Ads 468x60px

.

ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රථිපල මෙන්න - වැඩිම මනාප හරීන්ට දෙවැනියා ශෂින්ද්‍ර

ඌව පළාත් සභා මැතිවරණයෙන් මෙවර වාර්තාගත වැඩිම මනාප සංඛ්‍යාවක්‌ ලබාගෙන ඇත්තේ එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදුණු හරීන් ප්‍රනාන්දු මහතායි.

ඔහු මනාප ඡන්ද 1,73,993 ක්‌ ලබාගෙන ඇති අතර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කළ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද 96,619 ක්‌ ලබාගෙන තිබෙනවා.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් මොනරාගල දිස්‌ත්‍රික්‌කයට තරග කළ කුමාරසිරි රත්නායක මහතා මනාප ඡන්ද 59,285 ක්‌ ලබාගෙන ඇති අතර එම පක්‍ෂයෙන්ම තරග කළ උදාර විජයමුණි සොයිසා මහතා

මනාප ඡන්ද 48,512 ක්‌ හිමිකරගෙන තිබෙනවා.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයට එ.ජා.ප.යෙන් තරග කළ ආර්. වේලායුදන් මහතා මනාප ඡන්ද 30,457 ක්‌ ලබාගෙන ඇති අතර ජයන්ත කන්නන්ගර මහතා මනාප ඡන්ද 28,290 ක්‌ ද උපාලි සමරවීර මහතා මනාප ඡන්ද 28,229 ක්‌ ද හිමිකරගෙන
තිබෙනවා.

මොනරාගල දිස්‌ත්‍රික්‌කයට එජාපයෙන් තරග කළ ආනන්ද කුමාරසිරි මහතා මනාප ඡන්ද 24,421 ක්‌ද, එච්. එම්. ධර්මසේන මහතා මනාප ඡන්ද 18,400 ක්‌ ද, ජානක තිස්‌ස කුට්‌ටිආරච්චි මහතා 18,265 ක්‌ ද ලබා
තිබෙනවා.

බදුල්ල දිස්‌ත්‍රික්‌කයට එජනිසයෙන් තරග කළ අනුර විදානගමගේ මහතා මනාප ඡන්ද 59,316 ක්‌ ද චාමර සම්පත් දසනායක මහතා මනාප ඡන්ද 34,337 ක්‌ ද සෙන්දිල් තොණ්‌ඩමන් මහතා මනාප ඡන්ද 31,854 ක්‌ ද හිමිකරගෙන
තිබෙනවා.

2009 වසරේ අගෝස්‌තු මස 08 වැනිදා පැවැති පළාත් සභා මැතිවරණයේදී එජනිසයෙන් තරග කළ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද 1,36,697 ක්‌ ද, එජාපයෙන් තරග කළ හරීන් ප්‍රනාන්දු මහතා මනාප ඡන්ද 36,996 ක්‌ ලබාගෙන තිබිණි.


එහි තවත් පුවත් පහතින් 

ඊයේ දින (20) පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී ප‍්‍රකාශ වී ඇති මනාප අනුව මොණරාගල දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් ලබාගෙන තිබේ.

නමුත් එය 2009 ඌව මැතිවරණය හා සැසඳීමේදී ඔහුගේ මනාප ප්‍රමාණය අඩුවී තිබේ. හිටපු මහ ඇමති 2009 වසරේ මනාප 1,30,000කට වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගත්ත ද මෙවර ලබාගෙන ඇත්තේ මනාප 96,619 කි.

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ඌව පළාත් සභා මැතිවරණයේ පළමු ස්ථානයට පත්ව සිටී. හරීන් ප්‍රනාන්දු මනාප 173993 ලබාගෙන ජයග්‍රහනයකොට තිබේ.

සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ මනාප ජන්ද බලන්න පහතින්.

සන්ධානයෙන් ඌව පළාත් සභාවට තේරී පත් වුණු මන්ත‍්‍රීවරුන් අට දෙනා මෙසේය.


1. ශෂීන්ද‍්‍ර රාජපක්ෂ – 96,619
2. කුමාරසිරි රත්නායක – 59,285
3. උදාර සොයිසා – 48,512
4. සාලිය සුමේධ සිල්වා – 21206
5. සෙනරත් අත්තනායක - 19,448
6. විමල් ගලගමආරච්චි - 17,625
7. හරේන් ධර්මදාස බණ්ඩා -15,843
8. පද්ම උදයශාන්ත ගුණසේකර (ජනිපෙ) - 12,412

එක්සත් ජාතික පක්ෂ
01. ආනන්ද කුමාරසිරි – 24,421
02. එච්.එම්. ධර්මසේන – 18,400
03. තිස්ස කුට්ටිආරච්චි – 18,265
04. ජයසිංහ බණ්ඩාර – 16347

බදුල්ල දිස්ත්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 9)
01.අනුර රවීන්ද්‍ර විදානගමගේ 59316
02.චාමර සම්පත් දසනායක 34337
03.සෙන්දිල් තොණ්ඩමන් 31858
04.සුදර්ශන දෙනිපිටිය 28187
05.ඒ එම් බුද්ධදාස 25193
06.වඩිවේල් සුරේෂ් 21967
07.හේමා රත්නායක 20536
08.එම් පී ලීලසේන 20282
09.ආර්මුගම් ගනේෂ මූර්ති 19262

