Ads 468x60px

.

මම ගණිකාවක් වුනේ මගේ හස්බන්ඩ් හින්දා - නේහා කියන කතාව.

මේක ටිකක් අමුතු කතාවක්. සාමාන්‍ය යෙන් ලෝකෙ ගොඩක් රටවල අය වපර ඇසින් බලන රැකියාවක් තමයි ගණිකා වෘත්තිය. 

නමුත් ගණිකා වෘත්තිය නීතිගත කරලා තියෙන රටවල ඉන්න ගණිකාවන්ට නම් ඒ අයගෙ වෘත්තිය කරගෙන යන්න රජයේ ආරක්ෂාව පවා ලැබෙනවා. 

මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන නම් නෙවෙයි. ඊට වඩා ගොඩක් වෙනස් දුක හිතෙන ඇත්ත කතාවක් ගැන. ඔන්න ඉන්දියාවේ හිටියා මාර ලස්සන කෙල්ලෙක්. හරියට හින්දි නිළියක් වගේ. අපි එයාට නේහා කියලා කියමුකො. 

මෙයා දැනට අවුරුද්දකට විතර කලින් විවාහ වුණා. ඒ එයා ගොඩාක් ආදරේ කරපු පෙම්වතා එක්ක. ඒ තමයි සමීර්. ඒ දෙන්නා පසුගිය අවුරුද්ද පුරාම හරිම සතුටින් ජීවත් වුණා. සමීර් ටිකක් විතර බීමට ඇබ්බැහි වුණු කෙනෙක්.

සමීර් වැඩ කළේ පෞද්ගලික බැංකුවක. ඒ නිසා එයාට යාළුවො ගොඩක් හිටියා. ඒ යළුවන්ගේ ගෙවල්වල සතියකට පාටි තුන හතරක්ම තිබුණා. බැඳපු මුල් කාලෙ නම් ඒ පාටිවලට නේහත් ගියා. සමීර්ගේ යාළුවො ඇවිල්ලා හොඳටම බීලා වෙරි වෙලා කෑ ගහන ඒවයි, සිංදු කියන ඒවයි,

ඩාන්ස් කරන ඒවයි හැරුණාම ඒ පාටිවල වෙන කිසිම විනෝදයක් තිබුණේ නැහැ. ඒත් සමීර් මේ පාටිවලින් ගොඩක් විනෝද වුණා. 

සමීර් හොඳටම බීපු දවස්වලට වාහනය ඩ්‍රයිව් කරගෙන ආවෙ නේහා.
ටික දවසක් යද්දි නේහට මේ පාටිවලට යෑම එපා වුණා. ඒ නිසා එක දවසක් පාටියකට යන්න ලෑස්ති වෙද්දි එයා සමීර්ට කිව්වා. 


"මට එන්න බෑ ඔයා තනියම යන්න" කියලා. එදා ඉඳලා සමීර් එයාගෙ යාළුවන්ගෙ පාටිවලට ගියේ තනියම. තනියම ගිහින් රෑ වෙනක් බීලා පාටි දාලා සමහරදාට පාන්දර තමයි ගෙදර එන්නෙ. 

ඔය විදියට මාස කීපයක් ගත වුණා. ඔන්න මේ කියන දවසෙත් සමීර් පාටියකට ගිහින් තිබුණා. රෑ දෙකට විතර නේහා කෝල් කළාම සමීර් කිව්වා දැන් තමයි පාටිය ඉවර වුණේ මේ ගෙදර එන ගමන් කියලා.

ඊට පස්සෙ නේහා නිදාගන්නෙ නැතිව බලන් හිටියෙ සමීර් ආවම ‍ෙදාර අරින්න ඕනෙ නිසයි. පැයක් විතර ගත් වුණා. විනාඩි විස්සකින් එන්න පුළුවන් දුර පැයක් ගත වෙලත් සමීර් ඇවිත් හිටියෙ නෑ. ඒ වෙලාවෙ නේහා ආයෙත් සමීර්ගෙ ෆෝන් එකට කතා කළා. 


ෆෝන් එකට ආන්සර් කළේ වෙන කෙනෙක්. එයා මෙහෙම කිව්වා. "මේ ෆෝන් එක අයිති කෙනාගෙ වාහනේ ඇක්සිඩන්ට් වුණා. දැන් එයා ඉන්නෙ රෝහලේ" කියලා. හොඳටම කලබල වුණු නේහා ඒ කෙනාගෙන් විස්තර අහගෙන රෝහලට ගියා. රෝහලේ දැඩි සත්කාර ඒකකයෙදි නේහා දක්කේ එයා හීනෙන්වත් නොහිතපු දෙයක්.

