Ads 468x60px

.

සුමනදාස මහින්දගේ ජෝතිෂ්‍ය රහස් හෙළිකරයි - වශී බෝලය ව්‍යායාම උපකරණයක් - නැකත් හැදුවේ ඒගොල්ලොන්ට ඕන වේලාවට


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ නායකයා වන බවට තමන් 2006 වසරේදී දැනගෙන සිටි බවත් ඒ පිළිබඳව අනාවැකි පැවැසූ බවත් හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහන හා එක්වෙමින් සඳහන් කළේය.

“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කේන්දරය බැලුවේ 2006 අවුරුද්දේ.. එතුමා මගේ ගෙදරට ඇවිල්ලා හැමදාම කේන්දර බලන්න එන කෙනෙක් නෙමෙයි. එතුමා මගේ හොඳ ගෞරවනීය මිත්‍රයෙක්...
මම ප්‍රසිද්ධියේ එතුමා ගාවට ගිය කෙනෙක් 2006 අවුරුද්දේ...මෙතන ජනාධිපතිතුමාගේ කේන්දරයට වඩා මෛත්‍රීපාල මහත්තයගේ කේන්දරය බලගතුයි.“

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සටනට එක්වීමට මත්තෙන් වසරකට වතාවක් පමණ තමන් හමුවීමට පැමිණි බව ද 2009 වසරේදී අරලියගහ මන්දිරයට ගිය පසු තමන් අවසන්වරට අරලිය ගහ මන්දිරයට ගියේ 2014 වසරේ දෙසැම්බර් මාසයේදී බවද සුමනදාස අබේගුණවර්ධන මහතා පැවසී ය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සටනට එක්වීමට මත්තෙන් වසරකට වතාවක් පමණ තමන් හමුවීමට පැමිණි බවත් ඔහු සඳහන් කළේය.

"මෛත්‍රිපාල මහත්තයාගේ කේන්ද්‍රය මගේ ළඟ තිබුනා..මේක දැනගනිපු ඉහලම උදවිය මේක මගෙන් ඉල්ලුවා..නොදීම බැරි අයත් ඉල්ලුව හැබැයි අපේ ශාස්ත්‍රය අනුව එහෙම කරන්න බැහැ..කරන්න දෙයක් නැති තැන මම කළේ කේන්දරය ටිකක් වෙනස් කරලා දීපු එක.."

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියජනාධිපතිවරණයේදී පොදු අපෙක්ෂක ලෙස ඉදිරිපත් වූ දවසේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව සැක මතුවූ බවත් ඔහු සඳහන් කළේය.

හම්බන්තොට වරායේ වැඩ නිමවීමට පෙර විවෘත කිරීමට නැකත් සෑදීම පිළිබඳව කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අබේගුණවර්ධන මහතා පැවසුවේ "මම රාජ්‍ය නායකයාගේ ජෝතිෂ්‍ය උපදේශකයා පමණයි..එහෙම කෙනෙක් එක්ක වැඩ කරන එක ලේසි නැහැ..ඒ අයට අවශ්‍ය වේලාවට නැකත් හදල දෙන්න වෙනවා..සමහර දවස් වලට ජනාධිපතිතුමාගේ නිවාඩු තියෙන දවසට හදලා දෙනවා.."

හිටපු ජනපතිවරයා අතේ තබාගෙන සිටි ජය කුන්තය වශී බෝලයක් නොවන බවක් එය හුදෙක්ම ශාරීරික ව්‍යායාම සඳහා භාවිත කළ එකක් බවද සුමනදාස අබේගුණවර්ධන මහතා අනාවරණය කළේය. ජනවාරි 8 වැනිදායින් පසුව රට නිදහස් වූ බවද තමන් ඉදිරියට දේශපාලන මත ප්‍රකාශ නොකරන බවත් තමන් දිවියේ සැදෑ සමය ගත කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 
Related Posts with Thumbnails