Ads 468x60px

.

හරි විදියට ඡන්දය දෙන්නේ මෙහෙමයි - මැතිවරණ කොමසාරිස්ගෙන් පණිවිඩයක්


ලක්‍ෂ 03කට ආසන්න පිරිසක් මෙවර ජනාධිපතිවරණයේ දී පළමුවරට ඡන්දය භාවිත කරනවා. මැතිවරණ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එය මෙවර ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵලයට ඍජුව බලපානු ඇති බවයි.

පළමුවරට සිය ඡන්දය භාවිත කරන්නන්ට ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් තිබේද යන්න පිළිබඳ බොහෝ දෙනා අතර කථා බහක් නිර්මාණය වී තිබෙනවා. එම නිසා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අප තීරණය කළා.
 
ජනාධිපතිවරණයක දී ඡන්දදායකයෙකු සිය මනාපය අපේක්‍ෂකයෙකුට හෝ කිහිපදෙනෙකුට නිවැරදිව ලබා දෙන ආකාරය මැතිවරණ පනතේ පැහැදිලිව දක්වා තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා.
 
අපි වලංගු ඡන්ද ලෙස ගණන් ගන්නේ අපේක්ෂකයින් තිදෙනෙකුගේ නම් සහ සළකුණු ඉදිරියේ ඇති කොටුවල වෙන වෙනම 1,2,3 සටහන් කිරීම හෝ තමා කැමති එක් අපේක්ෂකයකුගේ නම සහ සළකුණ ඉදිරියේ ඇති කොටුවේ 1 හෝ කතිරය සටහන් කිරීම. සමහර අයෙක් 1 හෝ කතිරය නොමැතිව කොටුව තුළ ඡන්ද දායකයා හඳුනාගත නොහැකි වන කිසියම් එක් ලකුණක් පමණක් සටහන් කර ඇත්නම් එයත් වලංගුයි.

එමෙන්ම ඡන්දය අවලංගු විය හැකි අවස්ථා පිළිබඳවද ඔහු සඳහන් කළා.
 
එකම කොටුවේ 1,2,3, ලකුණු කරලා තිබුනොත් අවලංගු වෙනවා. කතිරයයි 2යි ඉලක්කමකුයි ගහලා තිබ්බත් අවලංගුයි. කොටු කිහිපයක් කැපෙන විදියට 1 හෝ කතිරය සටහන් කළත් අවලංගුයි. සමහර අය කොටුව ඉස්සරහා තමන්ගේ නම ලියනවා, අස්සන අදිනවා, 


එහෙම නැත්නම් ඡන්ද ලකුණ අදිනවා, ඒවා ලියන්නේ තමන් අඳුනා ගන්න. අන්න මං අරක දැම්මේ අර විදියට කියලා කියන්න පුළුවන්නේ. අපි ඒවා ප්‍රතික්ෂේපිත ඡන්ද ලෙසයි සලකන්නේ. ඒවා අපි ගණන් ගන්නේ නෑ. 
 
Related Posts with Thumbnails