Ads 468x60px

.

අසභ්‍ය වචනයක් තියෙන ටී ෂර්ට් එකක් ඇඳගෙන වැඩසටහනක් කළේ නෑ - පියුමි දැන් කියන කතාව


මොකක්ද පියුමිට අකරතැබ්බයක් වුණා කියන්නේ?
මට කිසිම දෙයක් වුණේ නෑ... ඔය ආරංචිය බොරු ආරංචියක්.


එතකොට අසැබි වචනයක් සහිත ටී ෂර්ට් එකක් ඇඳගෙන වැඩසටහන මෙහෙයවූවා කියන කතාව බොරුවක්ද?
අමූලික බොරුවක්. ඒ වගේ ටී ෂර්ට් ඇඳගෙන ර්ථීපධඨපචථඥ කරන්න තරම් මම මෝඩයෙක්ද.

එහෙනම් මේ නැඟලා තියෙන්නේ ගිනි නැති දුම්රොටුද?
මෙහෙමයි ඔය කියන දවසේ මම ස්වර්ණවාහිනියේ 6.30 සංගීත වැඩසටහනට නිල්පාට පටියක් ඔළුවේ දාගෙන හිටියේ. අපේ පසුතලයත්

නිල්පාට නිසා ම්ඥර කරන ගැටලුවක් නම් ආවා.

පැයක වැඩසටහන පැය භාගෙකින් නතර කරන්න හේතුව එතකොට ඔය ඔළුව බැඳපු පටියද?
ඒකත් එක හේතුවක්. ඒ වගේම සමහර සිකුරාදා දවසට පැය භාගයෙන් ර්ථීපධඨපචථඥ එක නතර කරනවා.

ඒත් කතාව යන්නේ එහෙම නෙමෙයිනේ, පැය භාගයකට පස්සේ ස්වර්ණවාහිනියේ ඉහළ පුටුවක කෙනෙක් ඔබ අසැබි වදනක් සහිත ඇඳුමක් ඇඳලා තියෙනවා දැකලා වැඩසටහන නතර කළා කියලානේ?
මොන බොරු කතාවක්ද? කවුරුවත් වැඩසටහන නතර කළේ නෑ. නිෂ්පාදන කණ්ඩායමම තමයි වැඩසටහන නතර කළේ. ඇයි මේ වගේ බොරු කතා හදන්නේ කියලා මට තේරෙන්නෙ නෑ...

වැඩසටහනට කලින් වැඩසටහන් නිෂ්පාදක, නිවේදක නිවේදිකාවන්ගේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්නේ නැද්ද?
ඇයි නැත්තේ, මම මං අඳින ඇඳුම ගැන සැලකිලිමත් වෙනවා වගේම නිෂ්පාදකත් ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඔය කියන වගේ අසභ්‍ය වචනයක් මගේ ඇඳුමේ තිබුණා නම් වැඩසටහන විකාශය වෙන්න කලින් කී දෙනෙක් දකිනවද?


එතකොට ඔය ඔළුවට බැඳපු පටිය නිල් කියලා කලින් දැක්කෙ නැද්ද?
ඒක මහා ලොකු දෙයක් නෙවෙයිනේ. ඔළුවෙ බඳින පටියයි, ඇඳුමයි කියන්නේ දෙකක්නේ.


කතාව බොරු නම් ඇයි මේ වගෙ බොරු ප්‍රචාරය වෙන්නේ?
පල ඇති රුකටනේ ගල් මුල් වදින්නේ. නිරූපිකාවක් විදියට ඔය වගේ ට්ධඵඵඪන හැදෙන එක සාමාන්‍ය දෙයක්. මම නම් ඇත්තටම ඔය ට්ධඵඵඪන ගණන් ගන්නෙ නෑ. ඒත් මට දුක මේ ට්ධඵඵඪන එකට ස්වර්ණවාහිනී නම අෑඳුණ එක. ඒක ආයතනයේ ගෞරවයට හානියක්.

පියුමි තමන් ගැන හිතනවාට වඩා ආයතනය ගැන හිතනවා වගේ?
අනිවාර්යයෙන්ම. අපිට ඔය කතා පුරුදුයි. ඒත් ස්වර්ණවාහිනිය කියන්නේ වැදගත් මාධ්‍ය ආයතනයක්. අපිට ගහන මඩවලට ආයතන ගාවන්න ඕනෑ නෑනේ.


