Ads 468x60px

.

වටරැක විජිත හිමි සැත්කමින් පස්සේ හැරමිටිය වෙනුවට කැත්ත අරං ඇවිත්.

මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන් කැත්තක් රැගෙන මාසික සභා රැස්වීමට වඩි බව hotandfastnews වන අප වෙත වාර්තා වෙනවා.

කෙසේ නමුත් සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පොලිසිය මේ වන විට කැත්ත පොලිස් භාරයට ගෙන ඇති බවයි .

සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික සභාවාරය පැවැත්වූ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සුනිල් විජේතුංග මහතා නැගී සිට විජිත හිමියන්ගේ ක්‍රියා කළාපය විවේචනය කර තිබෙනවා. 

රටේ ආගමික සමගිය ඇතිවන සේ ක්‍රියා කරන ලෙස ඔහු විජිත හිමියන් ගෙන් ඉල්ලා ඇති බව සඳහන්. මින් ඉදිරියට ලජ්ජා සහගත දේ සිදු කිරීමෙන් වලකින්නැයි සභාපති සහ විපක්ෂ මන්ත්‍රීවරු ද හිමියන්ට පවසා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.

සභා වාරය අවසන් වී මාධ්‍යයට අදහස් දැක්වූ විජිත හිමියෝ සඳහන් කර ඇත්තේ සැත්කමකින් පසු තමා අපහසුවෙන් ඇවිදින බවත් ඇවිදීමේ
අපහසුව හේතුවෙන් දොරමුල්ලේ තිබුණු ලීයක් ගත් බවත් එය හැරමිටිය සේ යොදා ගත් බවත්ය. එය වාහනේ දාගෙන ආවා මිස එය මන්නා කැත්තක්ද යන්න පරීක්ෂා කළේ නැති බවද සඳහන් කර තිබෙනවා.

“මෙත්තා, කරුණා, උපේක්ෂා මම දේශනා කරන්නේ බුදුන්ගේ ධර්මයයි. කිසිවකු මරන්නවත්, කැතිගාන්න නෙවෙයි මේ කැත්ත ගෙනාවේ. එහෙම කරන්නේ බොදු බල සේනාවේ අයයි”යනුවෙන්ද උන් වහන්සේ පවසා තිබෙනවා.

 
Related Posts with Thumbnails