Ads 468x60px

.

චන්දි රසිකා සහ චන්දි රසිකා රණතුංග පටලෑවීම පිලිබඳ Hot And Fast News කරන හෙළිදරව්ව.


පසුගියදා අප විසින් පල කළ ලිපියකින් කියවුණේ ජනාධිපති ලේකම් වරයෙකු වන සමන් දිසානායක විසින් කාන්තාවක් පැහැරගන යාමක් සම්බන්ධවයි. එම කාන්තාව මීට වසර 2කට පමණ පෙර මිය ගිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලක වෙදමුල්ලගේ බිරිද වන චන්දි රණතුංගයි.

ජනාධිපති ලේකම්වරයා මෙම කාන්තාවට අයුතු ලිංගික බලපෑම් කර තමන් සමඟ එකට සිටිය යුතු බව පවසා එම කාන්තාවට පහරදීමෙන් පසු පැනගොස් පොලීසියට පැමිණිලි කර තිබුණා.

ඒ එම කාන්තාව තමාගේ ජීප් රථයට බලෙන් ඇතුල්වී තමාට විවිධ තර්ජන කරමින් අමානුෂික ලෙස පහරදුන් බවත්, ඇයගෙන් බේරීමට අපහසු වූ නිසා සිය ජීප් රථය වැල්ලවත්ත ප්‍රදේශයට ධාවනය කරද්දී පිටුපස අසුනේ සිටි ඇය තමාගේ දකුණු අත සපාකමින් පහරදී ඇයගේ
සාරි පොට බෙල්ලට දමා තමාගේ ගෙල සිර කිරීමට උත්සාහ කළ බවත් පවසමිනි.

කෙසේ වෙතත් මුල මැද අග පැටලුම් සහිත මෙම කතාව තවත් පැටලුම් සහිත වූයේ චිත්‍රපට කිහිපයක රඟ පෑ නිළියකගේ නමක්ද ගෑවී තිබීම නිසාය. ඒ, චන්දි රණතුංග නම් වූ එම කාන්තාවගේ නම වෙනුවට නිළියක් වූ චන්දි රසිකා රණතුංග යන නම සහිතව ලිපියක් මව්බිම පුවත්පතේ පලවී තිබීම නිසාය.

සිද්ධියට අදාල මව්බිම පුවත්පතේ පලවූ එම ලිපිය පහතින්.


මේ පිළිබඳව චන්දි රසිකා පවසන්නේ මීට සති කිහිපයකට පෙර අන්තර්ජාලයේ පලවූ තමාගේ ජායාරූපයකට ඊර්ෂ්‍යා කරන පිරිසක් මෙලෙස තමාගේ නම ගෑවූ බවයි. එම ජායාරූපයේ තමන් දිව්‍යාංගනාවක් සේ සිටින බව බොහෝ දෙනා පැවසූ බවත් ඇය සඳහන් කරයි.

එම ජායාරූපය පහතින්.


මේ පිළිබඳව චන්දි රසිකා FM නාලිකාවකට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් මෙලෙස පවසා තිබෙනවා.

"මාධ්‍ය වේදීන් කරපු මේ වැඩේ ගැන මම සාප කරනවා. මේ සිද්ධියට මගේ සම්බන්ධයක් නෑ. මේක මේ මීට පෙර ඉඳලා ඇදී එන සිද්ධියක් මේ දෙන්නා අතර සම්බන්ධතාවයක් තිබිලා හැමවෙලේම පැන නඟින ප්‍රශ්නයක්. මගේ නම චන්දි රසිකා. එයාගේ නම චන්දි රණතුංග.

මේක මව්බිම පුවත්පතේ දෙවෙනි පිටුවේ පලවෙලා තිබුණා චන්දි රසිකා රණතුංග කියන නිළියට මේ සිද්ධිය සිදුවුනා කියලා. චන්දි රසිකා කියලා එක නිළියයි ඉන්නේ. නමුත් චන්දි රසිකා රණතුංග මෙකේ දාලා තිබ්බේ. එතකොට මේක නොදත් අය තේරුම් ගන්නේ මේක චන්දි රසිකට වුන සිද්ධියක් විදිහටයි. මේක සහ ගහන අපරාධයක්.

මම දිවයින පුරා සාමවිනිසුරු කෙනෙක්. එතකොට මට කිසියම් කලහකාරී දේකට සම්බන්ධවීම තහනම්. එතකොට එවන් තනතුරක් දරන කෙනෙක් මෙවන් දෙයක් සිදුකරගනීද? මෙයා හෝමාගම ඉන්න කෙනෙක්. 

මම මේ පැඟිරිවත්ත දෙල්කඳ නුගේගොඩ ඉන්න කෙනෙක්. මේ පත්තරේට මගෙන් කරපු වැරැද්දකුත් නෑ. මගේ තරහකාරයෙක් අන්තර්ජාලය තුල ඉන්න ඇති .

