Ads 468x60px

.

රත්නපුර කාන්තාවට පහරදුන් පොලිස් නිලධාරියා ගේ වැඩ තහනම්.

පසුගිය දින රත්නපුර නගරයේදී කාන්තාවකට පහරදීම සම්බන්ධ යෙන් අදාළ පොලිස් සැරයන් වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් නිවේදනයේ මෙසේ දැක්වෙයි.

පසුගියදා රත්නපුර නගරයේදි සිදුවු කාන්තාවකට පහර දීෙමි සිද්ධියකට අදාළව විඩීයෝ හා ඡායාරූප විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පලකරන ලද අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදි.


මූලික විමර්ශනයකින් අනතුරුව අදාළ කාන්තාවට පහරදීම සිදුකල රත්නපුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයාගේ සේවය

අද දින අත්හිටුවා වැඩ තහනම් කරන ලදි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ ක්‍රියා කිරිමට සහ අධිකරණ
ක්‍රියාමාර්ග ගැනිම සදහා තවදුරටත් පරික‍ෂණ පවත්වාගෙන යනු ලබයි. එම වීඩියෝව නැවත බලන්න පහතින්.

පොලිස් නිලධාරියෙකු රත්නපුරදී කාන්තාවකට පහර දුන් සංස්කරණය නොකළ වීඩියෝව.


කොණ්ඩයෙන් 
අල්ලා බිම 
පෙරළා 
පොල්ලකින් 
ගහන හැටි.

රත්නපුර බස් නැවතුම්පළ ආසන්න ස්ථානයක සිදුවුණ බව දක්වමින් කාන්තාවකට පොලිස් නිලධාරියෙකු පහරදෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ කථාබහක් ඇති කර තිබෙනවා. මෙම වීඩියෝව එම ස්ථානය අසළ සිටි පුද්ගලයෙකු ජංගම දුරකථනයකින් පටිගත කරගෙන අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා

මෙය කවර කරුණක් නිසා කවරෙකුට පොලිස් නිලධාරියා පහර දෙන්නේදැයි පැහැදිලි නැති නමුත් ඉතා අමානුෂික ලෙස පිරිසක් බලා සිටියදී කාන්තාවගේ කොණ්ඩයෙන් ඇද බිම පෙරළා බැටන් පොල්ලක් වැනි දෙයකින් පහරදෙන හැටි මෙම සංස්කරණය නොකළ වීඩියෝවේ
දැක්වෙනවා.


අප කල සොයාබැලීමකදී හෙලිවුයේ මෙම කාන්තාව ලොව පැරණිම වෘතියක් ජීවිකාව කරගෙන ජීවත් වන්නියක් බවයි. එම කාන්තාවත් පොලිසියේ නිලධාරියාත් අතර ඇතිවූ සංවාදයක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුවී ඇත.

රත්නපුර බස්නැවතුම්පොලේ වැඩිපුරම ගැවසෙන මෙම කාන්තාව බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇත්තේ "බට්ටී" ලෙසිනි. මෙම කාන්තාව බස්නැවතුම්පොලේ ගැවසෙමින් සිය ජීවිකාව ගෙන යන තැනැත්තියක වේ.

සිදුවීම සිදුවූ දිනයේ එම කාන්තාව තවත් කාන්තාවක් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති අතර එය බේරීමට පැමිණි පොලිස් නිලධාරියාටද බට්ටී විසින් බැන වැදී තිබේ. එවිට කුපිත වූ පොලිස් නිලධාරියා ඇයට බැන වැදී ඇතිඅතර එහි ප්‍රතිපහලයක් ලෙස ඇය පොලිස් නිලධාරියාට ගලකින් ගැසීමට උත්සාහ ගෙන තිබේ.

එම උත්සාහය වළකාලමින් පොලිස් නිලධරියා විසින් මෙම පහරදීම සිදුකොට තිබේ. මෙම සිදුවීම විකාශය කල ස්වර්ණවාහිණියට පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා විසින් සිය අප්‍රසාදය ලිපියක් මගින් දන්වා තිබේ.
 

මේ සම්බන්ධව පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයාද තවම දැනුවත් නැති අතර ඉදිරියේදී සොයා බලා එම පොලිස් නිලධාරියා පිළිබඳවද පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. 
 
Related Posts with Thumbnails