Ads 468x60px

.

උපත් පාලනය කරන ලූප් එකක් දාන්න ගිය තරුණියට අතවර කල දොස්තර.

උපත් පාලනය සඳහා ලූපයක් දමා ගැනීමට පැමිණි දෙදරු මවක් අපයෝජනයට ලක්කළ පුවතක් රස්නායකපුර ග‍්‍රාමීය රෝහලෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ අතවර කල දොස්තර එවකට රස්නායකපුර ග‍්‍රාමීය රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වරයාව සිටි මීගමුව වෙන්දේසිවත්ත ප‍්‍රදේශයේ ඩබ්ලිව්.එම්. මංජුල ශී‍්‍ර තුෂාර නැමැත්තා බවයි.

2012 වසරේදී එම තරුණිය උපත් පාලනය සඳහා ලූපයක් දමා ගැනීමට අදාළ වෛද්‍යවරයාගේ වෛද්‍ය නිල නිවසට පැමිණි අවස්ථාවේදී එම
තරුණියව මෙම වෛද්‍යවරයා විසින් දුෂණය කර තිබෙනවා.

චෝදනා එල්ල වී ඇති නිකවැරටිය - රස්නායකපුර ග‍්‍රාමීය රෝහලේ හිටපු වෛද්‍ය නිලධාරීවරයාට ලබන 01 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නිකවැරටිය මහේස්ත‍්‍රාත් දීපානි කොඩිතුවක්කු ඊයේ (25) නියෝග කළා.

මහේස්ත‍්‍රාත්වරිය මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ 2012 වසරේදී වෛද්‍ය නිල නිවසට පැමිණි අවස්ථාවේදී තමන්ව මෙම වෛද්‍යවරයා අපයෝජනයට ලක්කළ බවට අදාළ කාන්තාව නිකවැරටිය පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබු නිසා බවයි.
 
Related Posts with Thumbnails