Ads 468x60px

.

ඒ වැඩෙන් පස්සේ එයා මට මූණ දෙන්න බැරුවයි ඉන්නේ - මහේෂි

එකට වැඩ කරද්දී 
ඔහොම වෙනවා.

මහේෂි මධුසංකා ක්‍ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් ගතවෙලා නැහැ. ඒත් ඒ ටික කාලෙදි ඇය ජනප්‍රියත්වය පැත්තෙන් ලොකු ගමනක් ගිහින්. 

ඇයට කැමැති ගොඩක් දෙනාට ඈ හිතන පතන විදිය දැන ගන්නට පුළුවන් පුංචි අවස්ථාවක් දෙන්නයි අපි මේ ඉඩ වෙන් කළේ.

කොහොමද ජීවිතේ?
වැඩත් එක්ක ගෙවීගෙන යනවා

මොනවද මේ දවස්වල තියෙන වැඩ?
අලුත් නාට්‍යය දෙකක වැඩ කරගෙන යනවා. රූ රැජන තරගයක නිවේදනයටත් දායක වෙලා ඉන්නවා.

නිවේදනය රඟපෑමට වඩා ‍ලේසිද?
මොන දේ වුණත් කරන්න පටන් ගන්න කලින් හිතෙන්නේ හරි ‍ලේසියි කියලා. ඒත් ඒ වැඩේ කරගෙන යද්දී තමයි අමාරුකම තේරෙන්නේ.

නිවේදනයත් එහෙමයි. රඟපෑමත් එහෙමයි.

බිස්නස් එකක් එහෙම පටන් ගන්න අදහසක් නැද්ද?
බිස්නස් පටන් ගන්න සල්ලි ඕනනේ. අපිට ඉතිං කොහෙන්වත් ආධාර හම්බ වෙන්නේ නැහැනේ. අනික වැඩ ගොඩක් පටලවා ගන්නත් මම කැමැති නැහැ.

ඒ කියන්නේ රඟපෑමෙන් හම්බ කරන්න බැහැ?
වැඩ තියෙද්දී සල්ලි හම්බ වෙනවා. ඒකෙන් ලොකු සල්ලිකාරයෙක් වෙන්න අමාරුයි.

එතකොට වැඩ නැතිවෙන කාලෙක?
මට රඟපාන්න කලින් කා‍ලේ වගේ අපේ අම්මලා කන්න බොන්න දීලා බලා ගනීවි. දැනට වැඩ තියෙන හින්දා එහෙම ප්‍රශ්න නැහැ.

මහේෂි රඟපෑමට ගියේ නැත්නම්?
මම එයා හොස්ටස් කෙනෙක් වෙන්න තිබුණා. මම තාමත් කැමැතියි ඒ පැත්තෙන් ඉස්සරහට යන්න.

රංගන ක්‍ෂේත්‍රයට එන්න ගත්තු තීරණේ හරිද?
අද මට ලැබිලා තියෙන ජනප්‍රියකම. මට හඳුනාගන්න ලැබුණු හොඳ මිනිස්සු ගැන බැලුවාම රඟපාන එකෙන් මට අවැඩක් වෙලා නැහැ. ඒ කියන්නේ මගේ තීරණේ හරි.

හොඳ අය විතරමද මුණ ගැහුණේ?
එහෙම කියන්නම බැහැ. ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවලුත් තිබුණා.

ටික කාලෙකට කලිනුත් එහෙම ප්‍රශ්නයක් ඇති වුණා?
ගැටුමක් ඇතිවුණා. එහෙම වුණේ එක එක්කෙනා හිතන විදිය වෙනස් නිසා. එක්කෙනොට එක්කෙනා ඉරිසියා කරද්දී ඒ වගේ දේවල් වෙනවා.

ඒ සිදුවීම නිසා මහේෂි හදාගෙන හිටපු තැන නැති වුණාද?
එයා ප්‍රසිද්ධියේ පත්තරවලින් මට බැන්නා. අන්තිමට එයාගේ පැත්තට කතා කරපු අයටත් එයා බැණ්නා. ඒ නිසා මගේ තැන නැති වුණේ නැහැ.

මහේෂිගේ පැත්තට කතා කරපු අයත් හිටියා?
මගේ පැත්තට කතා කළාම නමෛයි, එකට වැඩ කරද්දී අනිත් කෙනාගේ දියුණුව ඉවසගන්න බැරි අය ඔය වගේ දේවල් කරනවා කියලා සමහර අය මට තේරුම් කළා.

දැන් ඒ ගැන තරහක් හිතේ නැද්ද?
මම නම් වැඩිය ඔය දේවල් හිතන්නේ නැහැ. හැබැයි එයා නම් මට මුහුණ දෙන්න බැරුව ඉන්නේ. කියපු කරපු දේවල් නිසා.

ජනප්‍රිය වෙන්න ඔය වගේ සිදුවීම් පාවිච්චි කරනවාද?
ජනප්‍රියකම බලෙන් ලබා ගන්නවත්, හැමදාම තියා ගන්නවත් පුළුවන් දෙයක් නමෛයිනේ. ඒ නිසා චණ්ඩිකම් පෙන්නලා ජනප්‍රිය වෙන්න බැහැ.

 
Related Posts with Thumbnails