Ads 468x60px

.

සමජාතීය සමාජය ගැන චම්පකගේ ෆැන්ටසිය


චානුක වත්තේගම විසින් ලියන ලද හලාල් බැංකු - ඇත්ත හා නැත්ත  ලිපියේ  චම්පක රණවක උත්සහ කරන ඒකජාතීය සමාජය නිර්මානය කිරීමේ උත්සහය ගැන මෙලෙස ලියා තිබුණි.

අපේ රටේ ඊනියා ජාතිකවාදීන් බිහිවනු දකින්ට කැමැති කල් වැසි වසින, අටුකොටු පිරුණු, පිරිමින් හැමදෙනාම අමාත්‍ය රණවක සේ එකම විදිහට සුදෝ සුදු ජාතික ඇඳුම අඳින, ගැහැණුන් එසේම සුදෝ සුදු ඔසරි අඳින,

මිනිසුන් ධාර්මික රැකියාවන්හි පමණක් නියැළෙන, පස් පවින් හා මස් මාංශයෙන් මිදුණු, සතර පෝයට පවුලේ සියළු දෙනා එක්ව තෙල්, මල්, ගිලන්පස, දැහැත් අතැතිව වැව් ඉස්මත්තේ පන්සලට යන, ගමේ පන්සලේ හාමුදුරුවන් අර්ථයෙන් ධර්මයෙන් දායකයින්ට අනුශාසනා කරන, රහසින්වත් පව් නොකරන, මොනොලිතික ආර්ය සිංහල බෞද්ධ කේතුමතියන්ය. 

අවාසනාවකට මෙන් අපට ජීවත්වන්ට සිදුවී ඇති සැබෑ සමාජය මේ ෆැන්ටසියෙන් බොහෝ ඈතය. මිනිස්සු ජාතික ඇඳුම වෙනුවට කලිසම් හඳිති. ගැහැණු ඔසරි ඉවත ලා ඩෙනිම් අඳිති. මැක්ඩොනල්ඩ්ස් යති. තම රුචි අරුචිකම් අනුව ආහාර ගනිති. ෆැන්ටසි ධර්ම රාජ්‍යයන් තුළ නොසිදුවෙතැයි සිතිය හැකි බොහෝ ‘දුසිරිත්හිද’ නියැළෙති. 

සිගරැට් බොති. ගංජා උරති. මත්පැන් පානය කරති. එසේ කොට වාහන එළවා අනතුරු සිදු කරගෙන දඩ කති. ඒ අහු අස්සේ යම් යම් ජන කොටස් (සිංහල බෞද්ධයින් පවා) මෙරට බහුතරයට ආගන්තුක, එහෙත් වෙනත් රටවලදී ගොඩයට මැජික් නොවන සිස්ටම්, සිරිත් විරිත්, හැසිරීම්, ආගමික, සංස්කෘතිමය ආකල්ප මෙහි ගෙන එති. 

ඒ අතර ලැම්බෝගිනි, කැසිනෝ සේම ඉස්ලාමීය බැංකු ක්‍රමයද වේ. (හලාල් බැංකු - ඇත්ත හා නැත්ත - චානුක වත්තේගම )

මොනොලිතික ආර්ය සිංහල බෞද්ධ සමජාතීය සමාජ නිර්මාණය ඇත්තෙන්ම විහිලුවක් නොව චම්පකගේ ෆැන්ටසියකි. ජේ ආර් ධර්මිෂ්ඨ සමාජයක් ගැන කතා කලේය​. නමුත් එය ජේ ආර් ගේ ෆැන්ටසියක අහලකවත් තිබුනේ නැත​. නමුත් චම්පකට මෙය අති සිරා කර්තව්‍යකි. 

චම්පකගේ ෆැන්ටසියේ අවිඥානික අභිචේතනය ( unconscious motivation) චානුක වත්තේගමට මග හැරී තිබේ. සමජාතීය සමාජයක් නිර්මාණය කිරීම සඳහා චම්පකගේ ෆැන්ටසිය ඔහුගේ මනසේම ගැටුමකි. මෙවැනි සමජාතීය සමාජයක් නිර්මාණය කිරීමට හිට්ලර් විසින් ද උත්සහ  කලේය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද නට්සීන් ගේ මනෝවිඥානය (The Psychology Of Nazism) - මෙම ලිපිය Colombo Telegraph හි පළ කොට තිබේ. එය සිංහලට පරිවර්තනය කොට සිංහල පාඨකයන්ට කියවීමට දිය යුතු ලිපියකි. 


