Ads 468x60px

.

'පේන්ට්‌' කර හැටේ භාණ්‌ඩයට තිහේ පෙනුමක්‌ අරන් දෙන රූපලාවන්‍ය

ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කරගන්නට ගොස්‌ ඉන්ජෙක්‌ෂන් එකක්‌ වැරදි මියගිය වෛද්‍ය වරිය පිළිබඳ කතාව ඛේදවාචකයකි. 

ඉස්‌තිරික්‌කයෙන් ඇඳුම් මැද්දාක්‌ මෙන් හමේ රැලි ඉවත් කරන, වකුටු වූ තැන් දිග හරින, පුපුරාගිය චැසිය වෙල්ඩින් කර අලුතින්ම 'පේන්ට්‌' කර හැටේ භාණ්‌ඩයට තිහේ පෙනුමක්‌ අරන් දෙන රූපලාවන්‍ය ශිල්පීන්, කටු චිකිත්සකයන්, Cosmatic Surgens හෙවත් රූපාලංකරණ වෛද්‍ය විශේෂඥයන් යනාදීහු අද විශාල වශයෙන් රට පුරා සිටිති. 

මීට අමතරව තට්‌ට හිසේ කෙස්‌ පැළ කරන, පිළිකාව සුවපත් කරන, දියවැඩියාව නිට්‌ටාවට හොඳ කරන දොස්‌තරලා ද තැන තැන සිටිති. මේ අයගෙන් වැඩිදෙනා කියන්නේ තම වෛද්‍ය දැනුම පරම්පරාවෙන් ලැබුණු බවය. මේ හුඟ දෙනකුගේ මී මුත්තා දුටුගැමුණු රජුගේ හෝ වළගම්බා රජුගේ පෞද්ගලික වෛද්‍යවරයා ය. 

තව සමහරකුට මේ බෙහෙත් කියා දී ඇත්තේ සිහිනයෙන් පෙනුණු ඉෂිවරයෙකි. තවත් සමහරකුට බෙහෙත් උගන්වා ඇත්තේ මියගිය
නැන්දම්මාගේ අවතාරයයි. උගත් නමුත් මෝඩ ජනතාවක්‌ සිටින මේ රටේ මේ ආකාරයෙන් බෙහෙත් කරගෙන යන දොස්‌තරලා හොරු ද එහෙමත් නැත්නම් සුදුසුකම්ලාභී සැබෑ වෛද්‍යවරයකු ද යන්න සෙවීමට කාටවත් අවශ්‍ය නැත. 

ඒ සඳහා කිසිදු නියාමනයක්‌ හෝ නියාමකයෙක්‌ (Regulator) නැත. පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් මේ රටේ තිබෙන ලොකුම නියාමනය වන්නේ වෛද්‍යවරයකු ලියූ තුණ්‌ඩුවක්‌ නැතිව බෙහෙත් නිකුත් කරන ෆාමසිකාරයකු අල්ලාගෙන දඩ ගැසීම ය. ෆාමසිකාරයන් වැඩි දෙනකු ඇතැම් දොස්‌තරලාට වඩා බෙහෙත් ගැන දන්නා බව ද මෙහිලා ගෞරව පූර්වකව සඳහන් කළ යුතු ය.

මේ පංචස්‌කන්ධය සදාකාලික නැත. එය වැල් දිරා ගොස්‌ දුනු බැස මළකඩ කන්නට පටන් ගත් විට රූපලාවන්‍ය ශිල්පය නමැති තාවකාලික 'පේන්ට්‌' එක යොදා ඇදගෙන යැමට හැකි වන්නේ ඉතාම ස්‌වල්ප කාලයක්‌ පමණි.


තරුණ හම 'ටිං - ටිං' ගා දිළිසෙන්නේ යම් සේද මහලු සම 'කර - කර' ගා හැකිළෙයි. එය ස්‌වභාවධර්මයයි. මෙයට පිටින් ගොස්‌ කොණ්‌ඩය ඩයි කරන්නට පටන් ගත් විට අසාත්මිකතා ඇති වී මරණයට පත්වීමට සිදු වෙයි. 

හමේ රැලි දිරන්නට පටන් ගත් විට, 'ඇන්ටිබයිටික්‌' බෙහෙත් විස වී මිය යන්නට සිදු වෙයි. උදරය වටා තිබෙන තෙල් තට්‌ටුව ඉවත් කරන Lipo Suction වැනි සැත්කම් කරන විට නිරාදුකක්‌ හා සමාන වේදනාවක්‌ විඳින්නට සිදු වෙයි. ඒ නිසා හොඳම දේ ස්‌වභාවධර්මයට ඉඩ දීම ය. නැතහොත් සිදු වන්නේ කල් තබා ම මිය යන්නට ය.
 
Related Posts with Thumbnails