෙන සිටි බව පැවසෙනවා. ටික වේලාවකට පසුව සිසුවිය ඒ ආසන්නයේ වූ ආයතනයකට ගොස් සුදු ගවුම ගලවා
නිවසින් රැගෙන ආ ඇඳුම ඇද ගැනීමට අවසර ඉල්ලා ඇතත් එම ස්ථානයේ රාජකාරියේ සිටි නිලධාරියෙකු ඇයට පාසල් යන සේ දැඩි ලෙස අවවාද කර තිබෙනවා. 

එම අවස්ථාවේ අදාල පාසල් සිසුවියගේ පෙම්වතා පැමිණ ඇය කැටුව යෑමට උත්සාහ කරද්දී එම ස්ථානයට පැමිණ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් දෙදෙනා පොලිස් භාරයට ගෙන මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

නිවසේ සිට පාසල් එන අවස්ථාවේ පොත් බෑගයේ තවත් පාට ඇඳුමක්ද බාහාගෙන ගෙනවිත් තිබූ බව පොලිසිය පවස
නවා. ඉන් අනතුරුව දෙමාපියන් මූලස්ථාන පොලිසිය වෙත කැඳවා දෙපාර්ශවයටම අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරිය බවද අනුරාධපුර මූලස්ථාන පොලිස්සියේ උසස් පොලිස් නිලධාරියෙකු අප වෙත පැවසුවා.
 
Related Posts with Thumbnails