Ads 468x60px

.

මම කාලා ඇඳලා ජීවත් වෙන්නේ කටකතා හදන අයගෙන් ‍නෙවෙයිනේ - උදාරි

උදාරි මොනවද මේ දවස්වල අලුත් තොරතුරු....?
බිනරමලී ටෙලි නාට්‍යයේ ඊළඟ ෂෙඩුල් එකේ රූගත කිරීම් ආරම්භ වෙන්න තියෙනවා. ආදර දෑසක් ටෙලි නාට්‍යයේ තව එක දවසක් ෂූටින් තියෙනවා. ඊට අමතරව දුවගේ වැඩ කටයුතු එක්ක ටිකක් කාර්ය බහුලයි. චූටි දුව දැන් මොන්ටිසෝරි යනවනේ.


අලුතින් ගෙයක් ගත්තා කියලා ආරංචි වුණා.
ඔව් මේ දවස්වල ඒ වැඩ කටයුතු සම්පූර්ණ කරගන්න වැඩ තමයි කරන්නේ. ඇත්තටම ගේ ගත්තේ දුව ෂෙනාර්යා උමේදි වෙනුවෙන්. එයා කොයි රටේ හිටියත් තමන්ගේ රටට ඇවිත් ඉන්න එයාගේම කියලා දෙයක් තියෙන්න ඕන. ඒ නිසා මේක දුව වෙනුවෙන් දෙමව්පියන් විදියට මම සහ සුජිත් කළ ආයෝජනයක්.


උදාරි මාස කිහිපයකට කලා කටයුතුවලින් ඉවත්  වෙන්නද හදන්නේ.
ඔව් දුව මෙහේ මොන්ටිසෝරි දැමීමට එයාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිංගප්පූරුවේදී සිදු කරන්න තමයි මමයි සුජිතුයි කල්පනා කළේ.  ඒ නිසා ඒ වැඩ කටයුතුවලට මාස තුනක් විතර කාලයක් මට එහේ ඉන්න

වෙනවා. ඒ ගිහින් ඇවිත් නැවත කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

උදාරි ඉක්මනටම අම්මා කෙනෙක් වුණා. ඒ වගකීම් එක්ක රංගන කටයුතු සඳහා කාලය යොදවන්නේ කොහොමද...?
දුව කියන්නේ ඇත්තටම ලොකු වගකීමක්. එයාගේ හැම දෙයක්ම කරන්න ඕන මම. හැම වගකීමක්ම තියෙන්නේ මට. ඒක ලේසිදෙයක් නෙවෙයි. ඉතින් ඒ වගකීම් සියල්ලක්ම දරාගෙන රංගන ජීවිතේ වැඩ කටයුතුත් කරන එක ලොකු අභියෝගයක් තමයි. මේ තාක් දුරට ඒ හැමදේම මම කරගත්තා. ඉස්සරහටත් කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.


විවාහයෙන් පස්සේ උදාරිට ආදර යෝජනා එහෙම ලැබිලා නැද්ද...?
(හිනැහී) අ‍පෝ අනන්තවත් ලැබිලා තියෙනවා.


කොහොමද ඒවායින් බේරිලා ඉන්නේ...
මම හිතන්නේ කලාකරුවෝ විදියට ඒ වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙන එක සාමාන්‍ය දෙයක්. අපි කවුද කියන එක දැනගෙන ජීවත් වෙනවා නම් ඒ වගේ දේවල්වලින් බේරිලා ඉන්න එක අමාරු දෙයක් ‍නෙවෙයි. අපි ඒවට ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒ අය සාමාන්‍ය ප්‍රේක්ෂකයො විදියට ගණන් ගත්තහම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ...


උදාරි ආඩම්බර නිළියක් කියන්නේ ඇත්තද...?
අ‍පෝ නැහැ. මාව දකින මාව අගය කරන ප්‍රේක්ෂකයෝ හැමෝම දන්නවා මම ගැන. මම ජනප්‍රියත්වයෙන් පහළට වැටෙන්නේ නැතුව ඉන්නෙත් ඒකයි. ජනතාවගේ ප්‍රියත්වය ගැනීම අමාරු දෙයක්. ඒත් මගේ පෙර පිනකට ජනප්‍රියත්වය කියන දේ මට හැමදාම එක වගේ ලැබිලා තියෙනවා. මම ආඩම්බර නම් මිනිස්සු මට ආදරේ කරන්නේ නැහැනේ.


සුජිත් සහ ඔබ විවාහ වුණාට ඉන්නේ රටවල් දෙකක. විවාහ වෙලා මේ විදිහට දුරස් වෙලා ඉන්නේ ඇයි?
එහෙම දුරස් බවක් නැහැ. හැම සති දෙකකට සැරයක් සුජිත් ලංකාවට එනවා. ගිය සතියෙත් එයා ඇවිත් ගියා. අපි දෙන්නම කාර්යබහුල ජීවිත ගෙවන්නේ ඒ නිසා දුරස් බවක් දැනෙන්නේ නැහැ. අනිත් එක, එක රටේ හිටියත් අපි හම්බවෙන්නේ අඩුවෙන්. එයා ශල්‍ය වෛද්‍යවරයෙක් නිසා ගොඩක් වෙලාවට ඉන්නේ තියටර් එකේ. අනිත් එක දුව නිසා තනිකම පාළුව දැනෙන එක අඩුයි. නැතුව නොවෙයි. ඒ වුණාට අපි දෙන්නටම ඒක දැන් පුරුදු වෙලා.


ඒ කියන්නේ ඔබ දෙන්නාගේ ආදරයේ අඩුවීමක් වෙලා නැහැ?
(හිනැහී) නැහැ... නැහැ... ඒ ආදරය හැමදාම අපි දෙන්නා අතර තියෙනවා. අපි, අපිට හරිම ආදරෙයි.


ඔබ හොඳ රංගන ශිල්පිනියක්ද? එහෙම නැත්නම් හොඳ බිරිඳක්, මවක්ද?
රංගනය පැත්තෙන් මම හොඳද, නරකද කියන එක මට තීරණය කරන්න බැහැ. ප්‍රේක්ෂකයෝ තමයි ඒක තීරණය කරන්නේ. ඒත් මම හොඳ බිරිඳක්, මවක් සහ හොඳ ගැහැනියක් කියලා කටපුරා මට කියන්න පුළුවන්.


ජනප්‍රිය අයට කටකතා හැදෙන එක සාමාන්‍ය දෙයක්නේ. උදාරිත් කටකතාවලට ඕනතරම් මුහුණ දීලා තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ?
මම කටකතා කියන දේවල් ඔළුවට ගන්නේ නැහැ. මොකද ඒවා මම හදපු දේවල්වත් මගේ මහත්තයා හෝ දරුවා හදපු දේවල් ‍නෙවෙයි නේ. ඒ නිසා මට ඒ වගේ බලපෑමක් නැහැ. කටකතා හදන අයගෙන් ‍නෙවෙයිනේ මම කාලා ඇඳලා ජීවත් වෙන්නේ. 


කටකතා කියන අය ඒවා කියයි. අහන අය අහයි. ඒවා මටවත් මගේ මහත්තයා සුජිත්ටවත් අදාළ නැහැ. සුජිත් කියන්නේ බුද්ධිමත් මනුස්සයෙක්. ඉතින් අපි දෙන්නම ඒවා අදාළ කරගන්නේ නැත්නම් ඒක ඔහේ ගහගෙන යන වතුර පාරක් විතරයි.
 
Related Posts with Thumbnails