Ads 468x60px

.

පුතා සිංගප්පූරුවට නැත්නම් මල්ශාලාවට - මර්වින් සිල්වා (UPDATE)


කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දීමෙන් රෝහල්ගත කළ මාලක සිල්වා මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට නියමිතය.

අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය පුතු මාලක සිල්වාට පහරදීම පිළිබඳ අදහස් ප්‍රකාශ කළා “සෙනසුරු මාරුවට දවසකට ඉස්සෙල්ලා අපිට කරදරක් වෙයි කියලා හිතන් හිටියේ. දැන් මං පුතා එක්ක යනවා

සිංගප්පූරුවට. මට සතුටු නෑ. ඊර්ෂියාකාරයින්ට සැනසීමක්. 

මට ආදරය කරන උදවියට මේක දුකක්. එහෙම වෙන්න එපැයැ. නැත්නම් ජීවිතේ එකවිදියටම යන් නෑනේ. මේක අභියෝගයක්. අභියෝගයට මුහුණ දෙනවා. පුතාට හුඟක් තුවාලයි. දැන් කල්පනා කළා සිංගප්පූරුවට එක්ක යන්න.“

“ කෑවා බීවම මිනිස්සු ගහ ගන්නවා. එච්චරයි ඒක ලොකු දෙයක් නොවෙයි. ජීවිත කාලෙම මේවට මුහුණ දෙන්න ඕන. මගේ පුතා ආබාධිතයෙක් නෙමෙයිනේ. ඇමතිවරයාගේ පුතාට වුණාම තමා ලෙඩේ. වෙන කාගේහරි පුතාට වුණානම් දන්නෙත් නෑනේ. 


මගේ පැත්තෙන් තියෙන්නේ පුතා හොඳ කරගන්න සිංගප්පූරුවට යන්න. එහෙම නැත්නම් වැඩේ බැරිනම් මල් ශාලාවට යන එකයි. මං ඒ දෙකට ලෑස්තියි.“ යැයි අමාත්‍යවරයා පැවසීය.

එම හඩ පටය පහතින් අසන්න.


 
පහරදීමෙන් තුවාල ලැබූ මර්වින්ගේ පුත් මාලක ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට (UPDATE)

පහරදීමකින් තුවාල ලබා අද අලූයම රෝහල්ගත කෙරුණු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට රැගෙන යාමට කටයුතු සූදානම් කෙරෙමින් තිබෙනවා.

අදාළ පහරදීම සිදුවූයේ බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ රාත‍්‍රී සමාජ ශාලාවකදීයි. එයින් තම පුත‍්‍රයාට සිදුව ඇති තුවාල සුළුකොට තැකිය නොහැකි බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවා. අදාළ පහරදීමට

හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද අප අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා.

මේ අතර මාලක සිල්වාට සිදු වූ පහරදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින්නේ විදේශිකයෙකු බව පොලිසිය පවසනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එම විදේශිකයා ස්කොට්ලන්තයෙන් පැමිණි අයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඉදිරි විමර්ශන සඳහා අදාළ පහරදීම සිදුවූ රාත‍්‍රී සමාජ ශාලාවේ සී.සී.ටීවී දර්ශන ද අධ්‍යයනය කරන බව ඔහු කියා සිටියා.

මෙම විමර්ශන සඳහා මාලක සිල්වා මහතාගෙන් ද ප‍්‍රකාශයක් ලබා ගන්නා බව පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවා. ඒ සඳහා දැනටමත් සිය නිලධාරීන් කණ්ඩායමක් මාලක සිල්වා මහතා ප‍්‍රතිකාර ලබන කොළඹ පෞද්ගලික රෝහල වෙත යවා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 


මාලක සිල්වාට සමාජ ශාලාවකදී ආයෙත් පහර දීලා

කොලඹ, ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයෙකු විසින් පහරදී ඇතැයි අප වෙත වාර්තා වෙනවා. පසුව මාලක සිල්වා රෝහල් ගත කර
ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවා.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.
 
Related Posts with Thumbnails