Ads 468x60px

.

එකම පාස‍ලේ සිසුවාට අනියම් පෙම පුද කල ෆේස් බුක් ගුරුවරිය.

එකිනෙකා 
හමුවන්නට 
ඇවිත් මාට්ටු 
වුන හැටි. 

ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් එකිනෙකා හමුවූ අවස්ථාවේදී ඔවුන් එකම පාස‍ලේ ගුරුවරිය සහ ශිෂ්‍යයා බවට හෙළිවීමේ පුවතක් ප්‍රධාන පෙළේ පාසලකින් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මොවුන් දෙදෙනාම කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක හා ශිෂ්‍යයකු
බවට මේ වන විට හෙළි වී ඇති බවයි.

ඔවුන් දෙදෙනා ෆේස් බුක් ගිණුම ඔස්සේ මිතුරු වී තිබෙනවා. පසුව දෙදෙනා කෙටි පණිවුඩ හුවමාරු කර ගනිමින් සමීප සබඳතාවක් ගොඩනගා ගෙන
තිබෙනවා. ඒ වන විටත් ඔවුන් කවුරුන්ද යන්න හඳුනාගෙන නැත. 

පසුව දෙදෙනා කොළඹ එක්තරා ස්ථානයකදී හමුවීමට තීරණය කර තිබෙනවා. එලෙස හමුවූ අවස්ථාවේදී දෙදෙනා හඳුනාගෙන තිබෙනවා. ඇය ගුරුවරිය බවත් තරුණයා පාස‍ලේ ශිෂ්‍යයකු බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

පසුව මේ ගැටලුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තෙක් දුරදිග ගොස් ඇති අතර මේ වන විට එම දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
 
Related Posts with Thumbnails