Ads 468x60px

.

අපිට සියයට සීයක්ම ගැළපෙන අය ලැබෙන්නේ නෑ - විවාහයෙන් පසු භාග්‍යා කතා කරයි.


මමයි 
එයාගෙන් 
ඉස්සෙල්ලාම 
ඇහුවේ.

භාග්‍යා ගුරුසිංහ පුංචි තිරයේ දඟකාර, කටකාර, හැඩකාර සැහැල්ලු චරිතයක්. 

ඇය පසුගියදා විවාහ වුණා කියලා අපිට ආරංචි වුණු නිසාම ඇගේ ජීවිතේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

ඉතිං භාග්‍යා?
මේ දවස්වල ගොඩක්ම ගොඩක් සතුටින් කාලය ගත කරනවා.

විවාහයෙන් පස්සේ ජීවිතේ වගකීම් වැඩිවුණාද?
තාම එහෙම දැනිලා නෑ. මම කැමැති ජීවිතේ සරල වෙනවට උයන්න. ගෙවල් අස් කරන්න මෙහේ කට්ටිය ඉන්නවා. ඒ නිසා ඒ වැඩ මගේ අතින් වෙන්නෑ. මට තියෙන්නේ පියුෂාන්ව ආදරෙන් බලාගන්න.

ඉවුම්, පිහුම් කටයුතුවලට භාග්‍යා කැමැති නැද්ද ?
මට ඒ හැමදේම අපේ අම්මා කියලා දීලා තියෙන්නේ. ඒත් ඒ වැඩවලින් පියුෂාන් මාව නිදහස් කරලා තියෙන්නේ. එහෙම නැතුව ඒ වැඩවලට

අකැමැතිව නෙවේ.

විවාහයෙන් පස්සේ පදිංචි වෙන්නේ කතරගමද?
නෑ. ස්ථිර පදිංචිය කතරගම නෙමේ. කොළඹ පදිංචිවෙන්න තීරණය කරලා තියෙන්නේ. ඒත් ගොඩක් වෙලාවට කතරගම පියුෂාන්ගේ මහගෙදර නිසා එහෙ යන්න වේවි.

කොළඹ ඉඳන් කතරගමට පැමිණීම වෙනසක් දැනුණද?
ගොඩක් අය කීවා කොළඹ පරිසරයට වඩා කතරගම වෙනස් කියලා. ඒත් ලොකු වෙනසක් දැනුණේ නෑ. හැබැයි කොළඹට වඩා මෙහෙ හරි නිස්කලංකයි.

පියුෂාන් කැමැතිද භාග්‍යා දිගටම රඟපානවට?
එයා සමහර වෙලාවට කියනවා ඔයා කැමැති නම් රඟපාන්න කියලා. ඒත් තව වෙලාවකට කියනවා රඟපාන්න ඕනම නෑ නේද කියලා. මම උදේට නැගිටින්නත් කම්මැළියි. ඉතිං මම තීරණය කළා රංගනයෙන් ඉවත් වෙන්න.

දුකක් නැද්ද අවුරුදු විස්සෙන් රංගනය නතර කිරීම ගැන?
ගොඩක් දුකයි කොහොමත් අපේ අම්මා මට කියපු දෙයක් අවුරුදු 20ක් වුණාම රංගනයෙන් ඉවත් වෙන්න ඕන කියලා. ඉතිං මම අද ඒ තීරණය අරගෙන තියෙන්නේ.

රංගනයට සමුදෙන්න තීරණය කළේ පියුෂාන් බලපෑම් කළ නිසාද?
අනේ නෑ.. ඒත් විවාහයෙන් පස්සේ රංගනයට දායක වුණොත් දෙන්නට දෙන්න කතාබහ කරන්න වෙලාවක් නැතිවෙනවා. එතකොට වෙන්නේ ගැටුම් ඇතිවෙන එක. ඒ නිසා ඒ ගැන හිත හිත මම පසුතැවෙන්නේ නෑ. ඒ තීරණය ගැන සතුටුවෙනවා.