ඇයි ඔබ කියන්නේ ඔබට තරහකාරයෝ ඉන්නවා කියලා?
මගේ තිබිච්ච ප්‍රසිද්ධිය ඒ වගේම රූපය ගැන තරහවෙන් ඉන්න අය ඉන්නවා. කොයි වෙලේද මාව මානසිකත්වයෙන් වට්ටන්නේ කියලා දැඩි තීරණ වල ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා.

ඔබ මේ වෙනකොට ක්ෂේත්‍රයේත් නෑ. ඇයි කෙනෙක් ඔබට මඩ ගහන්නේ?
මම හිටපු චිත්‍රපටි යම් යම් නාලිකා වල විකාශනය වෙනවා. ඒක එකක්. මේ ලඟදී වෙබ් එකේ ඉතාම ලස්සන රූපයක් ඒ කියන්නේ දම් පාට සාරියක් ඇඳපු රූපයක් පෙන්නලා තියනවා. චන්දි රසිකා කියලා විස්තර ඔක්කොම එක්ක.

ඒක බලපු කිහිපදෙනෙක් මට කතා කරලා කිව්වා හරිම ලස්සන පින්තූරයක්. මේකේ දිව්‍යාංගනාවක් වගේ ලස්සන පින්තූරයක් කියලා. වෙබ් එකේ ඒ ෆොටෝ එක ගිහිල්ලා දැන් සතියක් නෑ. මට පහර ගැසීමට එක ඊර්ෂ්‍යාකාර සිතුවිල්ලක් ඒක.

මම එක සිදුවීමක් නිසා අවුරුදු ගානක් මානසිකව වැටුනා. එක චිත්‍රපටයක් සම්බන්ධයෙන් නඩු කියලා මුදල් වියදම් වෙලා. මාව දැඩි මානසිකත්වයකට පත් කලා ඒ පිරිස. දැන් ඔබ ඇහුවනේ තරහකාරයෝ නැද්ද කියල. ඒ ගොල්ලොත් මාත් එක්ක තරහෙන් ඇති.

එතකොට තව තව අය ඉන්නවා මට ඊර්ෂ්යා කරන. මොකද මම විවාහ නොවිච්ච කෙනෙක්. මම ඇත්තටම මෙනවියක් .ඉතින් මගේ මුළු ජීවිතේම කැප කළේ සිනමාව වෙනුවෙන්. අවිවාහකවත් මම හොඳින් ඉන්න නිසා මානසිකව වට්ටන්න කට්ටිය හිතනවා.

ඔබ ඔබේ තරුණ කාලයේත් එම වගේ ආන්දෝලනාත්මක සිදුවීමකට මුහුන දුන්නා
ඔව් චිත්‍රපටයක් සම්බන්ධව මම සහභාගී වුණා කියලා වෙනින් කෙනෙක් දාලා රඟපාලා නඩු යන්න සිද්ධ වුනා. මේ සිද්ධීන් නිසා මම දැඩි මානසිකත්වයකට පත් වුනා. ඉත්ං මට පහර දෙනෙන මොකද මෙහෙම? ඇයි මට මෙච්චර බය? ආ? බුදුහාමුදුරුවන්ටත් කොච්චර දේ සිද්ධ වුනාද?

දිනපතා මව්බිම පුවත්පත හිතාමතාම මට මඩ පහරක් එල්ල කරලා තියනවා. ඔය ගොල්ලෝ මීට කලිනුත් වැරැද්දක් මට කලා. පොඩි වැරැද්දක්. ඒනිසා මම ඒක ඉවසගන හිටියා. නමුත් දෙවෙනි වරටත් එම වැරැද්ද කළා. අනික මං සාමාන්‍ය කෙනෙක් නම් කමක් නෑ. මම රටේ ප්‍රසිද්ධ කෙනෙක්. මට ඒ වගේ දෙයක් සිදුවුනාම කොයි තරම් ඩැමේජ් එකක්ද ඒක?"

චන්දි රසිකා ඒ පිළිබඳව FM නාලිකාවකට අදහස් දැක්වූ ගොසිප් බුක් වීඩියෝව පහතින්.



මේ පිළිබඳව චන්දි රසිකා තව දුරටත් මව්බිම පුවත් පතට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් මෙලෙස පවසා තිබෙනවා.

මොකක්ද චන්දි මේ නම් පටලැවිල්ල?
ඔව්. මෙච්චර කාලයකට සිංහල සිනමාවේ හිටියේ එකම එක චන්දි රසිකා කෙනෙක් විතරයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි මම. ඒත් මෑතකදී ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණ චන්දි රසිකා රණතුංග නිසා මම හුඟක් අපහසුතාවට ලක් වුණා. මම එහෙම කෙනෙක්ව අඳුරන්නෙත් නෑ... 