මෙම ලිපියේ වෛද්‍ය රුවන් එම් ජයතුංග සමජාතීය සමාජයක් නිර්මාණය කිරීම සඳහා හිට්ලර්ව පෙළඹවූ  අභිචේතනය (motivation)  ඔහුගේ යටි සිතේ තිබූ සමලිංගික අභිරුචිය බව පෙන්වා දෙයි. නමුත් එම යටි සිතේ තිබූ සමලිංගික අභිරුචිය යටපත් කිරීමට හිට්ලර් බලවත් ලෙස උත්සහ ගත්තේය​. 

ඔහු ජර්මනියේ සමලිංගිකත්වය තහනම් කොට සමරිසියන් ගෑස් කාමර වලට යවා ඝාතනය කලේය​. නමුත් හිට්ලර්ට තම අවිඥානික සමලිංගික අභිරුචිය  යටපත් කරන්නට හැකි උනේ නැත​. 

එය හිට්ලර් තුලින් මතු වූයේ අනෙකුත් ජාතීන්ට වෛර කිරීම සහ ලිංගික පර පීඩන කාමය ( sexual sadism ) හරහා බව මෙම ලිපියෙන් පෙන්වා දෙයි. හිට්ලර්  තමන් ගේ ලේලිය වූ ගෙලීට ලිංගික පර පීඩන සිදු කල අතර ඇය ඒ නිසා දිවි නසා ගත්තාය​.

හිට්ලර් ගේ මනෝවිඥානය සහ චම්පක රණවක ගේ මනෝවිඥානය  අතර සමානකම් බලමු.  හිට්ලර් පළවන ලෝක යුද්ධයේදී  ක්‍ෂිතිමය (traumatic ) අත්දැකීම් වලට නිරාවරණය වන්නේය​. චම්පක 1988 කාලයේ වද කඳවුරු වල අත් අඩංගුවේදී ක්‍ෂිතිමය අත්දැකීම් වලට මුහුණ දෙන්නේය​. 


හිට්ලර් තමන්ට සමීප කාන්තාවන්ට ලිංගික පරපීඩා කලේය​.  චම්පක තම වෛවාහික බිරිඳට ලිංගික පරපීඩා කරන්නේය​. (මේ වද හිංසා දරා ගැනීමට නොහැකිව ඇය 2009 දී ඔහුගෙන් දික්කසාද වූවාය ) . හිට්ලර්  යුදෙව් සහ ස්ලාව් වර්ගයා සතුරන් ලෙස දකියි. 

චම්පක දෙමල සහ මුස්ලිම් ජන වර්ග සතුරන් ලෙස දකියි. මේ දෙදෙනාම සතුරු ජාතීන් විසින් සිදු කරන කොන්ස්පිරසි තියරීන් ගැන අනියත බයකින් සිටින  අතර ඒ ගැන නිබඳවම තම ජනතාවට කරුණු කීවේය​. දෙදෙනාගේම උත්සහය වූයේ සමජාතීය සමාජයන් නිර්මාණය කිරීමය​.
 

චම්පක රණවක තුල අවිඥානික සමලිංගික අභිරුචියක් තිබෙන බව මේ අනුව අනුමාන කල හැකිය​. ඔහු එම අවිඥානික සමලිංගික අභිරුචිය මැඩ පවත්වා ගන්නේ පර පීඩක කාමය සහ සමජාතීය සමාජයක් නිර්මාණය කිරීමේ මහා වෑයම තුලිනි. හිට්ලර් ගේ ෆැන්ටසිය නිසා ජර්මානු ජාතිය බොහෝ දුක් වින්දේය​. චම්පක ගේ ෆැන්ටසිය නිසා අනගතයේ සිංහල බෞද්ධ ජනතාවට කොපමන කාලයක්  දුක් විඳින්නට සිදුවේද  ?

- ඩී දසුන් රාජපක්ෂ
 
Related Posts with Thumbnails