Ads 468x60px

.

මිතුරන් සමඟ එක්‌ව තම බිරිඳව අමානුෂික ලෙස දූෂණය කර වීඩියෝ කල සැමියා


සැමියා තවත් මිතුරන් කිහිපදෙනකු සමඟ එක්‌ව තම බිරිඳව අමානුෂික ලෙස දූෂණය කර වීඩියෝගත කිරීමේ සිද්ධියක්‌ සූරියවැව විහාරගල ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මෙසේ දූෂණයට ලක්‌ව ඇත්තේ වයස අවුරුදු එකහමාරක දරුවකු ද සිටින 23 හැවිරිදි කාන්තාවකි. ප්‍රේම සම්බන්ධතාවයක්‌ මත විවාහ ගිවිසගෙන ඇති මෙම තරුණිය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බරවකුඹුක ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවයට ගොස්‌ තිබුණු අතර විවිධ හේතූන් මත පවුල් ආරවුල් ද මතුවෙමින් තිබී ඇත. 


කෙසේ වුවද ඇඟලුම් ආයතනයේ සේවය කළ තවත් තරුණයකුගෙන් මෙම කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබුණු මිස්‌ කෝල් එකක්‌
හේතුවෙන් දෙදෙනා අතර පැවැති පවුල් ආරවුල උග්‍ර විය. 

මේ හේතුවෙන් තරුණිය නිවසෙන් පිටව ගොස්‌ ඇත. ඉහත කී කාන්තාව ගේ ස්‌වාමිපුරුෂයා තවත් යහළුවන් පස්‌දෙනකු සමඟ ගොස්‌ තරුණියගේ ජංගම දුරකථනයට මිස්‌කෝල් එක ලැබුණු තරුණයා හුංගම ප්‍රදේශයේදී පැහැර ගෙන ගොස්‌ ඔහුට පහර දී තම බිරිඳ සිටින ස්‌ථානය පිළිබඳව ඔහු ලවා දුරකථන ඇමතුමක්‌ ලබා දීම මගින් සොයා ගෙන බලහත්කාරයෙන් ඇයව ද රැගෙන විත් හම්බන්තොට කටුවැව ප්‍රදේශයේදී බරපතළ ලෙස හා අශිෂ්ට සම්පන්න ආකාරයෙන් දූෂණයට ලක්‌ කොට ඇති බව පොලිසියට පැමිණිලි කර ඇත.

පැහැර ගැනීමට ලක්‌ වූ තරුණයා සමඟ ද මෙම තරුණියට ලිංගිකව හැසිරෙන ලෙස තර්ජනය කර එම ක්‍රියාවලිය ද වීඩියෝ ගත කර ඇති බව ද පොලිසිය පවසයි. ඊට පසු දින තරුණියව සූරියවැව මදුනාගල ප්‍රදේශයේ කැලෑවකට ගෙන ගොස්‌ තවත් කිහිපදෙනෙකු ද සමඟ සැකකාර සැමියා විසින් මෙම කාන්තාව බරපතළ ලෙස දූෂණය කර එම අවස්‌ථාවන් ද වීඩියෝගත කර ඇති බව ද වාර්තා වෙයි.

දින කිහිපයකට පසුව සැකකරුවන්ගෙන් මිදී තම ඥාති සහෝදරියක්‌ සමඟ පැමිණ සූරියවැව පොලිසියට සිද්ධිය පිළිබඳ පැමිණිලි කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා තරුණිය හම්බන්තොට රෝහලට යවා තිබේ.

සිද්ධිය පිළිබඳව වයස අවුරුදු 22 ත් 25 ත් අතර පසුවන සැකකරුවන් හතරදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් 20 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කාන්තාවගේ සැමියා සොයා සූරියවැව හා හුංගම පොලිසි වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
 
Related Posts with Thumbnails