Ads 468x60px

.

දින සියයේදී කළ හා නොකළ දේ


ඉකුත් ජනාධිපතිවරණයේදී රජය පොරොන්දු වූ ප්‍රකාර ජනතාවට ඉක්‌මන් සහන ලබාදීමට ක්‍රියාත්මක කරනු ලැබූ 'දින 100' වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, විශ්‍රාමිකයන්ට රුපියල් 3,500 ක දීමනාවක්‌ ලබාදීම, සමෘද්ධි දීමනාව 200% කින් වැඩි කිරීම, ඉන්ධන, ගෑස්‌ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ 16 ක මිල විශාල වශයෙන් අඩු කිරීම, මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5,000 දක්‌වා වැඩි කිරීම, ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක්‌ ලබා දීම ඇතුළු දින 100 වැඩපිළිවෙළේ යෝජනා 85 ක්‌ මේ වනවිට අවසන් කොට ඇත.

දින 100 වැඩපිළිවෙළේ ඉතිරි යෝජනා 15 ද මේ වනවිට ක්‍රියාත්මක අදියරේ පවතින බවක්‌ පෙනේ.

මේ අනුව දින 100 ඇතුළත නිමා කළ යෝජනා 85 අතර රාජ්‍ය බැංකුවල තිබෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවල පළමු ලක්‍ෂ 10 සඳහා ගෙවන පොලිය 15% දක්‌වා ඉහළ දැමීම, වී කිලෝවක්‌ සඳහා රුපියල් 50 ක සහතික මිලක්‌ද, අර්තාපල් කිලෝවක්‌ සඳහා රුපියල් 80 ක

සහතික මිලක්‌ද, අමු තේ දළු කිලෝවක්‌ සඳහා රුපියල් 80 ක සහතික මිලක්‌ පවත්වාගෙන යැම, රබර් සඳහා රුපියල් 350 ක පාවෙන මිලක්‌ පවත්වාගෙන යැම සහ සියලු ගොවි ණය 50% කින් කපා හැරීමද ඇතුළත් වන්නේය.

මේ අතරම දැනට ක්‍රියාත්මක වී ඇති අනෙක්‌ යෝජනා අතර විදෙස්‌ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් රැක බලා ගැනීම සඳහා විශේෂ පවුල් සුරැකුම් වැඩසටහනක්‌ ආරම්භ කිරීම, උපරිම රුපියල් ලක්‍ෂ දෙකක්‌ වටිනා උකස්‌ කර ඇති රන් භාණ්‌ඩ සඳහා ගෙවිය යුතු අධික පොලිය හා දඩ මුදල් කපා හැරීම, තරුණයන්ට වයි - ෆයි සේවාව නොමිලයේ ලබාදීම සඳහා වයි -ෆයි කලාප ඇති කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ලිහිල් කොන්දේසි සහිත ණය ක්‍රමයක්‌ හඳුන්වාදීම, නිදහස්‌ සෞඛ්‍ය සේවය සඳහා වෙන්කොට තිබූ 1.8% ක මුදල 3% දක්‌වා ඉහළ නැංවීම, කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ඖෂධ රජයේ රෝහල් වෙත ලබාදීම හා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ රාත්‍රී 10.00 දක්‌වා දිනපතා විවෘතව තැබීම ආදිය ඇතුළත්ය.