පියුෂාන්ගේ ගෙදරින් ලැබෙන සහයෝගය මොනවගේද?
පියුෂාන්ගේ අම්මා මට සලකන්නේ එයාගෙම දුවෙක්ට වගේ. ඒ නිසා මට එහෙත් මගේ ගෙදර වගේ තමයි.

පියුෂාන්ට භාග්‍යයට මුණගැහෙන්නේ කොහොමද?
පියුෂාන් ‘ඔබේ නීල නෙත් මාගේ කියලා’ සිංදුවක් කළා. ඒ ගීතේ විෂුවල් එකට රංගනයෙන් දායක වුණේ මම. එදා තමයි මුලින්ම පියුෂාන්ව මුණගැහෙන්නේ. මාස 06කට විතර පස්සේ තමයි අපේ සම්බන්ධය පටන් ගන්නේ.

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ.?
පියුෂාන්. හැබැයි එයා ඒ ගැන කෙළින්ම කීවේ නෑ. ඇඟෙව්වා විතරයි.

භාග්‍යා කොහොමද දැනගත්තේ පියුෂාන් කැමැතියි කියලා.?
අපි කතරගම ට්‍රිප් එකක් ගියා. ඉතිං එයා අපිට ගොඩක් උදව් කළා. මගේ ඩධදඥ දභථඡඥප එක අරගෙන මට ඉර්ඉ කළා. දවස් දෙක, තුනකට පස්සේ එයා හරිම ආදරණීය විදියට ඉර්ඉ කළා. එතකොට තමයි මම දැනගත්තේ පියුෂාන් මට කැමැතියි කියලා. 


මම එයාගෙන් ඇහැව්වා මගේ ගැන අදහසක් තියෙනවාද කියලා. පියුෂාන් ඔව් කීවා. හැබැයි මම මොකුත්ම කියන්න ගියේ නෑ. එයා ආපසු කතා කරලා මගෙන් ඇහැව්වා. ‘එයා එක්ක තරහද’ කියලා මම අම්මාට ඒ ගැන කීවා.

පියුෂාන්ට ගෙදරින් කැමැති වුණාද?
මුලින්ම අපේ අම්මා කැමැති වුණේ නෑ. පස්සේ අම්මා කැමැති වුණා. හැබැයි තාත්තායි, අයියයි අකැමැති වුණේ පියුෂාන් කතරගම නිසා. පියුෂාන් ගොඩක් හොඳ නිසා අන්තිමට අපේ ගෙදරින් කැමැති වුණා.

ඇයි පියුෂාන්ට භාග්‍යා කැමැති වුණේ?
ඇත්තටම එයා ගොඩක් හොඳයි. පිනට දහමට ගොඩක් ළැදියි. මිනිස්සුන්ට හරියට උදව් කරනවා. ඒ වගේම එයාට තියෙන්නේ ගොඩක් හොඳ ගතිගුණ. ඒකයි මම පියුෂාන්ට කැමැති වුණේ.

තමන්ගේ ජීවිතේට නිවැරදිම කෙනා ලැබුණා කියලා භාග්‍යා විශ්වාස කරනවාද?
අපිට සියයට සීයක්ම ගැළපෙන අය ලැබෙන්නේ නෑ. ඒත් පියුෂාන් මාව ආරක්ෂා කරගන්න විදියට මට ආදරේ කරන විදියට මම හිතනවා මගේ ජීවිතේට නිවැරදිම කෙනා ලැබුණා කියලා.

විවාහයෙන් පස්සේ පවු‍ලේ අයගෙන් ඈත්වීම දැනෙන්නේ කොහොමද?
ගොඩක් දුකයි. උදේ සවස ඒ අය නිතරම කතා කරනවා. ඒ අයත් කියන්නේ මම නැතුව ගොඩක් පාළුයි කියලා.

මොනවද අනාගත බලා‍පොරොත්තු ?
හැමදාම සතුටින් ජීවත්වෙන්න. 


 
Related Posts with Thumbnails