එක්සත් ජාතික පක්ෂය (ආසන 8)
01.හරීන් ප්‍රනාන්දු- 173993
02.වේලායුදන් රුද්‍රදීපන් 30457
03.ජයන්ත කන්නන්ගර 28290
04.උපාලි සමරවීර 28229
05.රවීන්ද්‍ර සමරවීර 25580
06.සෙනරත් ජයසුරිය 24218
07.උපාලී සේනාරත්න 22272
08.රා.මු රත්නායක 20249

ජනතා විමුක්ති පෙරමුණ
01. සමන්ත විද්‍යාරත්න - 14161 


තව දුරටත් 

ඊයේ (20) පැවැත්වූ ඌව පළාත් සහා මැතිවරණයේ සමස්ථ ජන්ද ප්‍රතිඵලය මේවනවිට නිකුත් වී තිබේ. ඒ අනුව බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහනයකොට තිබේ. දිස්ත්‍රික්ක දෙකම සන්ධානය ජයග්‍රහණය කලත් එම ජයග්‍රහණය වෙනදා මෙන් නොව ඉතා අඩු පරතරයක් සහිතව ලබාගත් ජයක් බව පෙන්නේට තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ආසන 6 ක ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂය ආසන 3 ක් ජය ගැනීමට සමත් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ලේ පස්සර, බණ්ඩාරවෙල, ඌව පරණගම, හපුතලේ, මහියංගනේ හා වියලුව යන ආසන ජය ගැනීමට සමත් විය.

එක්සත් ජාතික පක්ෂය හාලිඇල, බදුල්ල හා වැලිමඩ යන ආසන ජය ගැනීමට සමත් විය.

අවසන් ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 209,056 (47.37%) ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 09 කි.

එසේම බදුල්ල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 197,708 (44.79%) ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 කි.

ජනතා විමුක්ති පෙරමුණ බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 20,625 ( සියයට 4.67) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.

මොණරාගල දිස්ත්‍රික්කය
මොණරාගල දිස්ත‍්‍රික්කයේ බිබිල ,මොනරාගල , වැල්ලවාය යන ආසන තුනේම ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවී තිබුණි.

මොනරාගල අවසන් ජන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 140850 (58.34%) ක් වන අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 08 කි.

එසේම මොණරාගල දිස්ත්‍රීක්කය තුළ එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 77065 (31.92%) ක් වන අතර එම පක්ෂයට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 5 කි.

ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 15955( සියයට 1.14) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 1කි.

2009 මැතිවරණය හා සැසඳීමේදී ප්‍රතිඵල
පසුගියවර (2009) පැවති ඌව මැතිවරණය හා සැසදීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශාල පසුබෑමක් ලබා ඇත.එම මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රීක්කයට මන්ත්‍රී ආසන 21ක් හිමිව තිබිණ.

එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 2,59,069 (සියයට 67.79) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 14 කි.

එක්සත් ජාතික පක්ෂය එහිදී ලැබූ ඡන්ද සංඛ්‍යාව 98,635 (සියයට 25.81) ක් වන අතර එම පක්ෂයට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 05කි.

ජනතා විමුක්ති පෙරමුණ එම අවස්ථාවේදී බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,007 ( සියයට 2.36) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට මන්ත්‍රී ආසනයක් හිමිවිය.

මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්වී තරඟ කල කඳුරට ජනතා පෙරමුණ 2009 මැතිවරණයේදී වෙනම තරඟ කර බදුල්ල දිස්ත්‍රීක්කය තුළ ඡන්ද 9,227( සියයට 2.41) ක් ලබා ගැනීමට සමත්වූ හෙයින් ඔවුනට ද මන්ත්‍රී ආසනයක් හිමිවිය.

මාධ්‍යය ආයතන වලට බලපෑම්
ඌව පළාත් සභා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත්වෙමින් පවතින අතර මැතිවරණ ප්‍රතිඵල විග්‍රහකිරීමේදී 2009 ප්‍රතිඵල නොගෙන 2004 වසරේදී පැවති පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල සමග සංසන්දනය කරන ‍ලෙස  මාධ්‍ය ආයතන වෙත ඉහළ නියෝගයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

මැතිවරණ මහලේකම් කාර්යාලයට මොනරාගල්ක අවසන් ප්‍රතිඵලය වරදී
ඌව පළාත් සභා මැතිවරණයේ මොනරාගල දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිඵලයට අනුව ආසන 1ක් සමග ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 14,960ක් ලෙස දැක්වුණු අතර පසුව මැතිවරණ මහ ලේකම් කාර්යාල විසින් නිවෙදනයකොට ඇත්තේ එම ප්‍රත්ඵලය ඔවුන්ට වැරදුණු බවකි. ඒ අනුව නිකුත් කල නව ප්‍රතිඵල අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ගණන දැක්වුණේ 15,955ක් ලෙස ය.
 
Related Posts with Thumbnails