දැන් පියුමිට මඩ ගහන්නේ ස්වර්ණවාහිනියේ අයද එහෙම නැත්නම් වැඩසටහන නරඹන අයද?
ස්වර්ණවාහිනියේ අය කියලා හිතන්නත් බෑ. මොකද හැමෝම මිත්‍රශීලි මුහුණක් තමයි මට පෙන්නන්නේ. ඒත් පෙන්නන මූණමද තියෙන්නේ කියලා මම දන්නෙ නැහැ.


අන්තර්ජාලයේ මේ ප්‍රවෘත්තිය පළ වුණාම ආයතනයෙන් ප්‍රශ්න ආවාද?
නෑ... මම නිෂ්පාදක ගීත් අයියාට කතා කළා. එයා කිව්වෙත්කලබල නොවී අහන අයට වෙච්ච දේ කියන්න කියලා. සමහර වෙබ් සයිට්වලට කතා කළාම ඒ අයම ඉධපපර කියලා ව්ඥඹඵ එක ගැලෙව්වා.

නිරූපිකාවක් වුණු පියුමි නිළියක් වුණේ කොහොමද?
අහම්බෙන් ලැබුණු අවස්ථාවක්.


ස්වර්ණවාහිනියේ ඉහළ පුටුවක කෙනෙක්ගෙන් පියුමිට මේ අවස්ථාව උදා වුණා කියලත් ඔය පැතිරුණු කතාවලම සඳහන් වෙනවා...?
ඔය කියන්නේ වැඩසටහන් අධ්‍යක්ෂ බුද්ධික කුලසේකර මහත්මයානේ. ඉතිං තමන්ගේ නාළිකාවේ වැඩසටහන් මෙහෙයවන්න ගන්නෙ කවුද කියලා තීරණය කරන්න ඔහුට අයිතිය තියෙනවානේ.

මේ සිද්ධියෙන් පස්සේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳ විනයානුකූල පියවරක් නොගත්තේ හිතවත්කමටලු...?
මම ඔහුව පෞද්ගලිකව හඳුනන්නේ නෑ. මම වැඩසටහන මාස කීපයක්ම කරනවා. ඒත් මට ඔහුව මුණගැහිලා නෑ. ඒත් දැන් නම් මට ඔහු මුණනොගැසී බෑ... මේ වෙච්ච දේ ගැන කතා කරන්න ඕනෑනේ...
නිළියක් වෙලා ජනප්‍රියත්වයට පත් වෙනකොටම යහපාලනයත් එක්ක විකාශය වුණු නාට්‍යය නතර වුණා. 


බලන් ගියාම ඒකෙනුත් පියුමිට අසාධාරණයක් වුණා...?
යහපාලනය නිසා වුණාද කියන්න නම් දන්නේ නෑ... අධ්‍යක්ෂ ශාන්ත අයියා කියලා තිබුණෙ කොටස් 50යි රූගත කරන්නේ කියලා. හරියටම කොටස් 50යි විකාශය වුණේ.

කොහොම වුණත් කතාව නිමා වුණේ අවසානයක් නැතුවමනේ?
ඔව්... ඒක ඇත්ත.


නිළියක් විදියට ජනප්‍රිය වෙනකොටම එහෙම වුණ එක ගැන කනගාටුවක් නැද්ද?
දුකයි. ඒත් මගේ රසිකයන්ට කියන්නේ රිතූ නතර වුණාට පියුමි නතර වෙන්නේ නෑ...

ඒ කියන්නේ තවත් ටෙලි නාට්‍යවලින් ඉදිරියට පියුමි මුණගැහෙනවා?
නාට්‍ය හත අටකට ආරාධනා ආවා. ඒත් මම තාම තීරණය කළේ නෑ. ආයේ රඟපානවද කියලා.


ඇයි ඒ?
අලුතින් එන නිළියන්ට අධ්‍යක්ෂවරු වැරදුණාම සැර වැර කරනවලු. මම ඒවට බයයි. ශාන්ත අයියා නම් කවදාවත් එහෙම කළේ නෑ. ශාන්ත අයියාගේ නාට්‍යයක නම් දෙපාරක් හිතන්නෙ නැතුව රඟපානවා.


CUTE AS F*#K කියලා ඇදුමේ තිබුණු වචනේ තේරුම දන්නේ නැතිව පියුමි සුදනා වෙන්න හදයි
 
Related Posts with Thumbnails