සමීර් ඇඳේ හිටියා. සමීර් වටේටම එක එක විදියෙ මැෂින්. එයාගෙ කකුල් අත් ඔළුව ඔක්කොම බැන්ඩේජ් කරලා. අඬ අඬ සමීර් දිහා වීදුරුව අතරින් බලන් හිටපු නේහාට ඩොක්ටර් කතා කළා. කතා කරලා නේහා සමීර්ගෙ කවුද කියලා විස්තර අහගෙන සමීර්ගෙ තත්ත්වය පැහැදිලි කරන්න පටන් ගත්තා. 


"මෙයා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ හොඳටම බීලා ඩ්‍රයිව් කරද්දි. කකුල් දෙක දහතුන් තැනකින් කැඩිලා. ඔළුව තදින් කොහෙහරි වැදිලා තියෙනවා. ඒ නිසා දැන් එයා ඉන්නේ කෝමා එකක. සිහි කල්පනාව ලැබුණත් ඇවිදින්න පුළුවන් වෙයිද කියන්න බෑ" ඩොක්ටර් කිව්වා.

ඒත් නේහා කිව්වේ සමීර්ව කෙහොමහරි සනීප කරලා දෙන්න. වියදම් එයා බලා ගන්නම් කියලයි. නේහා එහෙම කිව්වත් සමීර්ව සනීප කරන්න සල්ලි ගොඩක් ඕනෙ වෙනවා කියලා එයා දැනගෙන හිටියා. ඒත් එච්චර සල්ලි හොයන්න ක්‍රමයක් ගැන එයා දැනගෙන හිටියෙ නෑ. 


නේහා එච්චර ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයාට රස්සාවක් දෙන්න කවුරුත් කැමැති වෙන්නෙ නෑ. අන්තිමට එයා කල්පනා කරලා තීරණයක් ගත්තා. එයා කරන රස්සාව මොකක්ද කියලා තීරණය කරලා ඒ අනුව එක එක පුද්ගලයන් හමුවෙන්න ගියා.

අන්න එහෙමයි නේහා ගණිකාවක් වුණේ. එක කස්ටමර් කෙනෙක් එක්ක ගනුදෙනුව කරලා අනෙක් කස්ටමර් ළඟට යන්න කලින් නේහා දුවලා ගිහින් සමීර්ව බලලා එනවා. දැන් නේහට කස්ටමර්ලා ගොඩක් ඉන්නවා.


ඒ හැමෝම වගේ හොඳ සල්ලිකාරයො. මේ රස්සාවෙන් හම්බකරන හැම රුපියලක්ම නේහා සමීර් වෙනුවෙන් වියදම් කරනවා. මේ වෙනකොට සමීර්ගෙ කකුල් දෙකේ ඔපරේෂන් හත අටක්ම කළා. කකුල් සනීප වේගන ආවත් එයා තාම ඉන්නෙ කෝමා එකේ. සමීර් එක්ක පාටි දාපු යාළුවො මුලින් මුලින් රෝහලට ආවත් දැන් එන්නෙ නෑ. ඒ අය සමීර්ව අත ඇරපු ගානයි. ඒත් නේහා සමීර්ව අත ඇරලා නෑ.

නේහා කස්ටමර්ලා එක්ක ගනුදෙනු කතා කරන්නෙ එක එක නම්වලින්. එයා එයාගෙ ඇත්ත නම කවදාවත් කාටවත් කියලා නෑ. ඒ වගේම එයාගෙ රැකියාවට අදාළ වැඩවලට වෙනම ෆෝන් එකකුත් තියෙනවා. නේහාව හොයාගෙන එක දවසක් ආපු කෙනෙක් ආයෙ කවදාවත් නේහව අත අරින්නෙ නෑ. ඉතිං මේ විදියට තමයි දැන් නේහගෙ කාලෙ ගෙවෙන්නෙ.

සමීර්ගෙයි නේහගෙයි කතාව ගැන පසුගිය දවස්වල අන්තර්ජාලයේ ගොඩක් කතා පළ වුණා. නේහගේ වීඩියෝ පවා අන්තර්ජාලයෙ තිබුණා. ඒ නිසා දැන් මේ කතාව මුළු ලෝකෙම දන්නවා. මේ ගැන එක වෙබ් සයිට් එකකින් පවත්වපු සාකච්ඡාවකදී නේහා පුදුමාකාර දෙයක් කිව්වා.


"මම පිරිමි ගොඩක් ආශ්‍රය කරලා තියෙනවා. ඒත් ඒ කිසි කෙනෙක් මගේ සමීර් වගේ නැහැ." නේහගෙ මේ කතාව නිසා තේරුම් ගන්න පුළුවන් නේද එයා සමීර්ට කොච්චර ආදරේ කරනවද කියන එක.
 
Related Posts with Thumbnails