Ads 468x60px

.

ගුටි කන්නට බැරිව පොලිසියට දිවගිය තරුණයාගේ අත කපා දමා පැනගිය මැරයෝ


පහරකෑම් වලින් බේරීමට පෙරේදා (05 දා) රාත්‍රි රඹුක්‌කන පොලිසිය වෙත දිව ගිය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවකු පසුපස පන්නා ගෙන ගිය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආධාරකරුවන් පිරිසක්‌ පොලිස්‌ ස්‌ථානය තුළදීම ඔහුට අමානුෂික ලෙස පහර දී එක්‌ අතක්‌ කපා පලාගොස්‌ තිබෙනවා.

මෙහිදී බරපතළ කැපුම් තුවාල ලැබූ පැතුම් නමැති තරුණයා කෑගල්ල රෝහලට ඇතුළත් කර
තිබෙනවා.

පොලිස්‌ ස්‌ථානය තුළදී මෙම තරුණයාට පහර දී අතක්‌ කපා දමනු ලැබුවේ 'බචන්' නමැති මැරයකු බව හඳුනාගෙන
තිබෙනවා. එහෙත් ඊයේ
දහවල් වනතුරුත් පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන නොතිබුනා.

පෙරේදා රාත්‍රි රඹුක්‌කන දුම්රිය ස්‌ථානය ආසන්නයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ හටගෙන
තිබුනා.

රඹුක්‌කන පොලිසිය තුළදී ප්‍රහාරයකට ලක්‌වූයේ මෙම ගැටුමට මැදි වූ තරුණයකු බව පොලිසිය පවස
නවා.

රඹුක්‌කන නගරයේ ඇති වූ ගැටුමින් තුවාල ලැබූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ආධාරකරුවන් සිව්දෙනකු සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ආධාරකරුවකු කෑගල්ල සහ රඹුක්‌කන රෝහල්වලට ඇතුළත් කර
තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන් පස්‌දෙනකු සහ ගිනි අවියක්‌ ද අත්අඩංගුවට ගෙන
තිබෙනවා. රඹුක්‌කන ප්‍රදේශයේ පැවති රැස්‌වීමක්‌ අවසන් කර යමින් සිටි මෙම ආධාරකරුවන් දෙපිරිස නගරයේදී ගුටිබැට හුවමාරු කරගෙන තිබෙනවා.

මෙහිදී වාහන තුනකට සහ වෙළෙඳසල් කීපයකට ද හානි සිදු වී
තිබෙනවා.

පසුව කෑගල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ පැමිණි විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ නගරයේ ඇති වී තිබූ කලබලකාරී තත්ත්වය පාලනය කර කලහකාරීන් විසුරුවා හැර
තිබෙනවා.

රඹුක්‌කන පොලිස්‌ ස්‌ථානය තුළදී තරුණයකු කපා කොටා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වාගෙන ය
නවා.

මෙම තරුණයාට මැර පිරිස පහර දෙන අවස්‌ථාවේ රඹුක්‌කන පොලිසිය තුළ රාජකාරි කරමින් සිට ඇත්තේ නිලධාරීන් කීපදෙනකු පමණි.

මැරයන්ගෙන් බේරීමට පොලිසියට දිව ආ තරුණයා පැමිණිලි භාරගන්නා ස්‌ථානයේ මේසයක්‌ යට රිංගා සැඟවී සිට ඇත. එහෙත් ඔහු පසුපස පන්නාගෙන ආ බචන් නමැති මැරයා ඇතුළු පිරිස තරුණයා එම ස්‌ථානයෙන් ඉවතට ගෙන පොලිස්‌ නිලධාරීන් බලා සිටියදීම ඔහුට පහර දී අතක්‌ කපා දමා පලා ගොස්‌ තිබිණි.

රඹුක්‌කන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
 
Related Posts with Thumbnails