Ads 468x60px

.

පිරිමි දරුවකු සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට පෙන්වා ලිංගික අතවර කල විශේෂඥ වෛද්‍යවරයා

මානසික විශේෂඥ වෛද්‍යවරයකු විසින් ලිංගික අපයෝජනයට ලක්‌කළ බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු සම්බන්ධ පුවතක් කොළඹ ජාතික රෝහලෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ එම  වෛද්‍යවරයාට හිතවත් තවත් වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ අදාළ සිද්ධිය යටගැසීම සඳහා දුරකථන පණිවිඩ මගින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට මෙසේ බලපෑම් කරමින් සිටින බවයි.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.

රාගම වෛද්‍ය විද්‍යාලයට අනුයුක්‌ත මානසික වෛද්‍ය විශේෂඥවරයා වෙත මීට කලකට ඉහතදී දෙමව්පියන් විසින් දාහතර හැවිරිදි පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා. 


නිතර කිපෙන සුළු ගතියකින් යුක්‌ත දරුවා අනෙක්‌ දරුවන් සමග දබර කරගන්නා බවද එය දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක්‌ බවද පවසමින් දෙමව්පියන් මෙම දරුවා අදාළ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

දෙමව්පියන් නොමැතිව දරුවා පරීක්‌ෂා කළ යුතු බව පවසා ඇති වෛද්‍ය වරයා දින කිහිපයක්‌ම දරුවාව සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට

පෙන්වමින් විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කර තිබෙනවා.

දරුවාගේ හැසිරීමේ වෙනසක්‌ දුටු දෙමව්පියන් ඒ පිළිබඳ දරුවාගෙන් විමසා පසුව වෙනත් මානසික වෛද්‍යවරයකු වෙත යොමුකර
තිබෙනවා.

දරුවා පරීක්‌ෂා කළ එම වෛද්‍යවරයා සියලු තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර වහා ළමා හා කාන්තා කාර්යාංශයට මේ පිළිබඳ පැමිණිලි කරන ලෙසද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත දරුවා යොමුකරන ලෙසටද ලිතව දැනුම් දී
තිබෙනවා.

දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ පසු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් යළි මානසික වෛද්‍යවරයා වෙතද ළමා රෝහලේ මහාචාර්යවරියක්‌ වෙතටද යොමුකර
තිබෙනවා.

එම වාර්තා සැලකිල්ලට භාජන කළ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාව කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්පසු දැනට දින කිහිපයකට පෙර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කාර්යාලයේ නොමැති අවස්‌ථාවක එහි පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්‌ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ජංගම දුරකථනය ඔස්‌සේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඇමතුමක්‌ දී
තිබෙනවා.

දරුවා සම්බන්ධ අධිකරණ වෛද්‍ය වාර්තාව වෙනස්‌ කර දෙනවා නම් අදාළ නීති කටයුත්ත අවසන් කළ හැකි බවත් එනිසා එම වාර්තාව වෙනස්‌ කර දෙන ලෙසටත් එකී වෛද්‍යවරු දුරකථනය ඔස්‌සේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට බලපෑම් කර
තිබෙනවා.

එම ඉල්ලීම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් තරයේ ප්‍රතික්‍ෂේප කර
තිබෙනවා. ඉන්පසු මෙම වෛද්‍යවරු දෙදෙනා දරුවා පරීක්‌ෂා කළ මහාචාර්යවරියටද බලපෑම් කර ඇතැයි අනාවරණය වුණා.

සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්‌ෂණයේ වාර්තාව සැකකාර වෛද්‍ය වරයාට වාසි වන පරිදි වෙනස්‌ කරන ලෙසට කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්‌ බලපෑම් කරන බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ ඊයේ (27 දා) අපට වාර්තා වුණා.
 
Related Posts with Thumbnails