Ads 468x60px

.

ලෙස්ටර්ගේ ෆොටෝ එකට කේ.පී.ගේ මුණ බද්ද කල ෆොටෝ එක මෙන්න.


ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඡායාරූපයක් විකෘති කොට සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම ගැන රහස් ‍පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පෙනී සිටි ඡායාරූපයකට කුමාරන් පද්මනාදන් (කේ.පී.) ගේ මුහුණ සහ අතෙහි කොටසක් යොදා පසුගිය

දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු අතර එය සමාජ වබේ අඩවි හරහා මේ වන විට ප්‍රචාරය වෙමින් තිබෙනවා.

මේ සම්බන්ධ පැමිණිල්ලක් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා විසින් ඉකුත් 04දා රහස් ‍පොලිසියට කර තිබෙන අතර  ඒ අනුව රහස් ‍පොලිසිය මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර
තිබෙනවා.

ඒ අනුව මෙම ඡායාරූපය විකෘති කළ තැනැත්තා සහ එය ජාල වෙබ් අඩවි වලට නිකුත් කළ තැනැත්තා ඇතුළු ඊට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙසේ ‍පොලිස් මෙහෙයුමක් ආරම්භ කළ බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවා.

- චාමර අමරසූරිය
 
Related Posts with Thumbnails