Ads 468x60px

.

ලසිත් මාලිංගට හදිසි ශල්‍යකර්මයක් - ක්‍රීඩාව අත්හිටුවයි (ඡායාරූප සහිතයි)

ලසිත් මාලිංගට ඉදිරි සති 16 ක කාලයක් සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වෙනු ඇති බවට මේ වන විට hot and fast නිවුස් වන අප වෙත වාර්තා වෙනවා.

ඒ ශ‍්‍රී ලංකා 20-20ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ගේ දණහිසේ හදිසි ශල්‍යකර්මයක් සිදු කිරීමට ඇති බැවිනි. ඒ සඳහා ලසිත් මාලිංග ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති බව තව

දුරටත් අප වෙතවාර්තා වෙනවා.

මේ හේතුවෙන් ඔහුට අවම වශයෙන් ඉදිරි සති 16ක කාලයක් ක‍්‍රීඩාවෙන් වැලකී සිටීමට සිදුවනු ඇත. ක‍්‍රිකට් තේරීම් කාරක සභා සභාපති සනත් ජයසූරිය මහතා මේ බව සනාථ කර තිබෙනවා.

මෙම ශල්‍යකර්මය මාලිංගගේ වම් පාදයට සිදුකිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. සියළු වියදම් ක්‍රිකට් ආයතනය දරනු ලබයි. මේ හේතුවෙන් ඔහුට නවසීලන්ත සහ එංගලන්ත තරගාවලි අහිමි කිරීමක් වනු ඇතැයි සදහන්. 


මාලිංගට 2015වසරේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කළ හැකිවනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ විශ්වාසයයි.

ඡායාරූප පහලින් නරඹන්න..



 
Related Posts with Thumbnails