Ads 468x60px

.

ෆේස්‌ බුක්‌ තරුණිය දූෂණය කර ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ තරුණයා (වීඩියෝ)


පියා පුතාට ඇප ලබාගෙන 
උසාවියෙන් එද්දී

තරුණියගේ පියා පිහියෙන් 

ඇන ඔහු මරා දමයි

තරුණියක පැහැරගෙන ගොස්‌ දූෂණය කිරීමේ චෝදනාවකට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි තරුණයකු ඊයේ (25 වැනිදා) ඇපමත නිදහස්‌ව සිය පියා සහ නැගණිය සමග අධිකරණ භූමියෙන් පිටව යමින් සිටියදී දූෂණයට ලක්‌වූ තරුණියගේ පියා තිදෙනාටම පිහියකින් ඇන ඇති අතර සිද්ධියෙන් එම තරුණයාගේ පියා මරුමුවට පත්ව ඇති පුවතක් අපවෙත වාර්තා වනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තුවාල ලැබූ තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ සිටි එම තරුණයාගේ පියා මිය ගිය බවයි.

තරුණයා ඇපමත නිදහස්‌ව සිය පියා සහ නැගණිය සමග යමින් සිටියදී ඔවුන් පසුපසින් හඹා ආ දූෂණයට ලක්‌වූ තරුණියගේ පියා කොළඹ

අලුත්කඩේ රථවාහන අධිකරණය ඉදිරිපිට මාර්ගයේදී මෙසේ තිදෙනාටම පිහියකින් ඇන ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී තිබෙනවා.

සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේ පදිංචි 61 හැවිරිදි ජී. ඒ. ජෙයසීලන් නමැත්තකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවස
නවා.

මියගිය අයගේ පුතු වන 25 හැවිරිදි ඇඩොන් නිරෝෂන් නම් වන ඇපමත නිදහස්‌ වූ සැකකාර තරුණයා මීට කලකට පෙර ෆේස්‌ බුක්‌ සමාජ ජාල වෙබ් අඩවිය හරහා කොටහේන ප්‍රදේශයේ දහහත් හැවිරිදි තරුණියක හා මිතුරුකමක්‌ ඇතිකරගෙන පසුව ඔහු එම ෆේස්‌ බුක්‌ මිතුරිය (තරුණිය) පැහැරගෙන ගොස්‌ දූෂණය කර ඇගේ නිරුවත් ඡායාරූප කිහිපයක්‌ද ලබාගෙන
තිබෙනවා.

එසේ නිරුවත් ඡායාරූප ලබාගැනීමෙන් අනතුරුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් සැකකාර තරුණයා තරුණියට තර්ජනය කිරීමටද පටන්ගෙන ඇති අතර එහිදී බියට පත් තරුණිය සිය පියා සමග පැමිණ ඉකුත් 19 වැනිදා කොටහේන පොලිසියට සිද්ධිය පැමිණිලි කළ බව එහි උසස්‌ නිධාරියෙක්‌ අපට පැවසුවා.

ඒ අනුව කොටහේන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයා කොළඹ අලුත්කඩේ අංක 03 මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු බවද එම නිලධාරියා සඳහන් කළා.

මෙම නඩුව ඊයේ (25 දා) යළි කැඳවූ අවස්‌ථාවේ සැකකාර තරුණයාට ඇප ලබාදීමට අධිකරණය මගින් නියෝග කර ඇති අතර එසේ ඇප ලබා පිටව යමින් සිටියදී මෙසේ පිහි ප්‍රහාරයට ලක්‌ව ඇතැයි පරීක්‍ෂණ සිදු කරන කෙසෙල්වත්ත පොලිසිය පවසනවා.

සිද්ධියට සම්බන්ධ දූෂණයට ලක්‌වූ තරුණියගේ පියා පිහි ප්‍රහාරය එල්ල කර පලා යැමට උත්සාහ දැරිමේදී කෙසෙල්වත්ත පොලිසිය මගින් ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ දූෂණ සිද්ධියට සම්බන්ධ තරුණයා සහ ඔහුගේ නැගණිය කොළඹ ජාතික රෝහලේ නේවසික ප්‍රතිකාර ලබමින් සිටින අතර කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


එහි දෙරණ වීඩියෝව පහතින්.

 
Related Posts with Thumbnails