Ads 468x60px

.

පාසල් තරුණයාට පෙම් බැන්ද වැන්දඹු කාන්තාව


19 හැවිරිදි පාසල්වියේ පසු වූ සිසුවකු වැන්දඹු කාන්තාවකට හසුවී පාසල් ජීවිතය පවා කඩාකප්පල් කරගත් සිද්ධියක් පිලිබඳ පුවතක් පුත්තලම ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

සිසුවාගේ මව කාලි කෝවිල වෙත පැමිණ බිම හැපෙමින් හඬා වැටුණ ආකාරයත්, ඒ මවගේ දරු දුක හරහා දෝරෙ ගලායන වේදනාවටත් කාලි මෑණියන් පිහිට වූ ආකාරය පිළිබඳ අතීත සිද්ධියක යටගියාව කියන්නට හඬ අවදි කර සිටියේ හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමියි.

මම මේ කියන කාන්තාව අවුරුදු 35ක වැන්දඹු කාන්තාවක්. මේ කාන්තාවගේ විවාහක සැමියා ඇයට දරුවෙක් දීලා පදවිය ප්‍රදේශයට ගිහිං වෙනත් කාන්තාවක් සමග ජීවත් වුණා. එයාට හිටියෙ අවුරුදු තුනක් වයසැති දැරියක්. 


මේ කාන්තාව පදිංචිව සිටියේ පුත්තලම ප්‍රදේශයට නුදුරු ගම් ප්‍රදේශයක. එයාගෙ ගෙය පිහිටල තිබුණෙ පාසැල් ක්‍රීඩාංගණයකට මායිම්වයි. මේ කාන්තාව පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමින් දරුවා රැක බලාගෙන ජීවත්වුණා.

එයාගෙ ආරක්ෂාවට ගෙදර හිටියේ ඇයගේ මිත්තණිය විතරයි. මේ කාන්තාව රැකියාවට නොයන සති අන්ත දිනවලදී ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරන්න එන තරුණ පිරිමින් දෙසට ඇස ගසාගෙනයි හිටියේ.


එහෙම සිටිද්දි රූමත් පාසල් තරුණයෙක් මෙයාගෙ උකුසු ඇසට අහුවෙලා ඇගේ අතරමං වී තිබූ ආදරය ඔහුට රහසේ පවසන්න උත්සාහ කළා. ටික දිනක් යද්දි ඇගේ අදහස ඉටුවුණා. ඒ තරුණ ළමයත් පාසල් ක්‍රීඩාවලින් පස්සේ වතුර බොන්න පවා දිවගෙන ආවෙ මේ ගෙදරටයි. 

ඒක එයාගෙ හිත තුළ දිගහැරුණ අදහස පලිදරන්න හේතුවුණා. එහෙම ආව ඒ පාසැල් තරුණයාට මේ වැන්දඹු කාන්තාව වතුර දෙනව වෙනුවට
සිසිල් බීම පවා දීලා කතාවට සම්බන්ධ කරගත්තා. දින සති මාස ගණනක් ගෙවී යද්දී ඒ තරුණයා මේ කාන්තාවගේ අනියම් පෙම්වතා බවට පත්වුණා. 

මේ ආදර කතන්දරය නිසා මේ තරුණයාගේ ගෙදර ජීවිතය දවසින් දවස වෙනස් වෙන්න පටන් අරන් තිබුණා. එයා ගෙදර මවුපියන් කියන දේ අහන්නෙ නැති තැනට පත්වුණා. මවුපියන්ටත් නොකියා මිතුරන් සමඟ ගමන් බිමන් ගියා විතරක් නෙවෙයි යහළුවන්ගේ නිවෙස්වලට යනව කියල ගිහින් රහසේ නවාතැන් ගත්තෙ අර වැන්දඹු කාන්තාවගෙ ගෙදරයි.

 ඒ කාන්තාවත් මේ පාසල් වියේ පසුවුණ තරුණයා ගෙදරට ආ අවස්ථාවලදි එයාට අනියම් යෝජනා කරල ඇගේ වසඟයට ගත්තා. මේ තරුණයාටත් මේ කාන්තාව නැතිවම බැරිවුණා. මේ පාසල් දරුවගෙ මවුපියන්ටත් හිටියෙ මේ පිරිමි දරුවා විතරයි. 

