Ads 468x60px

.

ITN නාලිකාවේදී උමතුවෙන් මෙන් හඬමින් කෑ ගැසූ රටම හදුනන පුද්ගලයා.


‘හපෝයි මං දැන් කොහොමද ගෙදර යන්නෙ? මං කොහොමද දැන් ගමේ යන්නෙ? වස්තරයක් ඇඳන් එලියට බැහැලා ඉවරයි. මට විතරක් නෙමෙයි මගේ ගෙදර කට්ටියටත්. බෑ.... බෑ.... බෑ.... මට ගෙදර යන්න බෑ... මට කොට්ටෙකුයි පැදුරකුයි ඔය කොහෙන් හරි දාල දෙන්ඩ. 

මට ගෙදර යන්ඩ කියන්ඩ එපා. ඔයිට වඩා හොඳයි මහත්තයල කට්ටිය එක්කහු වෙලා මාව මරාගෙන කෑවනම්. හපොයි මට පුදුම කරුමයක් දැන් පටිසන් දෙන්නෙ' යනුවෙන් පසුගියදා ITN නාලිකාවේදී රටම හදුනන එක්තරා පුද්ගලයෙකු උමතුවෙන් මෙන් හඬමින් බෑගිරි ගසා ඇත.

එසේ උමතුවෙන් හැසිරී ඇත්තේ ‘රට බේරාගත් එකාගෙන් - රට බේරාගත් එකා' යනුවෙන් මෑත ඉතිහාසයේ විරුදාවලිය ලැබූ සුප්‍රකට ජ්‍යෙතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධනය. ඔහු එසේ උමතුවෙන් හැසිරී
ඇත්තේ පසුගියදා ITN නාලිකාව මෙහෙයවූ ‘සත්‍යාගාරය' වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුවය. 

ඔහු එසේ කියමින් සොයා ඇත්තේ වැඩසටහන මෙහෙයවූ උපුල් ශාන්ත සන්නස්ගලව වුවත්, එවැනි තත්වයක් ඇතිවිය හැකි බව දැනගෙන සන්නස්ගල කලින්ම එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත.

පසුව නිශ්පාදකවරු සහ ආරක්ෂක කලමණාකරුවන් වටවී සුමනදාස අබේගුණවර්ධනව ඉතා අමාරුවෙන් අස්වසා ITN නාලිකාවට අයිති ඩබල් කැබ් රථයක නංවා පොලිස් ආරක්ෂාව සහිතව ඔහු සහ ඔහුගේ රියදුරු ගාල්ල කරා යවා ඇති අතර සුමනදාසගේ වාහනය ITN නාලිකාවේ රියදුරෙකු විසින් ඩබල් කැබ් රථය පසුපසින් පදවා ගෙන ගාල්ල කරා ගොස් ඇරලවා පැමිණ ඇත.

‘සත්‍යාගාරය' වැඩසටහනට අබේගුණවර්ධන මහතා පලකළ අදහස් පහතින් බලන්න

 
Related Posts with Thumbnails