Ads 468x60px

.

පිනට ආපු රජය කියලා මාලනීට අපහාස කළැයි කියන සිද්ධිය ගැන මැති ඇමැතිවරු කියන කතා


පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්සේකා මහත්මියට අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේදී අපහාස ලෙස බැණ වැදුණේයෑයි කියනු ලබන සිද්ධිය පිළිබඳව මැති ඇමැතිවරියන් කිහිපදෙනෙක්‌ දැක්‌වූ අදහස්‌ මෙසේය.

ළමා සහ කාන්තා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මිය -

මාලිනී
ෆොන්සේකා මහත්මියට කවුරුත් ආදරය කරනවා. ඇය කවුරුත් පිළිගන්න දක්‍ෂ ජනප්‍රිය කලා ශිල්පිනියක්‌. පාර්ලිමේන්තුවේ දී මාලනී ෆොන්සේකා මහත්මියට සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා අපහාස වන ආකාරයෙන් බැණ වැදුණ බව මට දැන ගැනීමට ලැබුණා.

ඒත් සුජීව සේනසිංහ මහත්මාගෙන් ඒ ගැන මා විමසූ මොහොතේ ඔහු කියා සිටියේ මාලනී
ෆොන්සේකා මහත්මිය පිනට ආපු රජය කියලා
කෑගැසූ නිසා තමා ඇයට පසුගිය රජයේ පින් ලැයිස්‌තුවෙන් පැමිණි බව කියා සිටි නමුත් ඇයට අපහාස නොකළ බවයි.

මා දන්නා තරමට සුජීව සේනසිංහ මහතා කාටවත් අපහාස නොකරන අයෙක්‌. ඕනෑනම් මේ ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන්න කියලා සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණා.

දකුණු පළාත් සභා මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය -

මාලනී
ෆොන්සේකා වැනි අග්‍රගණ්‍ය නිළි රැජිනට කවුරුන් හෝ අපහාසයක්‌ කළේ නම් එය වැරදි සහගතයි.

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා -

අපේ නිළි රැජිනට කවුරු හෝ අපහාසයක්‌ කළේ නම් එය වැරදියි. මාලනී
ෆොන්සේකා වැනි නිළියක්‌ රජයෙන් නඩත්තු කළ යුතු වටිනා කලාකාරිනියක්‌.

ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්‌වර්ණමාලි -

කවරු හෝ කාන්තාවකට අපහාස කරන්නේ නම් ඒ ගැන ඔහු ප්‍රවේසම් විය යුතුයි. මාලනී අක්‌කා රටම අගය කරන වස්‌තුවක්‌.
 
Related Posts with Thumbnails