Ads 468x60px

.

අඛිලට මාත් එක්ක අරක කරන්න ඕනෙලු, අනිත් අමන්දා use කලා විතරලු, හිටපු අමන්දාගේ කතාව


අඛිල අලුත් අමන්දාගේ 24 වන උපන්දිනය සැමරූ දිනයේ 
ජායාරූප මෙන්න.

ජැක්සන් ඇන්තනීගේ ලොකු පුතා වන අඛිල ධනුද්ධරගේ පේ‍්‍රම වෘතාන්තය බිඳ වැටුන පුවත පසුගිය කාලයේ වැඩි අවධානයක් දිනාගත්තා. 

ඒ එකල ඔහුගේ පෙම්වතිය වූ නිලුක්ෂි අමන්දා අඛිල බොරු කාරයෙක් මෙන්ම වංචා කාරයෙක් බවට ප‍්‍රසිද්ධියේම චෝදනා කල නිසාය. නමුත් මේ කිසිවක් පිළිබදව අඛිල ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් සිදු කලේ නැහැ. 

මේ දේවල් මේ විදිහට සිද්ධවෙන අතරේ අපිට අඛිලගේ අලුත් පෙම්වතිය ගැන විශේෂ තොරතුරු රැසක් ආරංචි උනා. 

පුදුමයට කාරණය නම් ඇයගේ නමද අමන්දාම වීමයි. ජාඇල ප‍්‍රදේශයේ පදිංචිව සිටින ඇයත් සමග අඛිල කාලයක සිට පෙම් සබදතාවයක්
පවත්වාගෙන යන බවයි අපට ආරංචි වන්නේ.

අඛිලගේ ඩබල් ගේම පිළිබඳව තවත් විස්තර පහතින්.

'සිරි පැරකුම්' චිත‍්‍රපටය සමගින් ජනප‍්‍රියත්වයට පත් අඛිල ධනුද්ධරගේ හා ටෙලි නාට්‍ය නිළියක හා නිරූපිකාවක වන නිලුක්ෂි අමන්දාගේ පේ‍්‍රමය සුවිශේෂි එකකි. එනම් අනිත් නළු නිළියන් හැංගි හැංගී පෙම් කරන විට ඔවුන් පෙම් කලේ එළිපිටය. ඔවුන්ගේ ඡායාරූප හැංගුවේ නැත. 

මාධ්‍යයට කතා කරන විට මේ මගේ පෙම්වතා, මේ මගේ පෙම්වතිය යැයි රටටම කීය. නමුත් ඒ පෙම දැන් සී සී කඩ ගොසිනි. ඒ සියල්ල එළිපිට වන විට ඇතුලේ හංගපු දෙයක්ද තිබුන නිසාවෙනි. ඒ අඛිලගේ වසර ගණනක් පැරණි තවත් පෙමකි.

අමන්දා අඛිලට අසීමිතව ආදරය කරද්දී අඛිල අමන්දාට මෙන්ම තවත් අයෙක්ටද පෙම් කලේ හොර රහසේමය. තමන්ව වසර ගණනක් තිස්සේ මුලාවේ දමමින් අඛිල අමන්දාට කල බොරුව ගැන අමන්දා ඉන්නේ
අසීමිත දුකකින් හා පිළීකුළකිනි. 


අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණ මේ කතාවේ ඇත්ත නැත්ත ගැන අප අමන්දාගෙන් ඇසූවිට අමන්දා අපට කියූවේ මෙයයි...

"ඔව්, ඒ කතාව ඇත්ත. ඒ Affair එක ඉවරයි. අඛිල මහ බොරුකාරයෙක්. අවුරුදු ගානක් තිස්සෙ මාව රවට්ටලා. මම එයාට අවංකවම ආදරේ කලා. එයා මාත් එක්ක එකට ඉදලා Photos අරන් interviews වලට දානකොට මට උනත් හිතුනෙ එයා කිසිම දෙයක් හංගන්නෙ නැති කෙනෙක්නෙ කියලයි.


ඒත් එයා හංගන්න ඕන ලොකුම දේ හංගලා. එයා මාව එයාගේ ආභරණයක් විදිහටයි පාවිච්චි කරලා තියෙන්නෙ. මාව හම්බවෙන්න කලින්ම ඉදන් අවුරුදු ගානක ඉදන් දැන් වෙනකන්ම ගෑණු ළමයෙක් ගෙන් ප‍්‍රයෝජන අරගෙන. ඒ ළමයටත් තියෙන්නෙ මගේ නමමයි.

කොහොමටත් එයාගෙන් මම බලාපොරොත්තු උන ආදරේ ලැබුනෙ නැහැ. එයා හරියට ආදරේ කරන්න දන්නෑ. මොකද මං බලාපොරෙත්තු උනේ හැමතිස්සෙම මං ළඟින් ඉන්න මං ගැන හොයලා බලන කෙනෙක්ව. එහෙම දෙයක් හම්බඋනේ නැහැ එයාගෙන්. 


එයාගෙ තියෙන නොගැලපීම් නිසා මම කීපසැරයක්ම එයාගෙන් අයින් වෙන්න හැදුවා. ඒ වෙලාවට එයා අපේ ගෙදරට එන්නෙ අඩාගෙනයි. ඒ එන්නෙත් ගෙදර සේරම එක්කරගෙන. මෙහෙම දෙයක් කලේ ඇයි කියලා ඇහුවම මට දීපු උත්තරේ තමයි, ඔයාගෙ ආදරෙන් නොලැබන 15% එයාගෙන් ලබාගන්න තමයි ගියේ කියලා. 

තවත් මොනවා කතා කරන්නද මීට වඩා. අඩුගානේ එයාලාගේ ගෙදර කවුරුවත් මට මෙහෙම දෙයක් ගැන කිව්වෙ නැහැ. මේ කියන දේවල් වලට වඩා ඒ ළමයාට ගොඩක් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. 

ඒ නිසා අඛිලට ඒ ළමයාව අනිවාර්යයෙන්ම බදින්න වෙනවා. එයා තාමත් මට කරදර කරනවා. මාත් එක්කලු එයාට ඉන්න ඕනෙ, මට විතරලු ආදරේ. අර කෙල්ලව use කලා විතරලු. හොද මූණ පෙන්නගෙන ඉන්න මේ වගේ මිනිස්සුන්ගෙන් ආයෙ කිසිම ගෑණු ළමයෙක්ට කරදරයක් නොවෙන්න ඕන හින්දයි මම මේ හැමදේම බය නැතුව කියන්නෙ. "

අඛිල ධනුද්ධර යනු ජනප‍්‍රිය චිත‍්‍රපට නළු ජැක්සන් ඇන්තනීගේ හා ටෙලි නිළි හා ගායිකාවක වන කුමාරි මුණසිංහගේ වැඩිමහල් පුතාය. මේ අඛිලත් අලුත් අමන්දාත් ඇයගේ 24 වන උපන්දිනය සැමරූ දිනයේ ජායාරූපයි


 
Related Posts with Thumbnails