මීට අමතරව හෙරොයින්, ගංජා, ටැබා වැනි මත්ද්‍රව්‍ය තුරන් කිරීමට පියවර ගැනීම, මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්යය බළකායක්‌ පිහිටුවීම, දුම්වැටි අසුරණවල රූපමය දැන්වීම් 80% දක්‌වා ඉහළ නැංවීම, සියලු පාසල්වල ආගම ඉගැන්වීම අනිවාර්ය කිරීම හා ඒවා අධීක්‍ෂණයට සර්ව ආගමික කමිටුවක්‌ පත් කිරීම, පාර අතුගෑම, කාණු ශුද්ධ පවිත්‍ර කිරීම වැනි කටයුතු සඳහා රණවිරුවන් යොදා ගැනීම අත්හිටුවීම, ආරක්‍ෂක රථ පිරිවරාගෙන මහජනතාවට අපහසුතා ඇතිවන ආකාරයට මැති ඇමැතිවරුන් ගමන් කිරීම නවතා දැමීම, හිසට සෙවණක්‌ නැති අසරණ ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, උතුරේත් දකුණේත් ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලනයක්‌ ස්‌ථාපිත කිරීම, දේශපාලනීකරණය නොවූ විදේශ සේවයක්‌ යළි ස්‌ථාපිත කිරීම, සංරක්‍ෂිත කලාප ලෙස නීතියෙන් නම් කර ඇති භූමිභාගයන්හි ආරක්‍ෂාව තහවුරු කිරීම, පාරිසරික වශයෙන් වැදගත් ලෙස හඳුනාගෙන ඇති කලාප තවදුරටත් ආරක්‍ෂා කිරීම, දැනට හානි වී හෝ විනාශ වී ඇති පාරිසරික වශයෙන් හඳුනාගෙන ඇති වැදගත් කලාප නවීන තාක්‍ෂණය යොදාගෙන ආරක්‍ෂා කිරීම, සත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂා පනත දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, සංවර්ධන වැඩසටහන්වලදී පාරිසරික බලපෑම පිළිබඳ මූලික ඇගයීම් අනිවාර්යය කිරීම මෙසේ දින 100 වැඩසටහන තුළ මෙතෙක්‌ ක්‍රියාත්මක කොට අවසන් කර ඇති අනෙක්‌ යෝජනාවන්ය.

ඉදිරියේදී දින 100 වැඩසටහන යටතේ පහත යෝජනා ක්‍රියාත්මක කොට අවසන් කිරීමටද නියමිතය.

සියලු දීමනා ඇතුළත් කොට ඒකාබද්ධ වැටුප් නිර්ණය කිරීමෙන් අනතුරුව හිඟ මුදල ද සහිතව ඉතිරි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබාදීම, ගොවීන්ට සහ තේ වතු හිමියන්ට උසස්‌ ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීම, මෙරට අනේවාසික ගිණුම් සඳහා 2.5% ක පොලියක්‌ දැනට ඇති පොලියට එකතු කිරීම, මැදපෙරදිග රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් රැක බලාගැනීම වෙනුවෙන් විශේෂ පවුල් සුරැකුම් වැඩසටහනක්‌ ඇති කිරීම, ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර හා කාන්තාවන්ට එරෙහි අපචාර වළකා කාන්තාවන් හා ළමයින්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු පිණිස නව නීති සම්පාදනය, යුද්ධයේදී වැන්දඹු වූ සියලු ජනකොටස්‌වල කාන්තාවන්ට හා ඔවුන්ගේ යෑපෙන්නන්ට විශේෂ රැකවරණ ක්‍රමයක්‌ හඳුන්වා දීම, යොවුන් පාර්ලිමේන්තුවේ 2015 වසරේ වැඩකටයුතු සඳහා රුපියල් මිලියන 250 ක්‌ වෙන් කිරීම, රජයේ රෝහල්වල සැත්කම් කිරීම සඳහා පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ගේ සැත්කම් නිම කිරීම කඩිනම් කිරීම, වකුගඩු රෝගය සඳහා තුඩු දෙන රසායනික පොහොර තහනම් කිරීම සහ වකුගඩු රෝගය වැළැක්‌වීමට දිගුකාලීන හා කෙටිකාලීන පියවර ගැනීම, සියලු බටහිර, පෙරදිග හා දේශීය වෛද්‍ය ක්‍රම මනා ලෙස සම්බන්ධීකරණය කර ඒකාබද්ධ සේවාවක්‌ ජනතාවට සැපයීම, කැසිනෝ බලපත්‍ර අවලංගු කිරීම, එතනෝල් ජාවාරම මර්දනය කිරීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා විශ්වවිද්‍යාලවලට බලතල ලබා දී ඒවා නිර්දේශපාලනීකරණය කිරීම, උසස්‌ පෙළ විෂයයන් 3 ක්‌ සමත් සියලු දෙනාට උසස්‌ ඩිප්ලෝමාවක්‌ හෝ උපාධියක්‌ දක්‌වා ඉගෙන ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීම, පාසල්වල පළමු ශේ්‍රණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා විනිවිද පෙනෙන සුලු ක්‍රමවේදයක්‌ සැකසීම හා එහිදී අසාධාරණයන්ට ලක්‌ව ඇති සිසුන්ට කඩිනම් සහන සැලසීම, ප්‍රමාදයන් වළක්‌වා පළමු පාසල් වාරය ආරම්භ වනවිටම සියලුම ළමයින්ට පාසල් ලබාදීම සහතික කිරීම, ජාත්‍යන්තර පාසල් රජයේ අධීක්‍ෂණයට ලක්‌ කිරීම යන යෝජනා ද මේ වනවිට අවසන් කොට ඇත.