මේ දරුවා මවුපියන් ඉදිරියේ හැසිරෙන අන්දම ගැන ඒ මවුපියන්ට සැක මතුවී තිබුණත් ඒ අයට ඒ ගැන වැටහීමක් තිබුණෙ නැහැ. ටික දවසක් යද්දි හොඳට ඉගෙනීමට දස්කම් දක්වමින් සිටි මේ තරුණ පාසල් සිසුවාගේ අධ්‍යාපනය පවා කඩාකප්පල් වී ගියා. මවුපියන් සහෝදරයන් කියන දේ පවා මේ තරුණයා ගනන් ගත්තෙ නැහැ. 

ගෙදර හිතුවක්කාර චරිතයක් බවට පත්වුණා. ඒ වෙනකොට මේ තරුණයා අර වැන්දඹු කාන්තාවගෙ ගෙදරට රිංගන්න පටන් ගත්තා. ඒ අතරම අර වැන්දඹු කාන්තාව නිසා මේ තරුණයාගෙ අතමිට මුදල් ගැවසුණා. 

18 හැවිරිදි පාසල් තරුණයෙක් වසඟයට ගත් මේ 35 හැවිරිදි වැන්දඹු කාන්තාව එයාගෙ තනි කැමැත්තට එයාගෙ දෙවැනි සැමියා ලෙස විවාහ වෙන්න යෝජනා කළා. නමුත් මේ තරුණයා එයට කැමැති වුණේ නැහැ.

ඒකට මේ තරුණයා බියවුණා. ඒත් ඒ බවක් එයා මේ කාන්තාවට පෙන්නුවෙ නැහැ. එයා පාසල මාර්ගයෙන් ගත්ත එක් විභාගයකින් හැර උසස් පෙළ විභාගයෙන්ද අසමත් වෙලයි හිටියෙ.

අන්තිමේ අර කාන්තාවගේ මාර්ගයෙන් ඒ කාන්තාව සේවය කරන පෞද්ගලික ආයතනයෙම සුළු රැකියාවක් මේ තරුණයාට සොයා දීල තිබුණා. ඒ මවුපියන්ට හිටපු එකම තරුණයා මේ විදියට වල්මත් වීම ගැන ඒ මවුපියො දෙන්න හිටියෙ හරිම හිත් වේදනාවෙන්. 


ඒ අය ඔවුන්ගෙ ඥාතීන් ලවා මේ තරුණයාට කොතරම් අවවාද දුන්නත් ඒ තරුණයා මේ වැන්දඹු කාන්තාව අත්හරින්න කැමැති වුණේ නැහැ. අවසානයේ ඒ තරුණයගෙ මවුපියන් අර කාන්තාව ඉන්න ගෙදරට ගිහින් සණ්ඩු කරල ආවත් ඒ කාන්තාව ඒ කිසිවක් ගණන් ගත්තෙ නැහැ. 

ඒ නොමඟ ගිය තරුණයාව රට රස්සාවකට යවන්න එයාගෙ මවුපියන් දේශපාලනඥයකුගෙ පිහිට පැතුවා. ඒ සියල්ල හරිගියත් මේ තරුණයා අර කාන්තාව දාලා යන්න කැමැති වුණේ නැහැ. ඒ තරුණයා වැන්දඹුවකට පෙම්බැඳ රහසේ කරන කියන දේවල් ඒ ගමේ අයගෙත් කතාබහට ලක්වෙලයි තිබුණෙ. 

ගමේ මිනිසුන් සියලුදෙනාම පාහේ අර කාන්තාවට ‍ෙදාස් කීවත් ඒ කාන්තාවට මේ කඩවසම් තරුණයාව නැතිවම බැරිවුණා. ඒ තරුණයාගෙ මවුපියන් යන්න තියෙන හැම දේවාලයකටම ගිහිං පිහිට පතල අවසානයේ මේ අවනඩුව අරන් අපේ කාලි කෝවිලට ආවා. 

ඒ අය එහෙම ආවෙ කොළඹට නුදුරු ප්‍රදේශයක කාලි වරමින් අසරණයන්ට පිහිට වෙන ඒ අයට හිතවත් කාන්තාවක්ද සමඟයි. ඒ ඇවිත් මේ අවනඩුව කාලි මෑණියන් ඉදිරියට ගෙනයන්න කලින් ඒ අයගෙ දුක්ගැනවිල්ල මා සමඟ කියා හිටියා. 

