Ads 468x60px

.

චන්න මට කතා කරපු හැම වෙලාවෙම මම හිටියේ වෙන ඩීල් එකක - පූජා


මම උපේක්ෂාට 
ගොඩක් ආසයි. 

එත් වැඩියෙන්ම 
ආස නිරෝෂාට.

අමුත්තෙක් විදිහට ලංකාවට ආපු පූජා අපේ රටත් එක්ක තියෙන බැඳීම ගැන රහසක් අපිට කිව්වා. පූජා උමාශංකර්, කාලෙකට කලින් නම් අපට අමුත්තෙක්. ඒත් දැන් ඇය අපේම කෙනෙක් වෙලා. ඒ නිසාම පූජාගේ තොරතුරු දැනගන්න කවුරුත් කැමැතියි. අපි ඇයව හමුවුණේ ඒ නිසා. ඒ කතාබහයි මේ.

පූජාට වැඩිපුර ආදරේ ලංකාවේ අයද ඉන්දියාවේ අයද?
අම්මෝ ලංකාවේ අය තමයි මට වැඩිපුර ආදරේ. ඒකනේ මම කාන්දමක් වගේ ලංකාවට ඇදිලා එන්නේ. ආදරේ තමයි ලංකාවේ අය මාව ඇදලා ගන්න කාන්දම.

ලංකාවේදි මේ තරම් ආදරයක් හම්බවේවි කියලා හිතුවද?
කවදාවත් හිතුවේ නැහැ. මට මේ තරම් ආදරය කරාවි කියලා. මම දන්නෙත් නෑ ඇයි මට මේ තරම් කැමති කියලා.

කාලෙකට කලින් කිව්වා නේද ආයේ රඟපන්නේ නැහැ කියලා?
කිව්වා නම් තමයි. ඒත් හොඳ අවස්ථා ලැබෙද්දී රඟපන්නේ නැතුව හිටියොත් ඒක මෝඩ වැඩක්නේ. ඒ නිසා මම රඟපානවා. අනික ඒක මම ආසම දෙයක් නේ.

පූජාව ලංකාවට ගෙනාවේ චන්න පෙරේරානෙ. ඒත් චන්නත් එක්ක වැඩ කරන්නේ නැත්තේ ඇයි?
චන්න මට වැඩවලට කතා කළා. ඒත් ඒ කතා කරපු හැම වතාවෙම මම

වෙන වැඩ එක්ක බිසී වෙලා හිටියේ. ඒ නිසා ඒ කතා කරපු වැඩවලට මට යන්න බැරි වුණා. එහෙම නැතුව වුවමනාවෙන් මග හැරියා නමෛයි.

චන්න තාමත් පූජාගේ හොඳ යාළුවෙක්ද?
මම වැඩකරද්දී තියෙන හිතවත්කම් දිගටම තියාගන්න කෙනෙක් නමෛයි. කා එක්ක වුණත් වැඩ කරන කාලෙදී මම ගොඩක් හිතවත්. පස්සේ වැඩ වැඩිවෙද්දී ඒ හිතවත්කම් දිගට තියා ගන්න අමාරුයි. චන්න එක්ක තිබුණු හිතවත්කමටත් දැන් වෙලා තියෙන්නේ ඒක.

ඒ කියන්නේ පූජා මුලින් උදව් කරපු අයව අමතක කරලා ද?
මට කාවවත් අමතක නැහැ. මුල ඉඳලම අද වෙනකල් මාත් එක්ක වැඩ කරපු හැමෝම මට හොඳට මතකයි.

කොහොමද ඉතිං පූජා ?
මේ දවස්වල හැමදාම එක එක වැඩ. ෂූටිං යනවා, උත්සවවලට යනවා, දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තරගයේ විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා.

නර්තන විනිශ්චය මණ්ඩලයක මුල්ම අත්දැකීමද මේ?
මම ඉන්දියාවෙදී ‍පොඩි ළමයින්ගේ වැඩසටහනකයි, ටීනේජර්ස්ලාගේ වැඩසටහනකයි විනිශ්චය මණ්ඩලයේ ඉඳලා තියෙනවා. ඒත් ලංකාවේදි මුල්ම වතාවට තමයි මේ වගේ විනිශ්චය මණ්ඩලයක ඉන්නේ.

පූජාට හොඳට නටන්න පුළුවන්ද?
ඒක ගැන හරියටම දන්නේ මගේ නැටුම් බලන අයනේ. මම දන්නේ මම නැටුම් විඳිනවා කියලා විතරයි. හැබැයි මම අමුතුවෙන්ම නැටුම් ඉගෙනගෙන නැහැ.

ඒ කියන්නේ නැටුම් කියන්නේ පූජා ආස දෙයක්?
නැටුම් මට දැනෙනවා, විඳිනවා. නැටුම් වගේම සංගීතය, චිත්‍ර වගේ ඕනම කලාවක් මම විඳිනවා. හැම දේටම ආසයි.