තවද ධීවර යාත්‍රා හා දැල් ආම්පන්න සඳහා දැනට පනවා ඇති අධික බදු ඉවත් කිරීම, විදේශ ධීවර යාත්‍රා ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම වැළැක්‌වීම, මත්ස්‍ය අපනයනය සඳහා අහිමිව තිබෙන යුරෝපා වෙළෙඳපොළ නැවත ලබා ගැනීම, මුහුදේ කුණාටු තත්ත්වයන් ධීවරයන්ට කලින් දැන ගැනීම සඳහා කාලගුණ විමර්ශන වැඩපිළිවෙළක්‌ සැකසීම, ඇහිරී ඇති වාරි පද්ධතිය යළි සකස්‌ කිරීම, ගොඩවී ඇති වැව්වල රොන්මඩ ඉවත් කිරීම, පොලිසියේ උසස්‌වීම් ලබා දීමේ ක්‍රමවේදය යළි සකස්‌ කිරීම, පොලිස්‌ නිලධාරීන්ට සිදුව ඇති අසාධාරණකම් යළි නිවැරැදි කිරීම හා පොලිස්‌ නිත්‍ය සේවයේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය ආරක්‍ෂා කිරීම, වතුකර ජනතාව ලයින් කාමර සංස්‌කෘතියෙන් මුදාගෙන ඔවුන්ගේ ඉඩම් අයිතිය හා නිවාස අයිතිය සහතික කිරීම, වතුකරයේ දරුවන්ට දෙමළ මාධ්‍යයෙන් උසස්‌ පෙළ විද්‍යා විෂයයන් හැදෑරිය හැකි ලෙස පහසුකම් සහිත පාසල් ආරම්භ කිරීම, නීති විරෝධී ලෙස ඉඩම්වලින් හා නිවාසවලින් ඉවත් කළ සියලු පුරවැසියන්ට සහන ලබා දීම, කොළඹ නගරයේ ඉඩම් හා නිවාස අහිමි කරන ලද ජනතාවගේ එම දේපළ යළි තක්‌සේරු කර ඒවායේ වටිනාකම දැනට ගෙවන නිවාස ණය මුදලින් අඩු කිරීම, ජනවර්ග අතර ආගම්, අතර අසමගිය වර්ධනය වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම හා කටයුතු කිරීම වැළැක්‌වීමට පියවර ගැනීම, ආගමික ස්‌ථානවලට අවශ්‍ය රැකවරණය දීම, ආගමික සහජීවනය වෙනුවෙන් කටයුතු කරන ආගමික නායකයන්ගෙන් සමන්විත ප්‍රාදේශීය හා ජාතික මණ්‌ඩල පිහිටුවීම, පුරාවිද්‍යා ස්‌ථාන සංරක්‍ෂණයට හා ආරක්‍ෂාවට වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීම, ශ්‍රී දළදා මාළිගාව අවට ඇති සුරාසල් ඉවත් කිsරීම හා පූජා භූමිය අවට කාර් රේස්‌ පැවැත්වීම තහනම් කිරීම, යෝජිත බෞද්ධ විහාර හා දේවාලගම් පනතේ සංශෝධන මහනාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා මත සිදු කිරීම, පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම, ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයක්‌ ඇති කිරීම, සත්ත්ව හිංසනය වැළැක්‌වීමට නීති පැනවීම, රටේ යහපාලනය වෙනුවෙන් කටයුතු කරන පුරවැසි සංවිධානවලට තම කටයුතු නිදහසේ කරගෙන යැමට අවශ්‍ය වාතාවරණය සැකසීම, සියලු කලා මාධ්‍යයන් සහ කලාකරුවන්ගේ නිර්මාණ ඇගයෙන හා ආරක්‍ෂා කෙරෙන ව්‍යුහයක්‌ සැකසීම සියලු ජනමාධ්‍ය ආයතනවල හා ජනමාධ්‍ය වේදීන්ගේ නිදහස ආරක්‍ෂාව තහවුරු කිරීම, මත දැරීමේ හා අදහස්‌ පළ කිරීමේ නිදහස ආරක්‍ෂා කිරීම යන යෝජනා ද මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.
 
Related Posts with Thumbnails