Ads 468x60px

.

වසර 20ක් ලෝකයෙන් වසන් වී ජීවත් වු ලොව විශාලතම දෑතේ හිමිකාරිය

ලොව විශාලතම අත් පිහිටා තිබෙන බවට සැළකෙන ඇය වසර 20ක් තිස්සේ ලෝකයෙන් වසන් වී ජීවත් වුවත් සිය මාපියන්ගේ අභාවයෙන් පසු ඇයට ලොවට මුහුණ දෙන්නට සිදුවූයේ ජීවත්වීමේ මඟක් සොයාගත යුතු නිසයි.

කෙදිනකවත් පාසල් නොගිය සමක්සාමම් කියවන්නට හෝ ලියන්නට දැනුමක් නැතත් ඉතා සුළුවෙන් ග්‍රොසරියක් පවත්වාගෙන යන්නේ සිය සොයුරිය හා ලේලිය සමඟ ජීවිතේ ගෙවමින්.

තනිවම හිස පීරීමට හෝ කුඩා දෙයක් අතට ග‍්‍රහණය කළ නොහැකි ඇය ලොව ඉතා දුර්ලභව පවතින රෝගයකින් පෙළෙනවා.

මැක්‍රොඩයිස්ට්‍රොෆියා ලිපොමැස්ටෝසා යන උපතේ සිට සිරුරේ කොටසක් අසාමාන්‍ය ලෙස විශාල වීමේ රෝගයෙන් පෙළෙන ඇයගේ උරහිසේ සිට ඇඟිලි දක්වා කොටස අසාමාන්‍ය ලෙස විශාලයි.


අසාමාන්‍ය ස්වරූපය නිසා ලෝකෙන් වසන්ව සිටි ඇය වරින් වර සැත්කම් ගණනාවකට මුහුණ දුන්නත් එ් කිසිදු සැත්කමක් දීර්ඝ කාලීන සාර්ථක විසඳුමක් ලබාදීමට සමත් වී නැහැ.

මෙවැනි රෝගයක් ඇති බවට පැවසුවත් වෛද්‍යවරු පවසා තිබුණේ දෑත් මෙතරම් විශාල වී ඇති පුද්ගලයකු පිළිබඳ මෙතෙක් අසන්නට නොහැකි

බවයි. ඇය නමින් ඩුවන්ග්ජේ සමක්සාමම් වන අතර තායිලන්තයේ වෙසෙන 50 හැවිරිදි කාන්තාවක්. 
 
උපතේ පටන් එන මේ රෝගය නිසා දෑතේ වරින් වර ඇතිවන අධික වේදනාව දරාගනිමින් තවදුරටත් වේගයෙන් වර්ධනය වන දෑත් සමඟ ජීවිතේ බොහෝ වරප‍්‍රසාද අහිමි ඇය සිය කුඩා අලෙවිසලෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.


The 59-year-old has the rare condition macrodystrophia lipomastosa, which causes vast fat deposits to distributed across her arms and hands 

Moving can be very uncomfortable and even the simplest tasks, such as washing and combing her hair, are extremely difficult for Duangjay

At the age of 25, she started undergoing a series of operations to try and treat her condition but rather than improving the situation the surgery made it worse
 
Related Posts with Thumbnails