Ads 468x60px

.

වෙලේ සුදා ගැන අපට කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක්‌ නෑ - සේමිණි කියයි


මත්කුඩු ජාවාරම්කරුවකු සම්බන්ධ කරගෙන ජනප්‍රිය නිළියන්ට එරෙහිව කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක්‌ නැතැයි ප්‍රවීණ රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය පවසනවා. 

අන්තර්ජාල හා සමාජ වෙබ් අඩවි හරහා නිළියන් කිහිප දෙනෙකුට එරෙහිව ගෙන යන අසත්‍ය චෝදනාවලට පිළිතුර දීම සඳහා ඊයේ (22 වැනිදා) රාජගිරිය සවරින් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇය එසේ පැවසුවා.

මාධ්‍ය මගින් නිළියන් සම්බන්ධ කරගෙන සිදුකරන මෙවැනි අසත්‍ය ප්‍රචාර හරහා සිදුවන්නේ සමස්‌ත නිළියන්ටම කරන බපරතළ හානියක්‌. කිසිම සත්‍ය අසත්‍යතාවක්‌ සොයා බලන්නේ නැතිව කරන මෙවැනි

දේවල් වෙනුවෙන් කිසිවකු පෙනී ඉන්නේ නැහැ. අප වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙත් නැහැ.

වැරදි කරන අයත් ඉන්නවා. ඒ අයට දඬුවම් කළ යුතුයි. නමුත් සමස්‌ත නිළියන්ටම කරන මෙවැනි අපහාස නතර කළ යුතුයි. එසේම නිළියන්ට එරෙහිව චෝදනා කළ ඇතැම් වෙබ් අඩවි නිවැරදි කිරීමක්‌ කර තිබුණා. 


ඒවා හරියට සමාජයට ගියේ නැහැ. සමස්‌ත නිළියන් වෙනුවෙන් අප පොලිස්‌ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා මෙවැනි චෝදනා කරන අයට එරෙහිව පියවර ගන්නා ලෙස.

මෙම මාධ්‍ය හමුව සඳහා දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි, මොහාන් රා මඩවල, ලක්‍ෂ්මන් විෙ-සේකර, ධර්මසිරි බණ්‌ඩාරනායක, අනුරුද්ධ ජයසිංහ ඇතුළු ජනප්‍රිය කලාකරුවෝ රැසක්‌ ද එක්‌ව සිටියහ.
 
Related Posts with Thumbnails