පස්සෙ මම ඒ අයව මම කාලි මෑණියන් වැඩ සිටින කුටිය ඉදිරියට ඒ අය කැඳවාගෙන ගිහිං ඒ අය අත තිබූ පූජාව කාලි මෑණියන්ට භාරකරල ඒ අය දුන්න පඬුර කාලි මෑණියන්ගෙ කුටියෙ ත්‍රිෂූලයෙ ගැටගැහැව්වා. 

එතැනදි අර තරුණයාගෙ මවුපියන් කාලි මෑණියන් ඉදිරිපිට හඬා වැටුණෙ කොහොමහරි ඒ අයගෙ දරුවා අර වැන්දඹු කාන්තාවගෙන් බේරාදෙන ලෙස ඉල්ලමින්. ඒ අය එහෙම කන්නලව් කරල බිලිගල ළඟ පොල් ගහල කාලි මෑණියන්ට පොරොන්දු වුණේ දරුවා බේරාදුන්නොත් කාලි මෑණියන් වෙනුවෙන් එළුවන් දෙදෙනකු ගෙනැවිත් කාලි කෝවිල් භූමියට නිදහස් කරනව කියලයි. 

ඒ විතරක් නොවෙයි ඒ මවුපියො දෙන්න දෑත් එකතුකර කර කාලි මෑණියන් ඉදිරියෙ අර කාන්තාවගෙ නම කියමින් දෙස් දෙවොල් තිබ්බා. එහෙම බාරවෙලා ඒ අය ගිහිං සති දෙකක් යන්නත් පෙර කාලි මෑණියන් ගෙ දහසකුත් දෑස් මේ අය වෙත එල්ල වෙන්න පටන්ගෙන තිබුණා. 

කාලි මෑණියන්ගෙ උදහසට ලක්වුණ අර වැන්දඹු කාන්තාවගෙ සැමියා හදිසියේම ඇවිත් ඒ කාන්තාව නැති අතරේ මිත්තණිය භාරයේ සිටි එයාගෙ පුංචි දැරිය රැගෙන ගියා. මේ කාන්තාව එයාගෙ දරුවා අහිමිවීමෙන් සිත්තැවුලට පත්වෙලා පිස්සුවෙන් වගේ ‍ෙදාඩවමින් පාරක් පාරක් ගාණෙ ඇවිදින්න වුණා. 

බලාපොරොත්තු නොවුණ විදියට ඒ කාන්තාව පිස්සු වැටීම නිසා අර තරුණයා මේ කාන්තාව අතහැර මවුපියන් ළඟට ඇවිත් වැඳවැටිල ආයෙත් ඒ කාන්තාව පසුපස යන්නෙ නැහැ කියල මවුපියන්ගෙන් සමාව ගත්තා.
දරුවා නැති සොවින් පිස්සු වැටුණ අර කාන්තාවගේ මිත්තණිය ඒ අය පදිංචිව හිටපු ගේ ‍ෙදාර අඩු මිලට විකුණල ඇය සමඟ ගමෙන් පිටව ගියා. මේ සිද්ධිය නිසාම අර තරුණයා ලැජ්ජාවට පත්වෙලයි හිටියෙ.

තරුණයා එයාගෙ ඥාතීන්ට කියලා කොරියාවෙ රැකියාවක් හදාගෙන රටින් පිටවුණා. එයා එහෙම ගියේ මවුපියන්ගෙ ආශීිර්වාදය ඇතිවයි. ඒ යන්න කලින් මේ තරුණයාගෙ මවුපියන් අපේ කාලි කෝවිලට ඇවිත් එළුවන් දෙදෙනකු නිදහස් කරල පූජාවල් දීලා බාර ඔප්පු කරන්න අමතක කළේ නැහැ. 

අහිංසක මවුපියන්ගේ වේදනාව ආපසු කැරකී වැන්දඹු කාන්තාව කරා යන තැනට කාලි මෑණියන් ඇයව දඬුවමකට යටත් කළ හැටි මෙයින් ඔප්පු වෙනවා.  
 
Related Posts with Thumbnails