Ads 468x60px

.

කොටකෙතන මව මැරූ පුතාගේ පාපොච්චාරණය


කොටකෙතන පුතා රුපියල් 1500කට මව මරා දැමුවාද 

කහවත්ත, කොටකෙතන ප‍්‍රදේශයේදී පුත‍්‍රයා විසින් තම මව ඝාතනය කිරීමට හේතුවී ඇත්තේ පෞද්ගලික ආරවුලක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ පුත‍්‍රයාගේ පේ‍්‍රම සම්බන්ධයක්.

යොවුන් සේනාංකයේ නිවිතිගල මධ්‍යස්ථානයේ පුහුණුව ලබමින් සිට ඇති 18 හැවිරිදි තම පුත‍්‍රයාගේ පේ‍්‍රම සම්බන්ධය පිළිබද මව තොරතුරු දැනගෙන ඇත්තේ ඇය ඝාතනයට ලක්වූ ඉකුත් 5 වනදා උදෑසනයි. 


පසුව එම පේ‍්‍රම සම්බන්ධය නතර කරන ලෙසට මව විසින් පුත‍්‍රයාට අවවාද කරනු ලැබ තිබෙනවා. ඊට දිගින් දිගටම විරෝධය පළ කළ පුත‍්‍රයා, තම පෙම්වතියට ත්‍යාගයක් ලබාදීම සදහා මුදල් අවශ්‍ය බව
පවසමින් මවට ඇවිටිලි කර ඇතැයි සදහන්. මුදල් ලබාදීම මව විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීමත් සමග දිවි නසා ගන්නා බවට පුත‍්‍රයා විසින් තර්ජනය කර ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී හෙළි වුණා.

එහෙත් මව ඊට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. රාතී‍්‍ර අටට පමණ යළි දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබෙනවා. තම පෙම්වතියට ත්‍යාගයක් ලබාදීම සදහා පුත‍්‍රයා මවගෙන් මුදල් ඉල්ලා සිටිම ඊට හේතුවයි. එහෙත් දිගින් දිගටම පුත‍්‍රයාගේ ඉල්ලීම මව විසින් දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කරනු ලැබ තිබෙනවා. 


ඉන්පසුවයි පුත‍්‍රයා පිහියකින් මවට පහරදී ඇත්තේ. කැපුම් තුවාල සහිතව නිවසේ ඇද වැටුණු මවගේ ඇදුම් ගලවා ඉවත් කර ඇත්තේ එය ස්තී‍්‍ර දුෂණයකින් සිදුවූ බවට මවා පෑම සදහායි. පසුව තම මවගේ නිරුවත් සිරුර රැුගෙන ගොස් අසල තිබූ ඇළට දමා ඇති පුත‍්‍රයා, ඝාතනයට යොදාගත් පිහියද ඇළට දමා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වුණා.

මේ අතර තම මව ඝාතනය කළ දිනයේ සැකකරු සහ ඇයගේ පෙම්වතිය අතර කෙටි පණිවිඩ 250 කට වැඩි සංඛ්‍යාවක් හුවමාරු වී ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වුණා.

සැකකරු ඊයේ අත්අඩංගුවට ගැණුනේ පොලිස් මූලස්ථාන අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී එල් ඞී රණවීර මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරුණු විමර්ශන අනුවයි. 39 හැවිරිදි චන්ද්‍රානි ස්වර්ණලතා මහත්මිය ඉකුත් 5 වනදා රාතී‍්‍ර නිවසින් අතුරුදන්ව සිටි අතර ඇයගේ මළ සිරුර පසුදා ඒ අසල ප‍්‍රදේශයේ ඇළක තිබී සොයා ගැණුනා.


කොටකෙතන පුතා රුපියල් 1500කට මව මරා දැමුවාද 

කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ  චන්ද්‍රානි ස්වර්ණලතා නම් දෙදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ 18 හැවිරිදි පුත්‍රයා පොලීසිය විසින් අද (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ. 

කහවත්තේ අභිරහස් ඝාතන පෙළට එකතු වෙමින් තවත් අභිරහසක්ව පැවති මෙම මරණය පිටුපස ඇති අභිරහස අද දින හෙළිවූයේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ 18 හැවිරිදි පුතු පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගය. 

ඒ අනුව ඝාතනය පිලිබඳ සැකකරු පොලීසියට පාපොච්චාරණය කොට ඇති බවත් එම ඝාතනය සිදු කිරීමට මුල් වූයේ සිය මව විසින් රුපියල් 1500 ක මුදලක් ඔහුට ලබා නොදීම හේතුවෙන් බවත් පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි වාර්තා වේ.

මෙම සැකකරු ඔහුගේ මවගේ දේහය ගොඩ ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුනේ මෙවැන්නකි.

‘‘7.45ට විතර මං කාලා කාමරේට යන්න හදනකොට අම්මත් කාමරේට ගියා. අම්මා කාමරේට ගිහින් එහෙන්මම නිදාගත්තා. මමත් ඊට පස්සේ සාලේ ලයිට් නිවලා කාමරේට ගිහින් දොර වහගෙන නිදාගත්තා.

මට එහෙම්ම නින්ද ගියා. තාත්තා 2ට විතර ඇවිත් කතා කළා. කතා කළාම තමයි ඇහැරුනේ. ඊට පස්සේ අම්මා කොයි කියලා ඇහුවා. අම්මා කාමරේ කීවම කාමරේ ඇතුලට ගියා. යනකොට මෙට්ටේ හැමතැනම ලේ තිබුණා. ඊට පස්සේ කුස්සිය පැත්තට යද්දි එතනත් ලේ ගොඩක් තිබුණා.  තාත්තා එක්ක ඊට පස්සේ එහෙන්ම එළියට ඇවිත් මාමලාටත් කතා කරලා පොලිසියට කීවා.‘"
 
Related Posts with Thumbnails