Ads 468x60px

.

ඡන්දෙ දවසෙ රෑ මරණ බයට හිටියෙ යාළුවෙකුගෙ ගෙදර - ජනපති මෛත්‍රීපාල සිරිසේන


ජනපතිවරණ දිනයේදී තමන් රාත්‍රිය ගත කළේ කුරුණෑගල සිය මිතුරෙකු ගේ නිවසේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ඒ තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම්  සිර භාරයට ගැනීමටත් සිය පවුලම විනාශ කිරීමටත් සැලසුම් කර තිබූ බව සැළ වීම නිසා බව හෙතෙම පැවසූවා. ඔහු මේ බව පැවසූවේ ලන්ඩන් නුවර දී බීබීසී සංදේශය වෙත ලබා දුන් විශේෂ සාකච්ඡාවකදී ය.

"මැතිවරණ ප්‍රතිඵලය අනික් පැත්තට ගියා නම් මගේ දරුවන් සහ මම මේ වන විට ජීවතුන් අතර ඉන්නවා දන්නෙත් නැහැ. ඒක තමයි මහින්ද රාජපක්‍ෂලාගේ ප්‍රජාතන්ත්‍රවාදය. මං ඒක හොඳට දන්නවා. දැන් ඔය

කවුරුත් අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. 

හැබැයි ඒ අය දිනලා මම පරාජය වුනා නම් මෙලහට කී දෙනෙක් මරලද, කී දෙනෙකුගේ අතපය කඩලද, කී දෙනෙක් හිරේ ගිහිල්ලද, කී දෙනෙක්ව රස්සා වලින් දොට්ට දාලද කියල අපි දන්නවා. පැහැදිලිවම ඒ අය සැළසුම් කරලා තිබුණේ මං පරාජය වුනා නම් අපේ මුළු පවුලක් පිටින් සිර භාරයට ගන්න, විනාශ කරන්න." යැයි  සිරිසේන මහතා එහිදී පැවසුවා.
 
Related Posts with Thumbnails