Ads 468x60px

.

ඔබටත් ‘‘පිඹුරු‘‘ සම්භාහනයක් ලබා ගැනීමට අවස්ථාවක් මෙන්න

පිලිපීනයේ සෙබු නගර සත්ත්වෝද්‍යානය වෙත යන්නෙකුට ‘‘පිඹුරු‘‘ සම්භාහනයක් ලබා ගැනීමට අවස්ථාව ඇත.

සේවා සැපැයීමට ඉදිරිපත්ව සිටින්නේ මිශෙල්,වෝල්ටර්,ඊජේ සහ ඩැනියෙල් යන පිඹුරන් සිව්දෙනාය.

අත්හදා බැලීමට කැමති සංචාරකයෙකුවේ නම් ඔහු මුලින් බිම දිගා කරවන සත්ත්වෝද්‍යාන සේවකයෝ ඔහුගේ ඇග මත පිඹුරන් එකා පිට එකා තබති.

පිඹුරන් එහා මෙහා ඇදෙද්දී ඔවුන්ට යටව සිටින්නාගේ සිරුර ‘‘සම්භාහනය‘‘ වේ. බොහේ සංචාරකයින් මෙම සම්භාහන විදිය අත්හදා බැලීමට කැමැති බව සදහන්ය. එය අත්හදා බැලූවවුන් පවසන්නේ සැබෑ
සම්භාහනයක් මෙන් සුවයක් තමන්ට ලැබුණු බවයි.

ඒකෙසේ වුවත් පිඹුරන් දෙතුන් දෙනෙකු තම ඇග උඩ නළියනු දැකීම සිත තිගැස්මට පත්කරවන්නක් බව ඔවුහු කියති.

සම්භාහනයට ප‍්‍රථමයෙන් සේවකයින් පිඹුරන් හා හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් රාශියක් සංචාරකයින් වෙත ලබා දේ.ක්ෂණික ඉරියව් වෙනස් කිරීම් වලින් වැළකී සිටීම,පිඹුරාගේ දේහය ඇල්ලීමට උත්සාහ නොකිරීම ආදී උපදෙස් ඒවාට ඇතුළත්ය.

හදිසියේවත් සේවාදායකයා ගිල දැමීමට පිඹුරු සම්භාහකයා පෙළඹවීම වැලැක්වීම සඳහා සම්භාහන වාරයකට පෙර එම සතුන්ට කුකුළන් 10 පමණ කන්නට දීම සේවකයින්ගේ සිරිතය. එසේවුවත් මේ දක්වා පිඹුරන් සංචාරකයින්ට කිසිදු හානියක් සිදුකර නැත.

 
Related Posts with Thumbnails