Ads 468x60px

.

යට ඇඳුම් කිසිවක් භාවිතා නොකල මිලා කුනීස්ගේ ගැබිනි ගවුම් විලාසිතාව (පින්තුර)

පසුගිය ඉරිදා දහවල් ආහාරය ලබාගැනීම සඳහා මිතුරියක සමග ඇමෙරිකාවේ ප්‍රසිද්ධ අවන්හලකට ගිය මිලා කුනීස් වෙත හොලිවුඩ් පැපරාසි ඇස යොමුව තිබුණා.

තිස් හැවිරිදි මිලා කුනීස් හොලිවුඩ් පුරයේ ඉහළම පුවත් මවන්නියක වුවත් ඇශ්ටන් කුචර් සමග විවාහ වී දරු සුරතල් බලන්නට තීරණය කළ පසුව කලක පටන් කැමරාවලින් මුවා වී හිඳින්නට පියවර ගෙන සිටියා. 


මිලා කුනිස්ගේ මෝරා වැඩුණු දරු ගැබත්, එදා ඈ සැරසී සිටි ගර්භණී ගවුමේ විලාසිතාවත් ගැන ලෝකය වටා හොලිවුඩ් රසිකයන්ගේ අවධානය යොමු වුණා.

ටී ෂර්ට් රෙද්දෙන් මසා තිබුණු ඒ කලු දිග මැක්සි ගවුම් විලාසිතාවට ඇය යට ඇඳුම් කිසිවක් භාවිතා නොකර සිටීමත් විශේෂයක් බව ජාලයේ තැන

තැන කතාබහට ලක් වුණා. 

මේක් අප් නැතිවම හිස කෙස්වත් හරියට නොපීරාම ගෙදරින් පිටතට බැස තිබුණත් තමන්ගේ ප්‍රියතම හොලිවුඩ් තරුව කලෙකින් දැක ගැනීමට හැකිවීම ගැන රසිකයන් සතුටින් ඉපිලී ගිහින්.

මිලා කුනීස් කතා බහට ලක්වුණු ආසන්නතම හේතුව වුණේ ගැබ් ගත් විගස ඇය එක්තරා ප්‍රසිද්ධ සඟරාවකට ලබා දී තිබුණු සම්මුඛ සාකච්ඡාවකුයි. මට විවාහ වෙන්න වුවමනාවක් තිබුණේ නැහැ. 


මම විවාහ නොවී ඉන්න තීරණයක් ගත්තේ අවුරුදු දොළහේදීයි. ඒත් මම දැන් ගැබිනියක්. මට මේවාට මුහුණ දෙන්න සිද්ධ වුණේ පුදුම විදිහටයි. යනුවෙන් ඒ සාකච්ඡාවේදී ඇය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. 
 
Related Posts with Thumbnails