Ads 468x60px

.

උපේක්ෂාගේ ප්‍රේම සම්බන්ධය ගැන වැඩිදුර තොරතුරු හෙළි කරන්නෙ නැති හේතුව..

උපේක්ෂා දැන් දේශපාලනය කරන්නේ නොකර බැරි කමටද?
මම කවදත් මට ලැබෙන රාජකාරිය කළ කෙනෙක්. එය කලාව හෝ  දේශපාලනය හෝ කවර දෙයකට වුවත් ‍පොදුයි. තමන්ට නාම යෝජනා දුන්නෙ නැත්නම් වහබොනවා කියලා කියපු අයත් අපේ රටේ ඉන්නවා.


මම එතැන නැහැ කියන එකයි මම කියන්නේ. යම් විදියට දේශපාලන යෙන් ඉවත් වෙන්න වුණොත් ඕනෑම වෙලාවක ඊට මම සූදානම්.

ඒක හින්දද මේ දවස්වල උණුසුම් දේශපාලන කතා බහ අතර උපේක්ෂා නිහඬ.
මැතිවරණය එනතුරු ඒ ගැන කතා කරන්න මම කැමති නැහැ. මේ සිදුවන මඩ ගසා ගැනීම් යම් යම්  අනවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීම් මම කොහොමත්  අනුමත කරන්නේ නැහැ. ඒ හිංදා මම නිහඬව ඉන්නවා.


මේ සියලුම කරුණු මැද ඔබේ ජීවිතය තනිකඩව ගෙවිලා යනවා
(හිනැහී) දැන් ඒ තනිකඩ කම නිමා කරල දාන්න ඕන.


ඒ කියන්නේ උපේක්ෂා ළඟඳීම විවාහ දිවියට ඇතුළත් වනවා
දින වකවානු ගැන නම් තවම තීරණය කරල නැහැ. ඒත් ඉතින් මේ වසරේ

සමහර විට මගේ විවාහය සිදුවන්න පුළුවනි.

පෙම්වතා ගැන වැඩිපුර තොරතුරු  මාධ්‍යයට හෙළි කරන්නෙ නැහැ නේද?
(හිනැහී) ඔහු ව්‍යාපාරිකයෙක්. කලාවට සහ දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්. දැනට ඒ තොරතුරු ටික ඇති. ඉදිරියේදී සියලු තොරතුරු  හෙළි කරන්නම්.


ඔහුගේ තොරතුරු වසන් කිරීමට විශේෂ හේතුවක් තියෙනවාද?
කලාකරුවන්, දේශපාලන චරිත ජනතාව අතර ප්‍රසිද්ධයි. ඒ වගේ අයගේ පුද්ගලික තොරතුරු දැනගන්න  මිනිස්සු කැමතියි. අපිට අපේ තොරතුරු ජනතාවට කියන්න සිදු වනවා. අපේ පුද්ගලික ජීවිතයේ යම් යම් විශේෂ දේවල්  සුබ කටයුතු දිහා බලලා සතුටුවන සුබ පතන අය ඉන්නවා. 


ඒ අතර ඊර්ෂ්‍යාවෙන්, කුහක කමින් ඒ   දිහා බලන, අනික් අයගේ ජීවිත අවුල් කරන කඩාකප්පල්කාරී දේවල් කරන්න උත්සහ කරන අයත් ඉන්නවා. අන්න ඒ වගේ අයගේ ප්‍රතිචාර හින්දයි දැනට මගේ ප්‍රේම සම්බන්ධයක්, ගැන වැඩිදුර තොරතුරු හෙළි කරන්නෙ නැත්තේ. ඉදිරියේ දී සියලු තොරතුරු හෙළි කරන්නම්.
 
Related Posts with Thumbnails