Ads 468x60px

.

හංගලා තිබුණු අරක්කු බෝතලේට මරා ගත් ගලේවෙල සිසුන්


ගලේවෙල අධ්‍යාපන කලාපයේ එක්‌තරා මහා විද්‍යාලයක උසස්‌ පන්තිවල අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක්‌ අතර පසුගිය 2 වැනිදා පෙරවරුවේ ඇතිවූ ගැටුමක්‌ නිසා එම පාසල් භූමිය යුද පිටියක ස්‌වරූපයක්‌ ගත් පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ සිසුන් පිරිසක්‌ විසින් පාසලට ගෙනැවිත් සඟවා තිබූ මත්පැන් බෝතලයක්‌ තවත් සිසුන් පිරිසක්‌ විසින් සොරාගෙන පානය කිරීම මෙම ගැටුමට හේතුව වූ බවයි.

මේ අතර මෙම සිසුන් දෙපිරිස පසුගිය කාලයේ විටින් විට ඇතිකර ගෙන තිබූ ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙස මේ සිද්ධිය සිදුවී ඇති බව අනාවරණය වනවා. මෙම ගැටුම සමථයකට පත්කර ගැනීමට උත්සාහ ගත් ගුරුවරුන් කිප දෙනකුටද පොලු පහරවල් කීපයක්‌ වැදී ඇති බව සිද්ධිය ඇසින් දුටු
තම දරුවන් පැවසූ බව මව්පියෝ පැවසුවා.

සිද්ධිය සැලවීමෙන් පාසලට පැමිණි පොලිස්‌ නිලධාරීන් ගැටුම සමථයකට පත්කළ බව දැනගන්නට ලැබී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ. එල්. එම්. සාරුඩීන් මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා මෙසේ
පැවසුවා.

අදාළ පාසලේ ඇති වූ සිද්ධිය පොලිසිය පැමිණ සමථයකට පත් කර තිබෙනවා. සිසුන් පාසලට මත්පැන් ගෙන ඒම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා යෑයි පැවසුවා.

පසුගිය කාලයේ ගලේවෙල නගරයට ආසන්න පාසල් කිපයකම මෙවැනි ගැටුම් විටින් විට ඇතිවී තිබූ බව මවුපියෝ පවස
නවා. ඊට හේතුව සිසු විනය බරපතල ලෙස පිරිහීමට ලක්‌වී තිබීම බව ඔවුහු පෙන්වා දෙනවා

විනය පිළිබඳව පාසල් ප්‍රධානීන්ගේ නොසැලකිල්ල මෙවැනි අවාසනා වන්ත සිදුවීම්වලට හේතුව බව ඔව්හු චෝදනා කරනවා. යළි මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්‌වීමට සුදුසු පියවර ගන්නා ලෙසට ඔව්හු අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
 
Related Posts with Thumbnails