Ads 468x60px

.

බිල් ගෙට්ස්, මාර්ක් සකර්බර්ග් ඇතුළු ලොකු අය අයිස් වතුර බාල්දි වලින් නාපු හැටි (වීඩියෝ)


මුලු ලෝකයේම ප්‍රසිද්ධියට පත් විවිධ චරිතයන් මේ වන විට අයිස් වතුර බාල්දි වලින් නා ගැනීමේ වීඩියෝ පට ලෝකය පුරාම ජනප්‍රිය වෙමින් පවතිනවා.

මෙයට සහභාගී වී ඇත්තේ මයික්‍රෝසොෆ්ට් සමාගමේ අධිපති වූ බිල් ගෙට්ස්, ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ වූ මාර්ක් සකර්බර්ග්, ජනප්‍රිය ගායක ජස්ටින් බීබර්, සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වැනි අතිශය ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයන් වේ.

මෙය සිදු කෙරුණේ, චාලක න්‍යුරෝන ආබාධය (motor neurone disease) පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇති. මෙහිදී එක් අයෙක් තමන් අයිස් වතුර

ස්නානය කිරීමට පෙර තවත් ලෝකයේ සුප්‍රසිද්ධ තිදෙනෙකුට පැය 24ක් තුළ එලෙස ස්නානය කරන ලෙසට අභියෝග කරයි.

පසුව ඔහු අයිස් වතුර ස්නානය කරන අතර එම අභියෝගය භාරගන්නා සෙසු පුද්ගලයන්ද ඒ ආකාරයෙන්ම ස්නානය කළ යුතු වේ. ඒ අනුව මෙම අභියෝගය භාරගත් සියලු දෙනා අයිස් වතුර ස්නානය කළ ආකාරය පහත දැක්වේ.

ෆේස්බුක් අධිපති මාර්ක් සකර්බර්ග්



මයික්‍රෝසොෆ්ට් අධිපති බිල් ගේට්ස්



ජස්ටින් බීබර්



ක්‍රිස්ටියනා රොනල්ඩෝ

 
Related Posts with Thumbnails