Ads 468x60px

.

කොස්ලන්දේ නායයාමේ තවත් වීඩියෝ දර්ශන


ලංකාවේ  මධ්‍යම කඳුකර නාය යෑම් ඉතිහාසයේ  දරුණුම ඛේදවාචකය සනිටුහන් කරමින් කොස්ලන්ද මීරියකන්ද තේවත්තේ කිලෝමීටර් දෙකක් ඊයේ (29) පෙරවරු 7.45 ට පමණ ලංකා සිතියමෙන් මැකී ගියා.

1997  කොස්ලන්දේ නාකැටිය නාය ගොස් තිබුණ අතර.එයින් හත් දෙනකු මිය ගියා. ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය 2005 දී පවසා ඇත්තේ මෙම පෙදෙසේ පදිංචිකරුවන් ඉවත් කළ යුතු බවයි.

මේ ගමේ අඩු ගණනේ 350ක් පමණ වාසය කළ බවත් මෙම නාය යාමෙන් පසු රැකියාවට ගිය පිරිසක් හා පාසල් ගිය දරුවන් 70 ක් පමණ

දිවි බේරා ගන්නට ඇතැයි වාර්තා වුණා.

මේ සම්බන්ධව ආපදා කළමණාකරණ ඇමතිවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා සමීක්ෂණ නිලධාරීන් දක්වන සංඛ්‍යාලේන විවිධ වෙනස්කම් සහිත වුවත් අඩුම තරමින් 200 කට වැඩි

පිරිසක් මෙම ඛේදවාචකය නිසා මියගිය බව කණගාටුවෙන් වාර්තා කරන්නට සිදුව ඇත. ගමේ පදිංචි දිවි බේරාගත් තවත් කිහිප දෙනකු පැවසුයේ ගමේ සමහර ගෙවල් අඩි සීයයක් පමණ පස් කන්දෙන් යට වී ඇති බවයි.සමහර තැන්වල ගෙවල් අඩි 50 කින් පමණ යටවී ඇති අතර අගක් මුලක් සොයාගන්නට නැත.

ලයින් හතක සීයක් එකසිය විස්සක් පමණ හිටියා. හය දෙනෙක් පමණ බේරිලා ඉන්න බව  ආරංචියි.දවස් දෙකකට කලින් මහත්තුරු කට්ටියක් ඇවිත් මේ ගමින් ඉවත් වන්නැයි කියා තිඛෙනවා.ඉතින් ඒ මිනිස්සු කොහේ යන්නද.


ඒ මහත්තුරුන්ට කරන්න තිබුණේ කොහාට හරි තැනකට අරන් යන්නයි.මා එදා දුටු ගම දැන් මහා මඩ වළක් .ඒ මඩ වළ උඩින් වතුර පාරකුත් යනවා‘. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තරුණයෙකු කිව්වා.

මේ නාය යෑමෙන් 300 ක් විතර මැරෙන්න ඇති.ඒ අය කවදාවත් ගොඩ ගන්න බැරිවේවි.මේ ගම පිහිටියේ එදා නාය ගිය නායකැටියට උඩින්. ‘ගම්වැසියෙකු කිව්වා. කන්ද නාය යද්දී  බිරිය හා තමා දුවන්නට වූ බවත් බිරිය පසු පසින් දුවද්දී තමා ආපසු හැරී බලද්දී නැවත පස් කන්ද එන හැටි දැක තමා පැන්න බවත් බිරිය කන්දට යටවනු දුටු බවත් එක් සැමියෙකු කියා සිටියා.

දැන් ඔහු යාබද ගමේ  ගනේෂා දෙමළ මහා විදුහලේ අනාත කඳවුරේය. බිරිය ගැන කිසිදු තොරතුරක් නැත.එම කඳවුරේ 300ක් පමණ රැකවරණ ලබති.

කොස්ලන්දේ මීරියකන්ද නාය ගිය පෙදෙස කිලෝමීටර් දෙකක් පමණ වන බව සහන සේවකයෝ කියති.එම පෙදෙස තව දුරටත් නාය යන හෙයින් හා මිය ගිය අය සෙවීමට හැරීමෙන් නාය යාම වැඩි වී මහා අනතුරක් සිදු විය හැකි බව එහි ගිය අපදා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.


ලබන 03 වැනිදා තෙක් පාසල් 10 ක් වසා දැමුණු බවත් කියති.
නායයාමේ තවත් වීඩියෝ දර්ශන පහතින්.









 
Related Posts with Thumbnails