Ads 468x60px

.

සුබ අලුත් අවුරුද්දක් වේවා

අවුරුදු නැකැත් පත්‍රය

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 01.47ට අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 07.23 සිට අපර භාග 08.11 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 අඟහරුවාදා පූර්ව භාග 07.23ට

පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14 වන අඟහරුවාදා පෙර අභාග 01.47 සිට අපරභාග 8.01 දක්වා

පහත දැක්වෙන වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන  අඟහරුවාදා අපර භාග 02.05ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොලවා දී කිරි සහ උක් හකුරු මිශ්‍ර රතු කැකුළු කිරිබතක් ද විළඳ මිශ්‍ර කැවිලිි වර්ගයක්ද පිළියෙළ කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 අඟහරුවාදා අපර භාග 02.42ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15 වන බදාදා ළාකොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්ව භාග 09.06ට දකුණු දිශාව බලා හිසට කොහොඹ පත් පයට කොළොන් පත් ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 22 බදාදා ළාකොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු හා තල මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර පූර්ව භාග 06.42ට නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.

සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම

අප්‍රේල් මස 17 වන සිකුරාදා සුදු නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් අනුභව කර පූර්ව භාග 06.03ට උතුරු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.
 
Related Posts with Thumbnails