Ads 468x60px

.

ඇමැති ටී.බී.ගේ අඩි ගැලවුණු සපත්තු යුගලට කෝටි 13,000ක ලංසුවක්

චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ ශී‍්‍ර ලංකා සංචාරය අතරවාරයේ කෙරුණු ගිවිසුම් අත්සන් කිරීමකදී සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී.බී. එ්කනායක මහතා පැළඳ සිටි පාවහන් යුගල ඉකුත් දින බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා. 

එම පාවහන් යුගලයේ අඩිය ගැලවී පාදයෙන් කොටසක් පොලව හා ස්පර්ශ වීම ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් ඡායාරූපයක්ද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේ පළ වුණා. 

අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා පවසන්නේ අදාළ පාවහන් යුගල දැන් ජාත්‍යන්තර වශයෙන්ද අවධානයට ලක්ව ඇති බවයි. එ් අනුව එය අලෙවි
කිරීම සඳහා වෙන්දේසියක්ද පැවැත්වීමට අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

දැන් එම සපත්තු යුගල, අඩි දෙකම සපත්තු යුගල පිළිබඳව ලෝකයේ මේ කාරණය පිළිබඳව උනන්දුවක් දක්වන සංවිධාන, ව්‍යාපාරිකයින්, වෙළෙඳ ප‍්‍රජාව මෙය අලෙවි කිරීම සඳහා, මෙය එකතු කිරීම සඳහා වෙන්දේසියක් කි‍්‍රයාත්මක කරන්න අපි ලැහැස්තියි කියලා. ඒ සඳහා ස්වාධීන කමිටුවක් පත් කරනවා මේ පිළිබඳ කාරණය විධිමත් කරන්න. ලන්ඩන්වලින්, ජර්මනියෙන් සහ ප‍්‍රංශ ප‍්‍රවෘත්ති සේවයෙන් කතා කළා.

අමාත්‍යවරයා මෙම කරුණු කියා සිටියේ කොග්ගල ප‍්‍රදේශයේ ඊයේ සංචාරයක් කළ අතරවාරයේයි. එංගලන්ත සමාගමක් අදාළ පාවහන් යුගල සඳහා දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 1000ක ලංසුවක් ඉදිරිපත් කර ඇතැයිද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. ශී‍්‍ර ලංකා මුදලින් එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි දහතුන් දහසක්.

කෙසේ වෙතත් අදාළ පාවහන් යුගලේ අඩි නොමැති වීම සිතාමතා සිදු කළ එකක් නොවන බවද එය සිදු වූයේ අහම්බයකින් බවද අමාත්‍ය ටී.බී එ්කානයක මහතා කියා සිටියා.

ජාතික ඇඳුම ඇදලා, මගේ ගෙදර තිබුණා සුදු සපත්තු දෙකක්. ඒක ගොඩක් පරණ දෙකක්. නමුත් මට මස 9කින් විතර එය පළඳින්න වුණේ නැහැ. පසුව මම එය සෝදලා සුද්ද කරලා දාගෙන ගියා. 


ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් මගේ වාහනෙන් බැස්ස ගමන් එක සපත්තුවක අඩිය ගැලවුණා. තව අඩියක් දෙකක් යද්දි ඊළඟ සපත්තුවේ අඩිය ගැලවුණා. අඩි දෙකම පැත්තකට දාලා මම බැලූවා. උඩ කෑල්ල තියෙනවා, මහ පොළොවේ ගෑවෙනවා.

එහෙමම ගිහින් චීන ජනාධිපතිතුමාට අතට අතදීලා ආචාර කරලා ගිවිසුම අත්සන් කරන්න ආපු වෙලාවේ තමයි උඩ හිටිය විදේශීය මාධ්‍ය වේදියකුට ඇහැ ගැහුණේ මේ යට අඩිය නොතිබූ ඇඟිලි එළියට ආපු සපත්තු දෙකක් තියෙන ඇමැතිවරයා කියන කාරණය. 


එම නිසා මම මෙම කාරණය ගැන ඇත්ත තත්ත්වය කිව්වා. මොකද අපි ගමේ අය, අපේ ගමේකමත් එක්ක මහ පොළොවේ අඩිය තියන්න පුළුවන් හැකියාව තිබෙනවා.

අදාළ පාවහන් යුගල අලෙවි කිරීමෙන් උපයා ගන්නා ආදායම කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ පාවහන් නොමැති පාසල් යන දරුවන් වෙනුවෙන් පාවහන් ලබාදීමට යොදවන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
 
Related Posts with Thumbnails