Ads 468x60px

.

වෙසක්‌ බලන්නට කොළඹ ඇතුළු නගරවලට ජන ගඟක්‌

වෙසක්‌ සිරි නැරඹීම සඳහා අති විශාල ජනකායක්‌ පෙරේදා (14 වැනිදා) පස්‌වරුවේ සිට කොළඹ ඇතුළු තදාසන්න නගරවලට පැමිණි බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

ඒ අනුව පෙරේදා පස්‌වරුවේ සිට ඊයේ (15 වැනිදා) අලුයම දක්‌වා බොහෝ මාර්ගවල දැඩි රථවාහන තදබදයක්‌ පැවැති බවද වාර්තා විය.

කොළඹ බෞද්ධාලෝක මාවත, දියවන්නා වටරවුම, ගංගාරාමය, දෙහිවල ගල්කිස්‌ස, රත්මලාන, නුගේගොඩ, දෙල්කඳ, මහරගම, පෑලියගොඩ, කොට්‌ටාව, කිරිබත්ගොඩ, මහර යන ප්‍රදේශවල පිහිටි වෙසක්‌ කලාප නැරඹීම සඳහා අතිවිශාල ජනකායක්‌ පැමිණ සිටිනු දැකගත හැකි විය.

මෙවර වෙසක්‌ උත්සවය වෙනුවෙන් කොළඹ හා තදාසන්න නගරාශ්‍රිතව තොරණ 40 ක්‌ ප්‍රදර්ශනය කෙරේ. ඊට අමතරව කොළඹ නගරය ආශ්‍රිතව

ප්‍රධාන පෙළේ දන්සල් 200 ක්‌ පැවැති බව කොළඹ මහ නගර සභාව පවසයි.

එසේම අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව, කැලණි රජමහා විහාරය, කතරගම කිරි වෙහෙර, මාතර බෝධිය, කළුතර බෝධිය, බෙල්ලන්විල රජමහා විහාරය, පිල්ලෑව බෝ සමිඳුන් හා දිවයිනේ ප්‍රධාන බෞද්ධ ආගමික සිද්ධස්‌ථාන වැඳපුදා ගැනීම සඳහා විශාල සැදැහැවතුන් පිරිසක්‌ පැමිණ ඇත.

වෙසක්‌ සිරි නැරඹීම සඳහා විශේෂ බස්‌ රථ සේවාවක්‌ද ක්‍රියාත්මකය.
 
Related Posts with Thumbnails