Ads 468x60px

.

තාත්තා බලන්න ගිහින් එක රැයකින් ජනප්‍රිය වූ දුල්මිණි සමග කතාබහක්


අද වන විට ඔබත් මේ රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා
පසුගියදා මගේ අප්පච්චිට සිදුවූ සිදුවීමත් එක්ක සිරස නාලිකාව මගෙන් විමසීමක් කළා. විනාඩි දෙකක විතර අදහස් ප්‍රකාශ කිරීමක් කළා. එය අන්තර්ජාලයේ පළවීමත් සමග එය කතාබහට ලක් වුණා.


ඒ ලැබූ ජනප්‍රියත්වය මතුදාක දේශපාලනයට පිවිසීමට ඔබට හොඳ පාලමක් වේවි
(හිනැහී) හැබැයි ඉතින් මම කවදාවත් දේශපාලනයට එන්න අදහසක් නැහැ.


ඔබේ පියා මේ රටේ ප්‍රබල දේශපාලන චරිතයක්. එවැනි අයගේ දූ පුතුන් දේශපාලනයට පිවිසීම සිදු වනවා. මතුදාක ඔබේ අදහස වෙනස් විය හැකියි
සමහරවිට මගේ මල්ලි (තරිඳු අත්තනායක) මතුදාක දේශපාලනයට ඒවිද දන්නේ නැහැ. නමුත් මගේ නම් එවැනි අදහසක් නැහැ. ඒත් සමාජ

සේවිකාවක් විදියට මිනිසුන්ට වගේම අසරණ සතුන් වෙනුවෙනුත් යමක් කරන්න නම් මම යොමු වනවා.

දේශපාලනඥයින් කලාකරුවන් වැනි අයගේ දූ දරුවෝ කුඩා කල පටන්ම මාධ්‍යය හමුවේ දකින්නට ලැබෙනවා. ඔබ ජනප්‍රිය චරිතයක් බවට පත්වීම හිටි හැටියේ සිදුවූ දෙයක්
හිටිහැටියේ මං ගැන අවධානය යොමුවුණාට මමයි මල්ලියි දෙන්නම චූටි කාලෙ ඉඳන් සිරිකොතට යනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේම මලික් සමරවික්‍රම අංකල්, ඉමිටියාස් අංකල් වගේ අය ඒ කා‍ලේ ඉඳන් මම හොඳින් අඳුනනවා. නමුත් මම වයස 17 දී එංගලන්තයට ගියා. ඒ මගේ අධ්‍යාපන කටයුතු වලට. ඉන් පසුව ඉඳහිට ලංකාවට ආපු අවස්ථාවලත් අප්පච්චිගෙ දේශපාලන වැඩවලට සහභාගි වෙලා තියෙනවා.


ඔබේ අධ්‍යාපන කටයුතු අවසානද?
මම උපාධිය සම්පූර්ණ කළා. ඒත් වැඩිදුර අධ්‍යාපනය හදාරන්න මම අදහස් කරගෙන ඉන්නවා.


ඉන් පසුව මොකද කරන්න හිතාගෙන ඉන්නේ..
අනිවාර්යයෙන්ම මම ලංකාවට එනවා. මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අදහස මට තියෙනවා. අප්පච්චිගේ උදව් නැතුව අප්පච්චිගේ නම භාවිතා නොකර මගේම දෙයක් තුළින් ගොඩනැගෙන්න මම කැමතියි.


කලාව ගැන උනන්දුවක් නැද්ද?
මම චිත්‍ර අඳින්න ගොඩක් ආසයි. ඒ හින්දම චූටි කා‍ලේ මාව චිත්‍ර විෂය ඉගෙන ගන්න පන්තියකට දැම්මා. ටීචර් මට රවුමක් අඳින්න කිව්වම මම මලක් ඇන්දා. චූටි කා‍ලේ ඉඳන්ම මම මට හිතෙන දේ කරන්න කැමතියි. ඉතින් මම කරපු දේ ගැන ටීචර් මගේ අම්මට පැමිණිලි කළා. 


