Ads 468x60px

.

ෆේස්බුක් වීඩියෝවක් දුරදිග ගොස් ගුටි කෑ දිවුලපිටියේ තරුණයින් දෙදෙනා - වීඩියෝ

සමාජජාල වෙබ් අඩවිය හරහා ප‍්‍රසිද්ධියට පත්වූ වීඩියෝවක් නිසා තරුණයන් දෙදෙනෙකු පහර කෑමකට ලක්ව රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබූ පුවතක් අප වෙත වාර්තා වුණා. 

මෙම පහරදීම සම්බන්ධයෙන් තරුණයන් ගේ ඥාතීන් චෝදනා කරන්නේ දිවුල පිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසකටයි.

පසුගියදා දිවුලපිටිය ප‍්‍රාදේශීය සභාවට අයත් වාහනයකින් පැමිණි පිරිසක් ජනාධිපතිවරයාගේ රුව ඇතුළත් විශාල ප‍්‍රමාණයේ ප‍්‍රචාරක පුවරුවක් දිවුලපිටිය - උඩුගොඩගෙදර ප‍්‍රදේශයේ තම නිවසක් ඉදිරිපිට සවි කිරීමට

උත්සාහ කළ බව එම ඥාතීන් ප‍්‍රකාශ කළා. එම අවස්ථාවේදී අදාළ නිවසේ පදිංචිකරුවෙකු ඊට දැඩි විරෝධය පළ කර ඇති අතර, සිද්ධිය ජංගම දුරකතනයකින් පටිගත කර තිබෙනවා.

නිවැසියන්ගේ විරෝධය නිසා පැමිණි පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් පසුව මීට අදාළ වීඩියෝව ෆේස්බුක් වෙබ් අඩවියට නිකුත් කර ඇති බවත් වාර්තා වෙනවා.

එහෙත් ඊයේ අලුයම මෙම නිවසට පැමිණි පිරිසක් ප‍්‍රචාරක පුවරුව සවිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එය වීඩියෝ ගතකළ පුද්ගලයා පිළිබඳ කරුණු විමසා ඇතත්, එම අවස්ථාවේ එහි සිටි ඔහුගේ මව වන කමනී සිරිවර්ධන ඔහු තම පුතු බවත්, එම අවස්ථාවේ නිවසේ නොමැති බවත් දන්වා තිබෙනවා. 


ඔවුන් නිවසෙන් පිටව යන මොහොතේ ඇයගේ ඥාති පුතුන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ ඇත්තේ අලූයම් කාලයේ නිවස ඉදිරිපිට වාහනයක් නවතා තිබීම පිළිබඳව කරුණු විමසමින්. එහිදී සිදුවූ පහරදීමෙන් 23 හැවිරිදි සහ 27 හැවිරිදි එම තරුණයින් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.

ඉන් 23 හැවිරිදි තරුණයා තවමත් ප‍්‍රතිකාර ලබන්නේ දඹදෙණිය රෝහලේයි. මේ පිළිබඳව කරුණු විමසීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි දිවුලපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ අප සම්බන්ධ කර ගත්තා. සභාපතිවරයා කියා සිටියේ තරුණයන්ගේ ඥාතීන් එල්ල කරන චෝදනා තමන් තරයේ
ප‍්‍රතික්ෂේප කරන බවයි.

කෙසේ වෙතත්, මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පහරකෑමට ලක්වූ තරුණයන්ගෙන් සහ සිද්ධිය සිදුවූ නිවසේ හිමිකරුවන්ගෙන් මේ වනවිට ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා. 


එහි හිරු වීඩියෝව පහතින් 

 
Related Posts with Thumbnails