දවස ගෙවද්දි කරන්න කැමතිම දේවල් මොනවාද?
මම ජීවිතේ කරන හැම දේම රස විඳිනවා. කෑම කෑවත්, නිදාගත්තත්, රඟපෑවත්, පත්තරේකට ඉන්ටර්විව් එකක් දුන්නත් මට ඒක ලොකු සතුටක්. ඇත්තම කිව්වොත් ජීවිතේ කරන හැම දේටම මම කැමතියි.

පහුගිය දවස්වල පිටකොටුවේ ඇවිද්දා කියලා ආරංචියි ?
ඒක තමයි මගේ ඇත්ත ජීවිතේ. මට ඕන වුණොත් මම බඩු ගන්න, ඇවිදින්න පිටකොටුවේ යනවා. ඕන වුණොත් ලොකු කඩවල්වලින් බඩු ගන්නවා. මම ආසයි එහෙම ඇවිදින්න.

බස්වල කෝච්චිවල යනකොට?
කොහොම ගියත් මට ගාණක් නැහැ. බස්වල විතරක් නමෛයි. මම පයිනුත් යනවා. එහෙම ඉන්න ඕන. නැත්නම් වැඩක් නැහැ.

ලංකාවේ හොඳම යාළුවො නැද්ද?
මම නිතර කතා කරන කිහිප දෙනෙක් ඉන්නවා. නිරෝෂා පෙරේරා තමයි නිතරම කතා කරන කෙනා. උමාලිට, උපේක්ෂාටත් මම ගොඩක් ආසයි. ඒත් නිරෝෂාට තරම් නිතරම කතා කෙරෙන්නේ නැහැ.

ඇයි නිරෝෂාට ඔච්චර කැමති?
එයත් මම වගේනේ. නිතරම කියවනවා මට ගතිවලට හොඳට ගැළපෙන නිසා කැමතියි.

එතකොට රොෂාන්?
දැන් බැඳලනේ.

පූජනේ රොෂාන් බඳීවි කියලා කිව්වේ.
මම රොෂාන්ව බඳීවි කියලා කිව්වට ඔයාලා හැමෝටම කලින් මම කුෂී ගැන දැනගෙන හිටියා.

කුෂී කොහොමද?
හරිම ස්වීට්. මම හරි ආදරෙයි.

රොෂාන්ගේ වෙඩින් එකට නොගියෙ හිත රිදිලද ?
මට මේ දවස්වල දස්කොන් ටෙලි නාට්‍යයේ ෂූටිංනේ. රොෂාන්ගේ වෙඩින් එක දවසෙත් ෂූටිං තිබුණා. ඒ නිසා මට යන්න බැරි වුණා. මම රොෂාන්ට කතා කරලා කිව්වා. රොෂාන් කිව්වා කමක් නැහැ ගෙදර එන්න කියලා.

ඉතිං ගෙදර ගියාද?
තවම යන්න බැරිවුණා. ඒත් මම යනවා. ඒ දෙන්නව බලලා කිරිබත් කාලා එන්න.

දස්කොන් නාට්‍යයේ අත්දැකීම කොහොමද?
හරි ලස්සන කතාවක්. විශේෂම දේ මගේ ඔරිජිනල් වොයිස් එක තමයි ප්‍රමිලා දේවියට පාවිච්චි කරන්නේ. එයත් ඉන්දියාවෙන් ආපු කෙනෙක් නිසා වෙන වොයිස්වලට වඩා මගේ වොයිස් එක ගැළපෙනවා කියලා තමයි ජැක්සන් අයියා කිව්වේ.

ඒ වුණාට පූජට හොඳට සිංහල, පුළුවන් නේ?
පුළුවන්. කියන දේ හොඳට තේරෙනවා. ඒත් ඉක්මනට ඉක්මනට කතා කරද්දී වචන දන්නේ නැති වෙනවා.

දිගටම ලංකාවේ ඉන්නවද?
දිගටම ඉන්නවා නමෛයි. නිතරම එනවා. එනවා කිව්වට එවෙනවා. මම ලංකාවට ආදරෙයි. ලංකාවේ අයත් මට ආදරෙයි.

ඉන්දියාවේදී රඟපාන්න කැමතිම නළුවො හිටියද?
එහෙම ලොකුවට විශේෂයෙන් කැමති අය නැහැ. හැමෝටම කැමතියි.

ලංකාවේදි වැඩිපුරම රඟපාන්න කැමති කා එක්කද?
මෙහෙත් එහෙමම තමයි. මම වැඩකරපු හැමෝම එක්ක මම හොඳට කැමැත්තෙන් වැඩ කළා.

විවාහය ගැන තියෙන බලා‍පොරොත්තුව?
ඒක කෙරේවි. ඒකට මට අම්මා තාත්තා උදව් කරාවි.

ලංකාවේ කෙනෙක් එක්ක විවාහ වෙන්න කැමතිද?
මම කිව්වනේ අම්මා තාත්තා තමයි ඒක තීරණය කරන්නේ.
 
Related Posts with Thumbnails