ඉන් පස්සේ මම චිත්‍ර පන්තියට යන එක නතර කළා. මම සිරිමාවෝ බණ්ඩාරනායක විදුහ‍ලේ 4 වසරේ ඉගෙන ගන්න කාලෙදි බුදවත්ත සර්ගේ නැටුම් පන්ති ගියා. එංගලන්තයේදී හි‍පොප්, බෝල්රූම් නර්තන හදාරලා තියෙනවා. මම රංගනයත් හදාරලා තියෙනවා. ලංකාවේ ඉන්න කොටත් ඉංග්‍රීසි වේදිකාවේ ‘ෂේක්ස්පියර්” නාට්‍යවල රඟපාලා තියෙනවා.

මේ දවස්වල කතාබහට ලක්වන චරිතයක් හින්දා ඔබට රඟපෑමට ආරාධනාවක් ලැබෙන්නත් බැරි නැහැ....
මම සරල විනෝදාත්මක චිත්‍රපටවලට නම් කැමති නැහැ. ගැඹුරු නිර්මාණයන්, හොඳ චරිතයක් නම්, පිටපත කියවලා සෑහීමට පත්වන්න පුළුවනි නම් රඟපෑමට සූදානම්.


පියා දේශපාලනඥයකු වීම ගැන දියණියක් විදියට ඔබ තෘප්තිමත්ද?
අප්පච්චි දේශපාලනඥයකු වීම හින්දා සතුටුදායක වගේම කනගාටුදායක අත්දැකීම් වලටත් මුහුණ දීලා තියෙනවා. දේශපාලනඥයින් ගැන අයහපත් ප්‍රතිරූප තියෙන අය ඉන්නවා. ඒ අයගේ දරුවෝ අපිත් එක්ක එකට අධ්‍යාපනය ලබලා තියෙනවා. පාස‍ලේ දී ඒ වගේ අය හින්දා හිත් රිදීම් වලට ලක්වූ අවස්ථා ගොඩක් තියෙනවා. 


එක දවසක් පාස‍ලේ දී එක ළමයෙක් අප්පච්චිගේ පින්තූරයක් තියෙන පත්තර කොළයක් ගෙනැත් මං ඉස්සරහදි බිම දාලා පෑගුවා. මම ඒක ටීචර්ට කම්ප්‍ලේන් කළාට මම ඒ ළමයට මොකුත් කළේ නැහැ. අප්පච්චි වගකිව යුතු කෙනෙක්  හින්දා ඒ වගේ දේවල් විඳ දරා ගන්න වෙනවා. 

පසුගියදා  අප්පච්චිව  අරගෙන ගියපු සිදුවීමත් මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. එදා දවල් 11ට විතර ගෙදරට ඇවිත් අප්පච්චි අරගෙන යද්දී මල්ලි ඉස්කෝලෙ ගිහිං. මම හිටියේ ගෙදර. ඒ අවස්ථාවට මම මුහුණ දුන්නා. ඒ මොනවා වුණත් අප්පච්චි මේ රටේ ප්‍රබල දේශපාලන චරිතයක් වීම ගැන මම ගොඩක් සතුටුයි.

ඔබ නව යොවුන් සුන්දර යුවතියක්. ආදරය ගැනත් කථා කරමු
(හිනැහී) මම ඉපදුනේ 1992.  මම නවයොවුන් වයසේ  තමයි ඉන්නේ. ඒත් ආදරය කියන්නේ පෞද්ගලික දෙයක්. ඒ ගැන මාධ්‍යයට කතා කරන්න මම කැමති නැහැ.


ඡායාරූප-: නාලක කළුවිතාරන
ආරියවංශ කුලතිලක
 
Related Posts with Thumbnails