දැකලත් නෑ... එයාලගේ ජීවිතේ පෞද්ගලික ප්‍රශ්නයක් මාධ්‍යයෙන් කතා කරන්න ගිහින් නම් පටලවා ගත්තා. සමහරු ඒ ප්‍රශ්නයට මැදිවෙලා තියෙන්නේ මම කියලා හිතුවා. පුවත්පත් මාධ්‍යවල චන්දි රසිකා කියන නම විතරක් පාවිච්චි කළා. 

ඒත් එක්තරා වෙබ් අඩවියක මගේ පිංතූරයක් පාවිච්චි කරල තිබුණා... මගේ පින්තූරයත් එක්ක තව කෙනෙක්ගේ ප්‍රවෘත්තියක් පළ කරන එක කොච්චර අසාධාරණද? අනිත් එක ඒ ප්‍රවෘත්තියත් සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයිනේ. අතිශය පෞද්ගලික ප්‍රවෘත්තියක්.

නම නිසා චන්දි අපහසුතාවට පත්වෙලා වගේ...?
නැත්නම්... මොකක්ද වුණේ කියලා සමහරු මට කතා කරලා ඇහුවා. එතකොට තමයි මම දැන ගත්තේ මේ සිද්ධිය. මම දැන ගන්නකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. සතියක් තිස්සේ ඔය වෙබ් අඩවියේ මගේ පිංතූරෙත් එක්ක ඔය ප්‍රවෘත්තිය තිබුණා. මම විවාහ වෙලත් නෑ...

මට දරුවොත් නෑ... මනුස්සයෙක් මගේ පස්සෙන්වත් මම මනුසයෙක්ගේ පස්සෙන්වත් ගියෙත් නෑ... දන්න සහ අහන අයට වෙලා තියෙන්නේ වැරදීමක් කියලා කියන්න පුළුවන්. ඒත් නොදන්න අයට, මං ගැන දැනටමත් වැරැදි වැටහීමක් ඇති කරගත් අයට ඒ වැරැද්ද නිවැරැදි කරන්නේ කොහොමද?

වෙබ් අඩවියට කතා කළාද?
කතා කරන්න කෙනෙක් ඉන්න ඕනෑනේ. කවුරු කරනවාද, මොන පදනමකින් කරනවාද දන්නෙ නැහැනේ. මේ වෙබ් අඩවිය ගැන හොයලා බලන්න, මට වෙච්ච අසාධාරණයට සාධාරණයක් කරන්න මම නීතියේ පිහිට පතනවා.

ඒ කියන්නේ වෙබ් අඩවියට විරුද්ධව නඩු කියනවාද?
හුඟක් අය කිව්වා නඩු දාන්න කියලා. ඒත් අවුරුදු ගණනක් උසාවි වල ඇවිදල මට ඇතිවෙලා තියෙන්නේ... මම පොලිසියටයි, රහස් පොලිසියටයි පැමිණිලි කළා. නීතියෙන් සාධාණරයක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

නඩු කියන්නේ නැත්නම් මොකක්ද බලාපොරොත්තු වන සාධාරණය?
සතියකට පස්සේ මගේ පින්තූරෙ ඉවත් කරලා තිබුණා. ඒත් තමන්ට වැරැද්දක් වුණා කියල ඒ අය පිළිගගත්තෙත් නෑ.. සමාව ගත්තෙත් නෑ... මට ඕනෑ තමන්ගෙ වෙබ් අඩවිය වැරැදීමකින් ඒ ඡායාරූපය පළ කළේ කියලා සඳහන් කරලා කරපු වැරැද්දට සමාව ගැනීම විතරයි. 

මොකද හොයලා බලන්නෙ නැතුව එයාලා කරපු ඒ වැරැද්ද නිසා මම කොයිතරම් අපහසුතාවට පත් වුණාද? මම නිවැරැදිකාරියක් කියලා ඒත්තු ගන්වන්න පසුගිය දවස් ටිකේ කොයිතරම් මහන්සි ගත්තද? 

පොලිසියට, රහස් පොලිසියට කී සැරයක් ගියාද? මේ දේවල්වලට වියදම් කරන්න මුදල්වත් කාලයවත් මට දැන් නෑ... ඊට වඩා මම කොච්චර මානසිකව වැටුණාද? කෙනෙක්ව මනසින් වට්ටනවාට වඩා හොඳයි මරලා දාන එක.

එම පුවත වැරදි ලෙස පලකල තවත් වෙබ් අඩවි කිහිපයක් පහතින්.
 
http://gozziplanka.blogspot.com/2014/08/gozzip-lanka_28.html
http://www.egossip.lk/2014/08/blog-post_267.html

ඉහත සඳහන් මව්බිම පුවත් පතෙන් උපුටා ගන්නා ලද ටෙලි නිලි චන්දි රසිකා රණතුංග පිලිබඳ පුවත පලකිරීම සම්බන්දයෙන් සිනමා නිලි චන්දි රසිකාට යම් අපහසුතාවයක් වී නම් ඒ පිලිබඳ අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

Editor
Hot And Fast News 
hotandfastnews@gmail.com 
 
Related Posts with Thumbnails