Ads 468x60px

.

15 හැවිරිදි පාසල් දැරිය වැසිකිළියට ගොස් එද්දී කුස්සියට ඇදගෙන ගොස් දූෂණය කල කම්කරුවා.


මාස දෙක තුනකින් 
ශරීරයේ වෙනසක් 
දැනුනා. 

15 හැවිරිදි පාසල් දැරියකට බලහත්කාරයෙන් අතවර කර ඇය මවක් බවට පත් කළ කොන්ක්‍රීට් වැඩපොළක කම් කරුවෙක් පිලිබඳ පුවතක් බොරලැස්ගමුවෙන් අප වෙත වාර්තා වෙනවා.

එම දැරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත පවසා ඇත්තේ තම මවගේ ඉඩමේ කොටසක් කොන්ක්‍රීට් වැඩ පොළක අයිතිකරුවකුට මාස තුනක කාලයක් සඳහා කුලියට දුන් අතර එහි කම්කරුවන් තිදෙනකු සේවය කළ බවයි.

එම කම්කරුවන් තිදෙනා මාස 03ක කාලයක් එහි සේවය කිරීමෙන් පසු ගිය බවත්, එහි සිටි එක් අයෙක් ඉඳහිට තම නිවෙසට පැමිණ අම්මා සමඟ

කතා කළ බවත් ඇය පවසා තිබෙනවා.

තමා පාසල් ගොස් නිවෙසට පැමිණි අවස්ථාවක වැසිකිළියට ගිය බවත්, එසේ ගොස් එද්දී ඉහත කී වසන්ත නමැති කම්කරුවා තමාව කුස්සියට ඇදගෙන ගොස් දූෂණය කළ බවත් ඊට මාස කීපයකට පසුව තමාගේ ශරීරයේ ඇතිවූ වෙනස්කම් නිසා සිය මව තමාව වෛද්‍යවරයකු වෙත ගෙන ගොස් පරීක්‍ෂා කර බැලීමේදී තමන්ට දරුවකු ලැබීමට සිටින බව දැනගත් බවත් ඇය පවසා
තිබෙනවා.

ඉන් අනතුරුව වසන්ත නමැති කම්කරුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා බොරලැස්ගමුව පොලිසියට නියෝග කළේය.

මෙම දැරිය දරුවකු ප්‍රසූත කර ඇති අතර එම දරුවා භාර ගැනීමට ඉහත කී දැරියගේ මව හා ඇය ප්‍රතික්‍ෂේප කිරීම නිසා එම දරුවා පානදුර ප්‍රජාපතී ළමා නිවාසයට භාර කිරීමටද අධිකරණයෙන් නියම විය.
 
Related Posts with Thumbnails